slc
Home   |    News
ජනවාරි 22, 2020
සිම්බාබ්වේට එරෙහි ටෙස්ට් තරගයේ දුටු අලුත්ම අත්දැකීම

Sri Lanka Cricket

By Chamila Karawita 

මෙතෙක් පැවැති ක්‍රිකට් නීති වෙනස් කරමින් ටෙස්ට් තරගයකදී ක්‍රීඩකයකු සැලකිය යුතු මට්ටමේ ආබාධයකට ගොදුරු වුවහොත් අනුප්‍රාප්තිකයා ලෙසින් අතිරේක ක්‍රීඩකයකුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාකරදීමේ නව නීතිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලෝකයට හඳුන්වාදීමෙන් පසු එහි පළමු අත්දැකීම විඳ ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට අද අවස්ථාව උදාවිය. 

ඒ සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතරතුර සිම්බාබ්වේ පිලේ ආරම්භක පිතිකරු කෙවින් කසූසා ආබාධයකට ගොදුරු වීම නිසාය. ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙමින් සිටි 44 වැනි පන්දුවාරයේදී කුසල් මෙන්ඩිස් විසින් එල්ල කරන ලද පහරක් කසූසාගේ කණ ආසන්න ප්‍රදේශයේ වැදීම නිසා රෝහල් ගත කිරීමෙන් පසු ඔහුව පරීක්ෂණයකට භාජනය කෙරිණ. මෙම තත්ත්වය මත ඔහු පන්දු රැකීමෙන් වැළකී සිටියා පමණක් නොව දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට නොපැමිණියේය. 

මෙම තත්ත්වය ප්‍රධාන කොට අතිරේක පිතිකරුවකුට පන්දුවට පහර දීමේ හැකියාව නීතියෙන් උදා වන අතර එම අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රයන් මුඩ්සින්ගන්යමාට හිමිවිය. ලකුණු 157 ක් පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ සිම්බාබ්වේ කණ්ඩායමේ කසූසාගේ අනුප්‍රාප්තිකයා ලෙසින් පිටියට පිවිසි මුඩ්සින්ගන්යමා සිව්වැනි දින අවසන් වන විට ලකුණු 14 ක් ලබා තම කඩුල්ල ආරක්ෂා කරගැනීමට සමත්ව සිටියි.

මේ පිළිබඳව නීති සකස් කිරීමේදී එහි පළමු හිමිකාරයා බවට පත්වූයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවකු ලෙසින් ක්‍රීඩා කරනු ලබන මානුස් ලබුස්චාන්ය. හෙතෙම ඉකුත් 2019 වසරේදී පැවැති අළු බඳුන ක්‍රිකට් තරගාවලිය යටතේ ලෝඩ්ස්හි පැවැති ටෙස්ට් තරගයේදී ස්ටීවන් ස්මිත්ගේ අනුප්‍රාප්තිකයා ලෙසින් පන්දුවට පහර දීමට පැමිණියේය. 

ජොෆ්රා ආචර්ගේ පන්දුවක් ස්මිත්ගේ ගෙළ ප්‍රදේශයේ වැදීම නිසා පන්දුවට පහර දීමේ අවස්ථාව ඔහුට අහිමි වූ අතර එහි වාසිය ලබුස්චාන්ට හිමිවිය. තමන්ට ලැබුණු එම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලබුස්චාන් ලකුණු 59 ක් ලබා ගත්තා පමණක් නොව එංගලන්ත කණ්ඩායම අතේ තිබූ ජයග්‍රහණයෙන් ඔස්ට්‍රේලියානු පිල බේරා ගැනීමටද සමත්වූවේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest