slc
Home   |    News
පෙබරවාරි 19, 2020
දෙවැනි පුහුණු තරගය මෙහෙයවීම වගකීම ළහිරු තිරිමාන්නට

Sri Lanka Cricket

පළමු පුහුණු තරගයට නම් කරන ලද කණ්ඩායමට සාපේක්ෂව අත්දැකීම් අතින් ඉදිරියෙන් පසුවන ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙට (20 දා) පැවැත්වීමට නියමිත දෙවැනි සහ අවසන් පුහුණු එක්දින තරගය සඳහා නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. 14 දෙනෙකුගෙන් සමන්විත නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය සඳහා ළහිරු තිරිමාන්නව පත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

නම් කරන ලද කණ්ඩායමට හිටපු ටෙස්ට් නායකයකු වන දිනේෂ් චන්දිමාල් ද ඇතුළත්ව සිටින අතර ඔහුට අමතරව පළමු පුහුණු තරගයේදී ලකුණු 64 ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අසේල ගුණරත්නද ඇතුළත්ව සිටිති. ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම සඳහා නම් කරන ලද කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකු හෙට පැවැත්වෙන තරගය සඳහා නම් කිරීමද විශේෂත්වයක් වී තිබේ. අසේල ගුණරත්නට අමතරව පැතුම් නිස්සංක, අසිත ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, තික්ෂිල ද සිල්වා සහ පුලින තරංග කණ්ඩායම් 2 ටම ඇතුළත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු පුහුණු තරගය ජය ගැනීම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග මෙම තරගයේදී විවේක ගන්වා තිබෙන අතර ඔහු වෙනුවට දේශීය තරග මාලාවේ ශතක 2 ක් සමඟින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වූ මිනෝද් භානුක කණ්ඩායමට එක් කීරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන මිනෝද් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය යටතේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී සිය එක්දින සහ විස්සයි-20 මංගල තරග වරම් දිනා ගැනීමට සමත්වූ ක්‍රීඩකයෙකි. මිනෝද්ට අමතරව භානුක රාජපක්ෂ, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, කසුන් රජිත සහ විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක්ව සිටින සෙසු ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම  – ළහිරු තිරිමාන්න (නායක), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්ෂ, අසේල ගුණරත්න, මිනෝද් භානුක, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, අසිත ප්‍රනාන්දු, කසුන් රජිත, විශ්ව ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, තික්ෂිල ද සිල්වා සහ පුලින තරංග.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest