slc
Home   |    News
පෙබරවාරි 20, 2020
රොස්ටන් චේස් කොදෙව් පිල දිනවයි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Katunayaka 

පන්දු 113 කදී රොස්ටන් චේස් රැස් කරන ලද ලකුණු 136 ක වටිනා ශතකය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට එරෙහිව හලාවත එම්. සී. ජී. ක්‍රීඩා පිටියේ පැවැති නිල පෙරහුරු එක්දින තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අද (20 දා) අවස්ථාව ලැබිණ.  

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලබා දුන් ලකුණු 277 ක ඉලක්කය හඹා ගිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුලු 2 ම ලකුණු 47 කදී බිඳ දැමීමට වේග පන්දු යවන්නන් සමත් වුවත් කොදෙව් පිලේ ගැළවුම්කරුවා බවට පත්වූ චේස් දෙපිළේම ලකුණු සංඛ්‍යාව සමාන වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. ඉනිමේ වැඩිම ගෞරවයක් හිමි පිතිකරුවා බවට පත්වූ චේස් විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ අහිමි කරගනිද්දී තම ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් සරසාගෙන සිටියේය.

කණ්ඩායමේ සිටින විශ්වාසනීයම පිතිකරුවා වූ ඩැරන් බ්‍රාවෝගේ කඩුල්ල විශ්ව ප්‍රනාන්දු විසින්ද දවා ගනු ලැබුවද වැඩි කලබලකයක් නොපෙන්වූ රෝස්ටන් චේස් සහ ෂායි හෝප් ලකුණින් ලකුණ එකතු කරගනිමින් තණතීරුව තුළ ස්ථාවරත්වයක් ගොඩනඟා ගත්හ. ශතකලාභී චේස්ට ආරම්භයේදී  තරමක් ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළ ෂායි හෝප් එම සම්බන්ධාතාවයේදී පෙරමුණ ගත්හ. එහෙත් අමිලඅපෝන්සු විසින් හෝප්ව ලකුණු 85 කට දවා ගැනීමට සමත් වද්දී  තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූහ. තම ලකුණු 85 ක ඉනිම සඳහා පන්දු 102 කට මුහුණ දුන් හෝප් ඒ සඳහා හතරේ පහර 11 ක් එල්ල කළේය. මොවුන් දෙදෙනාගේ පිතිහරඹය ප්‍රධාන කොට 46 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වද්දී කඩුලු 7 ක් සහ පන්දු 21 ක් කොදෙව් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ. 

ලකුණු 74 කට කඩුලු 4 ක් වැටී තිබියදී අසේල ගුණරත්නට එක්වූ මිනෝද් භානුක සභාපතිවරයාගේ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම වෙනුවෙන් ප්‍රධාන කාර්යය භාරයක් ඉටු කළේය. පන්දු 63 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ලෙසින් ගොඩනැංවුණු එම සම්බන්ධතාවයේදී ලකුණු 47 ක් ලබා සිටියදී අසේල ගුණරත්නගේ ඉනිම නිමාවට පත් වුවත් සිය සටන අත් නොහළ මිනෝද් භානුක, සභාපතිවරයාගේ කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමේ කාර්යයේ නිරත විය. පන්දු 56 කින් සමන්විත අසේලගේ ඉනිම සඳහා හතරේ පහර 4 ක් පමණක් ඇතුළත්විය. 

ෆේබියන් ඇලන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රැකි ෂායි හෝප් අතට උඩ පන්දුවක් දී අසේල ගුණරත්න දැවී ගියද රමේෂ් මෙන්ඩිස් සමඟ එක්වූ මිනෝද් භානුක 6 වැනි කඩුල්ල වෙනුවෙන් යළිත් ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. පන්දු 93 කදී වාර්තා වුණු එම සම්බන්ධාතාවය බිඳ වැටුණේද අසේල ගුණරත්න මෙන් කඩුලු රකින ෂායි හෝප්ට මිනෝද් භානුකද උඩ පන්දුවක් ලබා දීමෙනි. එම දැවී යෑම් දෙක අතර වූ එකම වෙනස්කම බවට පත්වූයේ භානුක දැවී යන අවස්ථාවේ පන්දු යවන ලද්දේ කීන් පෝල් වීම පමණි.

ලකුණු 69 ක් ලබා ගත් මිනෝද් මුහුණ දුන් 88 වැනි පන්දුවේදී  දැවී යද්දී හයේ පහරක් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සරසාගෙන තිබුණි. හතරේ පහරකින් සිය අර්ධ ශතකය වාර්තා කරගත් වමත් පිතිකරුවා සභාපතිවරයාගේ කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත්විය. ලකුණු 226 ක්ව තිබියදී මිනෝද් පිටියෙන් ඉවතට ගියත් ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත් රමේෂ් මෙන්ඩිස් තම ඉනිම ලකුණු 64 ක් දක්වා ඉහළ දමා ගන්නා ලද්දේ අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන ලද රොමාරියෝ ෂෙපර්ඩ්ගේ අවසන් පන්දු 2 ට හතරේ සහ හයේ පහරක් එල්ල කරමිනි. ඉනිමේ වැඩිම හයේ පහර ලාභියා හෙවත් හයේ පහර 2 ක් සහ තවත් හතරේ පහර 5 ක හිමිකරුවා වූ රමේෂ් මෙන්ඩිස් සිය ඉනිම සඳහා පන්දු 63 ක් පමණක් වැය කළේය. 

මුලු ලකුණු සංඛ්‍යාව 47 ක්ව තිබියදී ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට නම් කරන ලද අත්දැකීම් බහුලම පිතිකරුවන් යුගලය වූ ළහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් ක්‍රීඩාගාරයේ අසුන් ගද්දී ජාත්‍යන්තර තලයට අතපොවන මායිමේ රැඳී සිටින පැතුම් නිස්සංක සිය අඩිහයහමාරකට වඩා වැඩින් උස ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නන්ට රිසිසේ පිත්ත හසුරුවන ලද්දේ හතරේ පහර 5 කින් තම ඉනිම සරසා ගනිමිනි. ලකුණු 41 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 43 කට පමණක් මුහුණ දුන් කුඩා දකුණත් පිතිකරුවා ලබා ගන්නා ලද ලකුණු වලින් සැලකිය යුතු සංඛ්‍යාවක් මනරම් පුල් පහර වලින් ලබාගත්‍තේය.

පෙරළා පැමිණි අසීරු උඩ පන්දුව විශිෂ්ඨ ලෙස රැකගත් පන්දු යැවූ රොස්ටන් චේස් පැතුම්ගේ ඉනිම ලකුණු 41 කදී නිම කරද්දී අනතුරුව පිටියට පැමිණි භානුක රාජපක්ෂගේ කඩුල්ල දවා ගන්නා ලද්දේ ක්‍රිකට් සභාපතිවරයාගේ ඉනිම අසීරුතාවයට පත් කරමිනි. එක්දින තරගාවලියට පෙර දක්ෂතා මැන බැලීම සඳහා භානුක රාජපක්ෂට මේ තරගයේදී අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව පියවර ගත් නුමුදු ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 05 ක් පමණි.

ලකුණු පුවරුව
ක්‍රිකට් සභාපතිවරයාගේ පිල
පැතුම් නිස්සංකඇ.සහප.රොස්ටන් චේස්41
ළහිරු තිරිමාන්නඇ.කිරන් පොලාර්ඩ්ප.ජේසන් හෝල්ඩර්04
දිනේෂ් චන්දිමාල්
ප.කීමා පෝල්05
අසේල ගුණරත්නඇ.ෂායි හෝප්ප.ෆේබියන් ඇලන්47
භානුක රාජපක්ෂඇ.ඩැරන් බ්‍රාවෝප.රොස්ටන් චේස්05
මිනෝද් භානුකඇ.ෂායි හෝප්ප.කීමා පෝල්69
රමේෂ් මෙන්ඩිස්නොදැවී
64
අමිල පෝන්සුකඩුල්ල මුවා කළාප.හේඩ්න් වෝල්ෂ්01
කසුන් රජිතදුවද්දී දැවී ගියාකීමා පෝල්06
විශ්ව ප්‍රනාන්දුනොදැවී
03
අතිරේක31
එකතුව පන්දුවාර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු276
කඩුලු වැටීම – 1-21 (තිරිමාන්න), 2-47 (චන්දිමාල්), 3-62 (පැතුම්), 4- 74 (රාජපක්ෂ), 5-143 (අසේල), 6-226 (මිනෝද්), 7-239 (අමිල), 8-246 (කසුන්), 
පන්දු යැවීම 
රොමාරියෝ ෂෙපර්ඩ් 9-0-62-0ජේසන් හෝල්ඩර් 8-1-34-1
කීමා පෝල් 9-0-45-2රොස්ටන් චේස් 9-1-57-2
හේඩ්න් වෝල්ස් 7-0-44-1ෆේබියන් ඇලන් 5-1-17-1
කිරන් පොලාර්ඩ් 3-0-14-0
බටහිර ඉන්දීය කොදෙව් පිල
බ්‍රෙන්ඩන් කිංඇ.මිනෝද් භානුකප.අසිත ප්‍රනාන්දු07
ෂායි හෝප්කඩුල්ල මුවා කළාප.අමිල අපෝන්සු85
ඩැරන් බ්‍රාවෝඇ.මිනෝද් භානුකප.විශ්ව ප්‍රනාන්දු03
රොස්ටන් චේස්
ප.විශ්ව ප්‍රනාන්දු136
සුනිල් අම්බ්‍රිස්නොදැවී
34
ෆේබියන් ඇලන්නොදැවී
00
අතිරේක12
එකතුව පන්දුවාර 46.3 කදී කඩුලු 4 ක්දැවී ලකුණු277
කඩුලු වැටීම – 1-20(කිං), 2-35 (බ්‍රාවෝ), 3-168 (හෝප්), 4-276 (චේස්)
පන්දු යැවීම 
අසිත ප්‍රනාන්දු 7.2-0-39-1විශ්ව ප්‍රනාන්දු 8.3-0-56-2
කසුන් රජිත 10-0-66-0අමිල අපෝන්සු 10-047-1
රමේෂ් මෙන්ඩිස් 4.4-0-25-0අසේල ගුණරත්න 6-0-41-0

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest