slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2020
සඳුන් සහ රන්දිකගෙන් ශතක ලබද්දී නාවික හමුදාව සහ ගාල්ල කළින්ම ජය ලබති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනායේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තයේ දෙවැනි දිනය වූ ඊයේ (08 දා) ‘ඒ’ කාණ්ඩයේ තරග වලදී එස්. එස්. සී. කණ්ඩායමේ සඳුන් වීරක්කොඩි සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ රන්දික ද සිල්වා ශතක වාර්තා කිරීමට සමත්වූහ. 

මීගමුව ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත්වෙන තරගයේදී වීරක්කොඩි ලකුණු 114 ක්ද යුද හමුදාවට එරෙහිව පැවැත්වෙන තරගයේදී රන්දික ද සිල්වා ලකුණු 122 ක්ද ලබා ගත්හ. 

මේ අතර ‘බී’ කාණ්ඩය යටතේ නාවික හමුදාව විසින් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 65 කින්ද ගුවන් හමුදාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 20 කින් ගාල්ල කණ්ඩායමද ජය වාර්තා කිරීමට සමත්වූහ. 

එන්.සී.සී. – ලන්කන් සී.සී.

එන්.සී.සී කණ්ඩායම මේ තරගයේදී මුල් ඉනිමේදී කඩුලු 9කට ලකුණු 511ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ. 

 එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 107.2කදී කඩුලු 9ට 511යි – (සහන් ආරච්චිගේ 64, චාමික කරුණාරත්න 63, චානක රුවන්සිරි 57/3, ගීත් කුමාර 71/ 2)

ලන්කන් ක්‍රිකට් සමාජය පළමු ඉනිම පන්දු වාර 69කදී කඩුලු 4ක් දැවී 249යි – (ප්‍රිමෝෂ් පෙරේරා 66, ගීත් කුමාර 61, චානක රුවන්සිරි 51)

මීගමුව ක්‍රිකට් සමාජය – එස්.එස්.සී.

එස්.එස්.සී.කණ්ඩායමේ මුල් කඩුලු 2 අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවීයද්දී තෙවන කඩුල්ලට සදුන් වීරක්කොඩි (114) සහ කවිදු කුලසේකර (57) සාර්ථක සබඳතාවයක් ගොඩනැගුවහ. 

මීගමුව පළමු ඉනිම පන්දුවාර 111.3 කදී මුල් ඉනිම 428යි – (රොස්කෝ තටිල් 51, උපුල් ඉන්ද්‍රසිරි 29, තරිදු රත්නායක 125/4, හිමේෂ් රාමනායක 66ට/2)

එස්.එස්.සී පළමු ඉනිම පන්දු වාර 65කදී කඩුලු හයක් දැවී 239 යි – (සදුන් වීරක්කොඩි 114, කමිදු කුලසේකර 57, උපුල් ඉන්ද්‍රසිරි 56/3, රොෂෙන් ප්‍රනාන්දු 56/ 2)

යුද හමුදාව – කෝල්ට්ස්

කෝල්ට්ස් සමාජයේ විෂාඩ් ද සිල්වා ලකුණු 122ක් ලබා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 89.3කදී සියලුදෙනා දැවී 270 – (අසේල ගුණරත්න 87, හිමාෂ ලියනගේ 73, දිනේෂ් චන්දිමාල් 44, දිල්රුවන් පෙරේරා ලකුණු 58/5, තාරක ගමගේ 47/4)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දු වාර 78.4කදී  කඩුලු 8ට 275යි – (විෂාඩ් රන්දික ද සිල්වා 122, අවිශ්ක ප්‍රනාන්දු 41, ධනංජය ලක්ෂාන් 30, මාලක මධුෂ්ක 67/3, දුෂාන් විමුක්ති 55/2

සී.සී.සී. – බී.ආර්.සී.

මුල් ඉනිමේදී ලකුණු 139කින් ඉදිරියෙන් සිටි සී.සී.සී.කණ්ඩායම තම දෙවන ඉනිමේදී කඩුල්ලක් දැවී ලකුණු 144ක් ලබා දැනට කඩුලු නවයක් ඉතිරිව ලකුණු 283ක් ඉදිරියෙන් සිටී.

සී.සී.සී.පළමු ඉනිම 416යි – (මිනෝද් භානුක 108, රොන් චන්ද්‍රගුප්ත 95, ලසිත් අබේරත්න 84, වනිදු හසරංග 63, දුවිඳු තිලකරත්න 102/6, තරිදු කෞෂාල් 125/ 4)

බී.ආර්.සී.පළමු ඉනිම පන්දු වාර 65.2කදී 277යි (සගා මංගලෝකාර් 52, භානුක රාජපක්ෂ 85, තරිදු කෞෂල්‍ය නොදැවී 50, ෂානුක විතානවසම් 37, මලින්ද පුෂ්පකුමාර 63/4යි, අෂාන් ප්‍රියංජන් 58/3

සී.සී.සී. දෙවන ඉනිම පන්දු වාර 34දී කඩුලු 1ට 144යි (එම්.වීරසිංහ නොදැවී 62, රොන් චන්ද්‍රගුප්ත 77

ටැමිල් යූනියන් – හලාවත මේරියන්ස් 

ටැමිල් යුනියන් පළමු ඉනිම 162

හලාවත මේරියන්ස් පළමු ඉනිම 346 (ලසිත් කෲස්පුල්ලේ 53, ඕෂද ප්‍රනාන්දු 41යි, කමිදු මෙන්ඩිස් 73, ෂෙහාන් ජයසූරිය 44, තීක්ෂිල ද සිල්වා 58, පුලින තරංග 31, සුරංග ලක්මාල් 79/5 මධුක ලියනපතිරණගේ 99/3

ටැමිල් යූනියන් දෙවන ඉනිම පන්දුවාර 21කදී කඩුලු 3ට 45 (කනේෂ් නිමල් 18, අසිත ප්‍රනාන්දු 28ට 3

‘බී’ කොටසේ තරගාවලිය

නාවික හමුදාව – මහනුවර ආගමන විගමන කණ්ඩායම

නාවික හමුදාව ඉනිමකින් සහ ලකුණු 65කින් ජයගනී.

මෙම තුන්දින තරගය දෙවන දින සවස තේ විවේකයට ස්වල්ප වේලාවකට පසුව නාවික හමුදාව ජයගත්තේ ඉනිමකින් හා ලකුණු 65ක පහසු ආකාරයකිනි.

මහනුවර ආගමන විගමන පළමු ඉනිම 46 යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 49.4දී සියලුම දෙනා දැවී 189ය (අකීල් ඉන්හම් 38, චිරාග් කුරාන් 40, දේව් සිං 23, සම්පත් පෙරේරා නොදැවී 24, සවිදු පීරිස් 58/4, නිලංක පතිරණ 59/5)

ශ්‍රී ලංකා නාවික හමුදාව පන්දුවාර 85.2 දී සියලු දෙනා දැවී 300යි – (සුපුන් ලීලාරත්න 62, අනුෂාන් ඉද්දමල්ගොඩ 65, ෂාලිත් ප්‍රනාන්දු 58, සචිත්‍ර පෙරේරා 110/5, උමේග චතුරංග 48/2)

ගාල්ල – ගුවන් හමුදාව

ගාල්ල ක්‍රිකට් සමාජය ඉනිමකින් හා ලකුණු 20කින් ගුවන් හමුදාව පරාජය කරයි.

මෙම තුන්දින තරගයද දෙවන තරගය නිමවීමට පැයකට පෙර නිමවූයේ ගුවන් හමුදාව ඉනිමකින් හා ලකුණු 20කින් ජයගනිමිනි.

ගුවන් හමුදාව පළමු ඉනිම ලකුණු 96යි සහ දෙවැනි ඉනිම පන්දුවාර 50.3දී සියලුදෙනා දැවී 159යි (ලක්වින් වීරසූරිය 42, මාධව නිමේෂ් 32, උදයවංශ පරාක්‍රම 21, කවික දිල්ෂාන් 65ට 5යි. සාරංග රාජගුරු 16/3)

ගාල්ල පළමු ඉනිම පන්දු වාර 80.4දී සියලුම දෙනා දැවී 275යි (බිනුර දුල්සර 101,සාරංග රාජගුරු 32, කවික දිල්ෂාන් 26, අරවින්ද ප්‍රේමරත්න 58/5, රෂින්ද්‍ර සිල්වා 65/2) 

කුරුණෑගල තරුණ – වරාය අධිකාරිය

වරාය අධිකාරිය කණ්ඩායමේ හස්රන්ත් බොක්හාරි මේ තරගයේදී ශතකයක් ලබාගැනීමට සමත්විය.

කුරුණෑගල තරුණ කණ්ඩායම පන්දුවාර 93.1දී පලමු ඉනිම 235යි.

වරාය අධිකාරිය පළමු ඉනිම ඕවර 93.1දී 311යි.

හස්රන් බොක්හාරි 121, ඉෂාන් රංගන 35, අදීෂ නානායක්කාර 33,එන්.කවිකාර 102/යි, ශිවකුමාර් ටයිරන් 98/3)

කුරුණෑගල තරුණ කණ්ඩායම දෙවන ඉනිම කඩුලු එකක් දැවී 20යි.

නුගේගොඩ – බ්ලුම්ෆීල්ඩ්

නුගේගොඩ කණ්ඩායම පන්දුවාර 80.2දී සියල්ල දැවී 294යි (දිලංක වික්‍රමසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 40, ප්‍රමුද් හෙට්ටිවත්ත 48,දෙනුවන් රාජපක්ෂ 51, සෙහාන් වීරසිංහ 44, කේ.සිරිසෝම 97/7)

බ්ලුම්ෆීල්ඩ් පන්දු වාර 13දී කඩුලු 1ට 48යි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee