slc
Home   |    News
පෙබරවාරි 22, 2020
මනෝජ් සහ තීක්ෂිල ශතක රැස් කරති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් ‘ඒ’ කොටසේ තරගාවලියේ සී.සී.සී. සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගයේදී සී.සී.සී.කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණකින් ඉදිරියෙන් සිටි අතර මලින්ද පුෂ්පකුමාර තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය. සී.සී.සී. නායක අෂාන් ප්‍රියංජන් ලකුණු 24කට කඩුලු 6ක්  බිද දැමීය.

මීට අමතර මනෝජ් සරත්චන්ද්‍ර (ටැමිල් යූනියන්) ලකුණු 113ක්ද හලාවත මේරියන්ස් කණ්ඩායමේ තීක්ෂිල ද සිල්වා නොදැවී ලකුණු 119ක් ද රැස් කළහ.

සී.සී.සී. – මීගමුව

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පිටියේ පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සී.සී.සී. කණ්ඩායම ලබාගත් ලකුණු 142 කට පිළිතුරු ලෙස මීගමුව ක්‍රීඩා සමාජය සියලු පිතිකරුවන් ලකුණු 141කට දැවී ගියහ. ඒ අනුව සී. සී. සී. පිලට එක් ලකුණක තියුණු පළමු ඉනිමේ ජයක් හිමිවීම කැපී පෙනුණි. සී. සී. සී, පිල වෙනුවෙන් කැපී පෙනුණු පන්දු යැවීමක නිරත වුණු නායක අෂාන් ප්‍රියන්ජන් ලකුණු 24 ක් ඇතුළත ප්‍රතිවාදී පිලේ කඩුලු 6 ක් දවා ගැනීම විශේෂත්වයක් විය. ඔහුට අමතරව ලසිත් අබේරත්න ලකුණු 59ක් ලබා පිත්තෙන් දස්කම් දැක්වීය.

සී.සී.සී. පළමු ඉනිම පන්දුවාර 43දී ලකුණු 142යි (ලසිත් අබේරත්න 59, මලින්ද පුෂ්පකුමාර 35, රොමේෂ් ප්‍රනාන්දු 22/3, දිල්ෂාන් මුනවීර 23/2, සහන් ආරච්චිගේ 25/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී ලකුණු 26 යි.

මීගමුව පන්දුවාර 35.5දී සියලු දෙනා දැවී 141යි (පසිඳු ලක්සංක 43, මාධව වර්ණපුර 17, අෂාන් ප්‍රියංජන් 24/6, මාලින්ද පුෂ්පකුමාර 58/4)

ටැමිල් යූනියන් – රාගම

ටැමිල් යූනියන් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර, ලකුණු 113ක් ලබා මෙවර තරගාවලියේ ශතක ලාභීන්ගේ සමාජයට එක්විය. රන්මිත් ජයසේන සහ කිත්රුවන් විතානගේ මෙදින අර්ධ ශතක රැස්කළහ.

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 90දී 369/6 – (මනෝජ් සරත්චන්ද්‍ර 113, රන්මිත් ජයසේන 81, කිත්රුවන් විතානගේ 77යි, ඉෂාන් ජයරත්න 72/2, කල්හාර සේනාරත්න 102/2)

කෝල්ට්ස් – මුවර්ස්

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදි කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් කරා යෑමට අවස්ථාව නොලැබිණි. මුවර්ස් කණ්ඩායමේ චතුර රන්දුණු ලකුණු 42 කට කඩුලු 5 ක් දවාලීමට සමත්විණි.

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 71.3දී 214යි – (හේෂාන් ධනුෂ්ක 49, සධීර සමරවික්‍රම 37, සන්තුෂ් ගුණතිලක 34, චතුර රන්දුනු 42/5, රමේෂ් මෙන්ඩිස් 27/2)

මුවර්ස් පන්දුවාර 18දී කඩුලු දෙකක් දැවී ලකුණු 43යි – (දිනුක දිල්ෂාන් 19*)

හලාවත මේරියන්ස් – බදුරලිය

කටුනායකදී පැවැති මේ තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ තික්ෂිල ද සිල්වා නොදැවී ලකුණු 119ක් රැස්කර ගැනීමට සමත්විය. බදුරලිය කණ්ඩායමේ ළහිරු සමරකොන් ලකුණ86කට කඩුලු 5 ක් දවාලූවේය.

හලාවත මේරියන්ස් පළමු ඉනිම 206යි (තික්ෂිල ද සිල්වා 119*, ඕෂද ප්‍රනාන්දු 24, ළහිරු සමරකෝන් 86/5, බුද්ධික සංජීව 55/2, ටී.එන්.සම්පත් 58/2)

බදුරලිය කඩුලු 2ට 128 යි (යශෝධ ලංකා 51, තුසිත ප්‍රනාන්දු 65/2)

සැරසන්ස් – ලන්කන්ස් 

මේ තරගයේදී ලන්කන්ස් කණ්ඩායමේ මාලිංග අමරසිහ ලකුණු 76ක් ලබාගත් අතර සැරසන්ස් කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ ලකුණු 61කට කඩුලු 4ක් දවාලූවේය.

ලන්කන්ස් පළමු ඉනිම පන්දුවාර 73දී සියල්ල දැවී 229යි -(මාලිංග අමරසිංහ 76, කසුන් අබේරත්න 33, චාමිකර එදිරිසිංහ 61/4)

සැරසන්ස් පන්දුවාර 3.5කදී කිසිවෙකු නොදැවී 28

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest