තෙවැනි සති අන්තය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාජ පළමු පෙළ තුන් දින ඒ කොටසේ ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සති අන්තය අවසානයේ එස්. එස්. සී., බී. ආර්. සී. සහ සැරසන්ස් යන ක්‍රීඩා සමාජ පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
පෙර පැවැති තරග 2 දී පළමු ඉනිමේ පරාජයන් ලබා සිටි එස්. එස්. සී. කණ්ඩායම කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 88 කින් ජය ගැනීමට සමත්වීම සතියේ කැපී පෙනෙන සිදුවීම බවට පත්විය. ඊට අමතරව මුවර්ස් කණ්ඩායමට එරෙහිව බී. ආර්. සී. පිල කඩුලු 2 කින්ද, රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව සැරසන්ස් ක්‍රීඩා සමාජය ඉනිමකින් සහ ලකුණු 110 කින් පරාජයට පත් කිරීමට සමත්වූහ.
බී කොටසේ තරගාවලියේදී කැන්ඩි කස්ටම්ස් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ජය වාර්තා කළහ. මීට අමතරව කේවල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී කෝල්ට්ස් පිලට එරෙහිව එස්.එස්.සී. කණ්ඩායමේ සචිත්‍ර සේනානායක ඉනිම දෙකේදීම කඩුලු පහබැගින් දවා තරගයේදී කඩුලු දහයක්ම දවාලීමට සමත්වීම කැපී පෙනුණි. පන්දුවට පහරදීමේදී ද සචිත්‍ර මුල් ඉනිමේදී හා දෙවන ඉනිමේදී ලකුණු 39ක් හා ලකුණු 33ක් ලබා තරගයේදී තුන් ඉරියව්වේම දක්ෂතා දක්වමිනි.
මීට අමතරව යුද හමුදාවේ දිනේෂ් චන්දිමාල් නොදැවී 163ක් ද එන්.සී.සී.කණ්ඩායමේ මහේල උඩවත්ත නොදැවී 117ක් ද රැස්කිරීමට සමත්විය. සැරසන්ස් කණ්ඩායමේ චාමික එදිරිසිංහ රාගම ක්‍රීඩා සමාජය සමග තරගයේ ලකුණු 55ක් ලබා පසුව දෙවන ඉනිමේදී ලකුණු 32කට රාගම ක්‍රීඩකයන් අටදෙනෙකුම දවාලුවේය
‘ඒ’ කොටස
සැරසන්ස් සහ රාගම
සැරසන්ස් ඉනිමක සහ ලකුණු 110 ක ජයක්
සැරසන්ස් කණ්ඩායමේ තුන්ඉරියව්වේම කැපීපෙනෙන ක්‍රීඩක චාමිකර එදිරිසිංහ පළමු ඉනිමේදී ලකුණු 55ක් ලබා පසුව රාගම දෙවන ඉනිමේදී ලකුණු 32කට කඩුලු 8ක් දවාලීම මත සරසන්ස් පිලට ඉනිමක පහසු ජයක් අත්වූයේ සවස තේ පානයටත් පෙරය. . 29 හැවිරිදි චාමිකර එදිරිසිංහ වමතින් පිත්ත හසුරුවන සහ වමතින් දඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩකයෙකි.
මෙම තරගයේ මුල් ඉනිමේදී සැරසන්ස් කණ්ඩායමේ කසුන් රජිත ලකුණු 31කට කඩුලු 8ක් දවාලුවේය.
රාගම මුල් ඉනිම ලකුණු 119යි – (ළහිරු තිරිමාන්න 28, කසුන් රාජිත 31/8) සහ දෙවැනි ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 144 යි – (ළහිරු තිරිමාන්න 45, ඉෂාන් ජයරත්න 39, උදාර ජයසුන්දර 27, චාමික එදිරිසිංහ 32/8)
සැරසන්ස් මුල් ඉනිම පන්දුවාර 120.1කදී සියලු දෙනා දැවී 373යි – (සිතාර ගිම්මාන් 74, නවිඳු විතානගේ 83, චාමික එදිරිසිංහ 55, අමිල අපොන්සු 40/3, කල්හාර සේනාරත්න 127/6)
මුවර්ස් – බී.ආර්.සී.
බී. ආර්. සී. පිලට කඩුලු 2 ක ජයක්
ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් තිබූ මෙම තරගයෙන් බී.ආර්.සී අවසානයේ ජයගත්තේ සවස තේ පානයට මදකට කළිනි. තියුණු කර සටනක් අවසානයේ බී. ආර්. සී. පිල විසින් මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 2 කින් පරාජයට පත්කළේය.
දෙවන ඉනිමේදී බී.ආර්.සී වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිරිඳු කෞෂල්‍ය ලකුණු 30ට කඩුලු 4ක් සහ දුවිඳු
තිලකරත්න ලකුණු 60 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වීම නිසා මුවර්ස් දෙවැනි ඉනිම ලකුණු 137 කට සීමා විය.
මුවර්ස් පළමු ඉනිම 353යි සහ දෙවැනි ඉනිම මුවර්ස් දෙවන ඉනිම පන්දුවාර 31.1දි සියලුදෙනා දැවී 137යි (පබසර වඩුගේ 74, නිරිදු කෞෂල්‍ය 30/4, දුමිදු තිලකරත්න 60/3)
බී.ආර්.සී මුල් ඉනිම 238යි සහ දෙවැනි ඉනිම පන්දු වාර 61කදී කඩුලු 8ට 253 යි – (නිසල් ෆැන්සිස්කො 60, භානුක රාජපක්ෂ 69, කෙවින් කොත්තිගොඩ 34*, අයන සිරිවර්ධන 72/3, රමේෂ් මෙන්ඩිස් 70/2
එස්.එස්.සී. – කෝල්ට්ස්
එස්. එස්. සී. පිලට ලකුණු 88 ක ජයක්
එස්.එස්.සී.කණ්ඩායමේ සචිත්‍ර සේනානායක මේ තරගයේදී තුන්ඉරියව්වේම දක්ෂතා පෙන්වූයේ කෝල්ට්ස් මුල් ඉනිමේදී ලකුණු 52කට කඩුලු පහක් දවාලීමෙන් සහ දෙවන ඉනිමේදී ලකුණු 59කට කඩුලු පහක් දවාලමිනි. පූර්ණ තරගයේ කඩුලු 10 ක් වාර්තා කර ගැනීමට සමත්වීඹ හැරෙන්න පන්දුවට පහරදෙද්දී ඉනිම දෙකේදී ලකුණු 39ක් සහ 33ක් ලබාගනිමිනි.
එස්.එස්.සී.පළමු ඉනිම පන්දුවාර 76කදී 301යි සහ දෙවැනි ඉනම පන්දුවාර 58.5දී සියලුදෙනා දැවී 175 යි – (නුවනිදු ප්‍රනාන්දු 21, සචිත්‍ර සේනානායක 33, සංජුල ආරච්චිගේ 32, අකාෂ් සේනාරත්න 27*, ප්‍රභාත් ජයසූරිය 53/4, දිල්රුවන් පෙරේරා 45/ 4)
කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 58.1කදී 183යි – (හේෂාන් ධනුෂ්ක 66, ධනංජය ලක්ෂාන් 26, දිල්රුවන් පෙරේරා 25, සචිත්‍ර සේනානායක 52/5, අකාෂ් සේනාරත්න 24/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 73.2දී 205යි – (බිෂාඩ් රන්දික ද සිල්වා 66, ධනංජය ලක්ෂාන් 54, සචිත්‍ර සේනානායක 59/5, ධම්මික ප්‍රසාද් 27/2,ජෙෆ්රි වැන්ඩර්සි 27/ 2)
එන්.සී.සී. – හලාවත මේරියන්ස්
එන්.සී.සී.ට පළමු ඉනිමේ ජය
එන්.සී.සී.පළමු ඉනිම 312යි (පන්දු වාර 79යි) සහ දෙවැනි ඉනිම පන්දුවාර 78.1දී කඩුලු 8ක් දැවී 314 යි – (පැතුම් නිස්සංක 73, මහේල උඩවත්ත 117*, ළහිරු උදාන 75, නිමේෂ් විමුක්ති 86/4, ලසිත් කෲස් පුල්ලේ 35/3)
හලාවත මේරියන්ස් පළමු ඉනිම 304යි පන්දුවාර 88.1යි – (ෂෙහාන් ජයසූරිය 120, පුලින තරංග 56, සනෝජ් දර්ශික 38,ලසිත් කෲස් පුල්ලේ 36, දිලේෂ් ගුණරත්න 52/5, චතුරංග ද සිල්වා 105/3)
මීගමුව – යුද හමුදාව
මීගමුවට පළමු ඉනිමේ ජයක්
යුද හමුදවේ දිනේෂ් චන්දිමාල් දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 163ක් ලබාගැනීමට සමත්විය.
යුද හමුදාව මුල් ඉනිම 155යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 97.5 කදී ලකුණු 398 යි – (දිනේෂ් චන්දිමාල් 163*, පැතුම් දිල්ෂාන් 91, ලක්ෂාන් එදිරිසිංහ 38, රොෂේන් ප්‍රනාන්දු 60/3, දිල්ශාන් මුනවීර 27/2)
මීගමුව ක්‍රීඩා සමාජය මුල් ඉනිම කඩුලු 9ට 484යි – (දිල්ෂාන් මුනවීර 40,අෂේන් සිල්වා 67, ඇන්ජලෝ ජයසිංහ 87,සාඩ් නසිම් 139,උපුල් ඉන්ද්‍රසිරි 63, දුෂාන් විමුක්ති 83/2 සීක්කුගේ ප්‍රසන්න 146/2)
“බී” කොටස
කැන්ඩි කස්ටම්ස් – කලුතර
මහනුවර ආගමන විගමන කණ්ඩායම ඉනිමක සහ ලකුණු 24 ක ජයක්
මහනුවර ආගමන විගමන කණ්ඩායමේ සම්පත් පෙරේරා මුල් ඉනිමේදී කඩුලු තුනක්ද දෙවන ඉනිමේදී කඩුලු හතරක්ද දවා සම්පූර්ණ තරගයේදී ලකුණු 91කට කඩුලු හතක් දවාලීමට සමත්විය. මීට අමතරව මහනුවර කණ්ඩායමේ සී.කුරාන් ඉනිම දෙකේදීම කඩුලු දෙක බැගින් දවාලූවේය.
මහනුවර ආගමන විගමන පළමු ඉනිම කඩුලු 9කට 443යි. (අකිල ඉන්හම් 148, ඉයන් සිං 79)
කලුතර නගර කණ්ඩායම පළමු ඉනිම 237යි – (හෙෂාන් විමලධර්ම 39, කෙවින් පීරිස් 66, එරංග රත්නායක 45, හසිත් නිර්මාල් 46, සම්පත් පෙරේරා 44/3,සී.කුරාන් 64/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 62.3දී සියලුදෙනා දැවී 182 යි – (චාමර සිල්වා 38, හසිත් නිර්මාල් 79, සම්පත් පෙරේරා 47/4,සී.කුරාන් 31/2)
වරාය අධිකාරිය – ගුවන් හමුදාව
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉනිමකින් හා ලකුණු 219කින් ගුවන් හමුදාව පරාජය කර දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය. වරාය අධිකාරිය කණ්ඩායම වෙනුවෙන් මේ තරගයේදී ඉෂාන් රංගන, රමේෂ් නිමන්ත, රංජීව වීරසිංහ සහ චමින්ද බණ්ඩාර දස්කම් දැක්වූහ.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉනිම කඩුලු 8ට 420යි – (ඉෂාන් රංගන 73, රමේෂ් නිමන්ත 62, ගයාන් ද සිල්වා 86/3)
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් ඉනිම 78යි (පන්දුවාර 28.2යි) – (රවිදු සෙම්බුකුහෙට්ටිගේ 25, රජීව වීරසිංහ 20/5) සහ දෙවැනි ඉනිම පන්දුවාර 40.1කදී 123යි – (මාධව නිමේෂ් 43, උදයවංශ පරාක්‍රම 20,චමින්ද බණ්ඩාර 20/4, චානක කොමසාරු 45/3)
ගාල්ල – පානදුර
මේ තරගය ජය පැරැදුමින් තොරව නිමවූවත් ගාල්ල ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජය අත්විය.
ගාල්ල පළමු ඉනිම 175යි සහ දෙවැනි ඉනිම සියලුදෙනා දැවී 216යි – (මන්සූර් අම්ජාඩ් 54, ඩී.හුනුකුඹුර 39*, ඩී.ජයතිස්ස 61/4)
පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉනිම 161යි සහ දෙවැනි ඉනිම කඩුලු 6ට 146 යි – (චන්න ද සිල්වා 52, අහමඩ් ජමාල් 46/3)
නුගේගොඩ – කරුණෑගල
නුගේගොඩට පළමු ඉනිමේ ජයක්
නුගේගොඩ කණ්ඩායමේ පැතුම් මධුශංඛ මේ තරගයේදී ලකුණු 118ක් රැස් කිරීමට සමත්විය.
නුගේගොඩ පළමු ඉනිම 413යි – (පැතුම් මධුශංඛ 118, ප්‍රමුද් හෙට්ටිවත්ත 85, ඉරෝෂ් සමරසූරිය 50, පී.ජයරත්න 91/2, එම්.පෙරේරා 97/4) සහ දෙවැනි ඉනිම කඩුලු 1ට 106යි)
කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම පළමු ඉනිම 300යි. (පන්දුවාර 86.3යි) – (සංදීප් කුන්චිකෝ 69, එච්.දිල්ෂාන් 113ට 6යි.)
නාවික හමුදාව – සෙබස්තියනයිට්ස්
සෙබස්තියනයිට්ස් ට මුල් ඉනිමේ ජය
නාවික හමුදාව පළමු ඉනිම 153යි සහ දෙවන ඉනිම 273 යි – (ශවිඳු දිනසානායක 43, තුර්ෂාන් ඉද්දමලගොඩ 45, ඩබ්. මයන්ත 27, තරූෂ ප්‍රනාන්දු 27, ශලිත් ප්‍රනාන්දු 31, සවිඳු පීරිස් 37, නවීන් ගුණවර්ධන 107/5, රනේෂ් පෙරේරා 31/2)
සෙබස්ටියනයිට්ස් පළමු ඉනිම 166යි දෙවන ඉනිම කඩුලු 5ට 199යි – (තිලංක ද සිල්වා 47, එස්. ප්‍රනාන්දු 32, රනේෂ් පෙරේරා 59*, දසුන් සෙනෙවිරත්න 31*, ඩිලංක අවුරිත් 67/4)
බන්දුල මොල්ලිගොඩ