slc
Home   |    News
පෙබරවාරි 18, 2020
යොවුන් පිලේ අවිශ්ක තරිඳු ලකුණු 350 ක් ලබා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩක අවිෂ්ක තරිඳු සමත්විය.

අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල් පිල නියෝජනය කරනු ලබන අවිශ්ක කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 350 ක් ලබා ගනිමින් එම සුවිශේෂී ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය. පන්දු 285 කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද එම සුවිශේෂ ඉනිම සඳහා අවිෂ්ක හතරේ පහර 56 ක් සහ හයේ පහර 3 ක් එල්ල කර තිබුණි.

අවිෂ්කගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා පාසල් පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 සීමාව ඉක්මවන ලද තෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වුවත් ලකුණු 350 සීමාව ඉක්මවන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේද සාමාජිකයකු වන අවිශ්ක ක්‍රීඩා කරන ලද මෙම සුවිශේෂී ඉනිමත් සමඟ අවසන් ඉනිම 4 ඇතුළත ලකුණු 673 ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙනෙයි.

අවිශ්කට ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරගවලදී ලකුණු 300 සීමාව ඉක්මවා ලූ අනෙක් පිතිකරුවන් යුගලය වන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද දකුණත් පිතිකරු ඉන්දික ද සේරම් සහ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරන ලද ධම්මික වාස් ගුණවර්ධන වේ. මාතර ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරන ලද සේරම් 1993 වසරේදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 304 ක් ද ධම්මික 1996 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කරමින් මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 310 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ.

දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක දකුණත් මඳ වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන අතරම අවශ්‍ය අවස්ථාවන්හිදී කඩුලු රැකීමේ කාර්යයේද නිරත විය හැකි ක්‍රීඩකයෙකි. 2001 වසරේ අප්‍රේල් 26 වැනි දින මෙලොව එළිය දුටු අවිශ්ක මෙම ඉනිමට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 4 දී, රත්ගම දේවපතිරාජයටඑරෙහිව ලකුණු 181 ක්, කුරුණෑගල මලියදේවයට එරෙහිව ලකුණු 80 ක් සහ මහනුවර සිල්වෙස්තර විදුහලට එරෙහිව නොදැවී ලකුණු 62 ක්ද රැස් කිරීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest