slc
Home   |    News
පෙබරවාරි 8, 2020
අන්තර් සමාජ තෙදින තරගාවලිය – දෙවැනි සතිය

Sri Lanka Cricket

සී.සී.සී. – බී. ආර්. සී. 

මිනෝද් භානුකගෙන් පිට පිටම දෙවැනි ශතකයත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය වූ අද (07 දා) ඇරැඹි තරග අතරින් සී. සී. සී. කණ්ඩායම මිනෝද් භානුකගේ ශතකය ප්‍රධාන කොට බී.ආර්. සී, පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී පළමු ඉනිම සඳහා ලකුණු 416 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවීමට සී.සී.සී. පිල සමත්විය. බී.ආර්.සී. පිටියේ පැවැති මෙම තරගයේදී කැපී පෙනුණු භානුක ලකුණු 108 ක් ලබා ගන්නා ලද්දේ පන්දු 105 කට පමණක් මුහුණ දෙමිනි. මෙවර තරගාවලියේදී මිනෝද් භානුක විසින් වාර්තා කරන ලද දෙවැනි ශතකය වූ මෙම ඉනිම සඳහා හේ හයේ පහර 5 ක් සහ හතරේ පහර 10 ක් ඇතුළත් කළේය. ඔහු මෙම ශතකය ලබා ගැනීමට පෙර තරගාවලිය ඇරැඹු පළමු සතියේදී එස්. එස්. සී. පිලට එරෙහිව ලකුණු 114 ක් රැස් කළේය. 

ඔහුට අමතරව රොන් චන්ද්‍රගුප්ත ලකුණු 95 ක් ලබා ගන්නා ලද්දේ පන්දු 117 කට මුහුණ දෙමිනි. මොවුන් දෙනො අතර දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 183 කි. ඔහුට අමතරව වනිඳු හසරංග ලකුණු 63 ක සහ ලසිත් අබේරත්න ලකුණු 84 ක් ලබා ගත්හ. 

පන්දු යැවීමේදී දුවිනිඳු තිලකරත්න ලකුණු 102 කට කඩුලු 6 ක් දවා ගන්නා අතරතුරදී තරිඳු කෞෂාල් ලකුණු 125 කට කඩුලු 4 ක් දවා ගත්හ.  

සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 77.1 කදී ලකුණු 416 යි – (මිනෝද් භානුක 108, ලසිත් අබේරත්න 84, වනිඳු හසරංග 63, රොන් චන්ද්‍රගුප්ත 95, තරිඳු කෞෂාල් 125/4, දුවිනිඳු තිලකරත්න 102/6)

බී. ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 8 කදී ලකුණු 24 යි (සාගර් මංගලෝකාර් 17*)

යුද හමුදාව – කෝල්ට්ස් 

යුද හමුදා ඉනිම ලකුණු 270 ට සීමා වෙයි

කොළඹ කෝල්ට්ස් පිටියේ ඇරැඹි මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 270 ක් රැස් කිරීමට යුද හමුදා කණ්ඩායම සමත්විය. යුද හමුදාව වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කරන ලද්දේ නායක අසේල ගුණරත්න විසින් වන අතර ඔහු ලකුණු 87 ක් ලබා ගත්තේය. ඔහුට අමතරව හිමාෂ ලියනගේ ලකුණු 73 ක් වාර්තා කළේය. මෑතකදී යුද හමුදා කණ්ඩායමට එක්වූ දිනේෂ් චන්දිමාල් ලකුණු 44 ක් ලබා ගත්තේය. 

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 89.3 කදී 270 යි – (දිනේෂ් චන්දිමාල් 44, අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, තුලින ඩිල්ෂාන් 28, ඩිල්රුවන් පෙරේරා 58/5, නිසල තාරක 47/4)

එස්.එස්.සී. – මීගමුව 

මුණවීරගෙන් ශතකයෙන් මීගමුව ප්‍රබල තැනකට

එස්. එස්. සී. පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී පළමු දිනට තරගය නිමා කරන විට මීගමුව කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 338 ක් රැස් කරගෙන සිටියේය. මීගමුව කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මුණවීර ලකුණු 120 ක් රැස් කළ අතර අෂේන් සිල්වා සහ මාධ්‍ය වර්ණපුර ලකුණු 66 බැගින් වාර්තා කළහ. ඒ අතරින් මාධව වර්ණපුර නොදැවී ලකුණු කඩුල්ලේ රැඳී සිටියි.

මීගමුව පන්දුවාර 90 කදී කඩුලු 5 ට ලකුණු 338 යි – (ඩිල්ෂාන් මුණවීර 120, අෂේන් සිල්වා 66, මාධව වර්ණපුර 66*, පසිඳු ලක්ෂංක 30, සාදි නසීම් 32)

එන්.සී.සී. – ලන්කන්ස් 

පැතුම් නිස්සංකගේ පිත්ත යළි ක්‍රියාත්මක වෙයි 

මෙම සති අන්තයේ පළමු දිනයේදී ලකුණු 400 සීමාව ඉක්මවා ගිය දෙවැනි කණ්ඩායම බවට පත්වූයේ එන්. සී. සී. කණ්ඩායමයි. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ලකුණු 129 ක ඉනිමත්, උපුල් තරංග සහ ඇන්ජලෝ පෙරේරා විසින් පිළිවෙළින් ලකුණු 69 ක් සහ 51 ක් වශයෙන් රැස් කරන ලද ඉනිමත් ප්‍රධාන කොට ලන්කන්ස් පිලට එරෙහිව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව එන්. සී. සී. පිලට උදාවිය. 

එන්. සී. සී. පළමු ඉනිම පන්දුවාර 89.5 කදී කඩුලු 6 ට ලකුණු 403 යි – (පැතුම් නිස්සංක 129, ළහිරු උදාර 39, මහේල උඩවත්ත 24, උපුල් තරංග 69, ඇන්ජලෝ පෙරේරා 51, සහන් ආරච්චිගේ 28*)

ටැමිල් යුනියන් – හලාවත මේරියන්ස්

අද ඇරැඹි තරග වලදී පළමු ඉනිම වෙනුවෙන් අඩුම ලකුණු රැස් කරන ලද කණ්ඩායම බවට පත්වූයේ ටැමිල් යුනියන් කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 63.2 කදී ලකුණු 162 කට සීමා කිරීමට අසිත ප්‍රනාන්දු සහ තික්ෂිල ද සිල්වා සමත්වූහ. එහිදී අසිත ප්‍රනාන්දු ලකුණු 50 කට කඩුලු 5 ක් දවා ගනිද්දී තික්ෂිල ද සිල්වා ලකුණු 42 කට කඩුලු 4 ක් බිඳ හෙළීය.

ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 63.2 කදී ලකුණු 162 යි – (තරංග පරණවිතාන 45 ප්‍රසන්න ජයමාන්න 20, මධුක ලියනපතිරණගේ 34, තික්ෂිල ද සිල්වා 42/4, අසිත ප්‍රනාන්දු 50/5)

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest