slc
logo
Home   |    News
පෙබරවාරි 14, 2020
දිස්ත්‍රික් තරු ඇගැයෙන කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සම්මාන උළෙල 15 දා

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතාගේ සංකල්පයකට අනුව මෙරට දිස්ත්‍රික්ක පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින ක්‍රීඩකයින් සහ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇප කැපව සේවය කරන ලද පිරිස දිරිගැන්වීමේ අරමුණ ඇතිව දිස්ත්‍රික්ක පුරා පවත්වනු ලබන සම්මාන ප්‍රදානෝත්සව වැඩසටහන් මාලාවේ කළුතර දිස්ත්‍රික් ත්‍යාග ප්‍රදානෝත්සවය පෙබරවාරි මස 15 වැනිදා (සෙනසුරාදා) ප.ව. 6 සිට බණ්ඩාරගම කිදෙල්පිටිය කැම්වෙල්ටා උත්සව ශාලාවේදී පැවැත්වේ.

මෙවැනි ආකාරය සම්මාන උත්සවයක් කළුතර දිස්ත්‍රික්කයේ පවත්වනු ලබන පළමු අවස්ථාව බවට පත්වන මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විනිසුරුවරුන් මෙන්ම ඒ සඳහා ඇප කැපව සේවය කරන ලද සුවිශේෂී පුද්ගලයින් ඇගැයීමට ලක් කෙරෙනු ඇත. මේ සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන අමුත්තන් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් සහභාගිවීමට නියමිතය.

බස්නාහිර පළාත් සභාවේ අනුදැනුම ඇතිව කළුතර දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමය විසින් මෙම සම්මාන උළෙල මෙහෙයවනු ඇත. ඒ අනුව කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පවත්වන ලද අවුරුදු 15 න් සහ 19 න් පහළ දිස්ත්‍රික් තරගාවලියන්ගේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් සහ පාසල් මට්ටමේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් මෙන්ම දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයට අනුබද්ධ, තෙවැනි පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරනු ලැබූ ක්‍රීඩා සමාජයන්හි දක්ෂතා දක්වන ක්‍රීඩකයින් එදින සම්මාන ලබනු ඇත.

මේ අතර මෙම ක්‍රිකට් සම්මාන උළෙලේ විශේෂ අවධානයක් යොමු වුණු සම්මානයක් වන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ඨතම සේවාව අගයමින් ජීවිතයට එක් වරක් පමණක් පිදෙන ඇගැයීම් සම්මානයක්ද පිරිනැමීමට නියමිතව තිබේ. මෙම සම්මාන ලාභීන් තෝරා ගැනීමේ වගකීම අදාළ දිස්ත්‍රික් වෙත ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද කමිටුවක් හරහා සම්මානලාභීන් තෝරාගෙන තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීපව්‍යාප්තව සංවිධානය කරන පුහුණුකරුවන් අධ්‍යනය සහ දැනුවත් කිරීමේ වැඩසටහන් මාළාවේ දිස්‍ත්‍රික් මට්ටමින් සාර්ථකව අවසන් කරන ලද පුහුණුකරුවන්ද මෙහිදී ඇගැයීමකට ලක් කෙරෙනු ඇත.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee