slc
logo
Home   |    News
ජනවාරි 6, 2020
19න් පහළ පිල දඹුල්ලේ පුහුණු තරගවල – 9වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්වෙති

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ මස 9වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට පෙර මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණු තරගවලටත් පුහුණු සැසිවාරයන්ටත් සහභාගිවෙති.

පුහුණු තරග පැවැත්වෙනුයේ 19න් පහළ සංචිතයේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායම් දෙකක් තෝරා ඔවුන් අතර තරග පැවැත්වීමෙනි. ලංකා ක්‍රීඩකයන් සදුදා (හයවැනිදා) ආපසු කොළඹට පැමිණෙන අතර ඉන්පසු දින දෙකක් ඔවුනට තම නිවෙස්වල විවේකීව ගත කිරීමට අවස්ථාව සළසා ඇතැයි කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පවසයි.

දකුණු අප්‍රිකාවේදී මේ මස 17 සිට ලබන 9වැනිදා දක්වා පැවැත්වෙනුයේ 13වන ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියයි. මේ තරගාවලියට තරග 48ක් අයත්වන අතර තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන්නේ දෙවන වතාවටය.

මේ මස 9වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ තරගාවලියට පෙර එහිදී පුහුණු තරග කිහිපයකට ද සහභාගිවීමට නියමිතය. ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ අයත් වන්නේ ‘ඒ’ කොටසටය. එම කොටසේ අනෙක් කණ්ඩායම් වන්නේ ඉන්දියාව නවසීලන්තය සහ ජපානයයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම තරගය මේ මස 19 වැනිදා ඉන්දියාව සමගත් දෙවැනි තරගය 22වැනිදා නවසීලන්තය සමගත් තෙවැනි තරගය 25 වැනිදා ජපානය සමගත් පැවැත්වීමට නියමිතය. ටෙස්ට් තත්ත්වය හිමි රටවල් 11ක කණ්ඩායම් සමග කැනඩාව, ජපානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නයජීරියාව හා ස්කොට්ලන්තය ඊට සහභාගිවෙති. මූලික වටයේ තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට එක් කණ්ඩායමක් එම කොටසේ සෙසු කණ්ඩායම් සියල්ල සමග තරග වදිති.

2018 නවසීලන්තයේ පැවැති 12වන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරාගාවලියේ දී ඉන්දියාව සූරතාවත් ඕස්ට්‍රේලියාව අනුසූරතාවත් දිනා ගත්හ. කොදෙව් දූපත්හි පසුගියදා පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ දී ද උපරිම දස්කම් පෙන්වීමට අපේක්ෂාවෙන් පසුවන බව නායක නිපුන් ධනංජය පවසයි. නිපුන් වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල නියෝජනය කරන සිසුවෙකි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]
  • ලකුණු 99 ක විශිෂ්ඨ ජයක් සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි
    කුසල් මෙන්ඩිස්ගේ වටිනා ශතකයත් වේග පන්දු යවන්නන් වන දුෂ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු […]
  • ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තීරණාත්මකම සාධයකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය තමන්  සතු කරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම අද […]
  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee