slc
logo
Home   |    News
පෙබරවාරි 10, 2020
සී.සී.සී. සහ එන්. සී. සී. ඉදිරියට එයි

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ තෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සති අන්තය අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සී.සී.සී. සහ ටන්. සී. සී. කණ්ඩායම් සමත්වී සිටිති. මෙතෙක් මුහුණ දුන් තරග 2 න් එකක් පූර්ණ ජයග්‍රහණද අනෙක පළමු ඉනිමේ ජයද වාර්තා කළ සී. සී. සී. පිල ප්‍රසාද ලකුණු 31.85 ක් ලබා ගනිමින්ද සහභාගිවුණු තරග 2 ම පළමු ඉනිමේ ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු 24.34 ක් ලබා ගනිමින්ද එම කණ්ඩායම් පෙරමුණ ගෙන සිටිති.

තරගාවලියේ සමාරම්භක සති අන්තයේදී පූර්ණ තරග ජයග්‍රහණයක් ලද යුද හමුදා කණ්ඩායම දෙවැනි සතියේදී පළමු ඉනිමේ පරාජයකට මුහුණ දී සිටින බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දක්වා පහත බැස තිබේ.

කෙසේ වෙතත් පළමු සති අන්තයේ පරිදිම මෙම සතියේදීත් පිතිකරුවන් ශතක වාර්තා කිරීමට සමත්වීම කැපී පෙනුණි. සමස්ත සති අන්තයේදී ශතක 6 ක් වාර්තා කිරීමට පිතිකරුවන් සමත්වූ අතර එහිදී වැඩිම ලකුණු ලාභියා බවට කෝල්ට්ස් කණ්ඩායමේ විශාද් රන්දික පත්විය. යුද හමුදාවට එරෙහිව පැවැති තරගයේදී රන්දික ලකුණු 132 ක් ලබා ගැනීමට සමත්වූවේය. පන්දු යවන්නන් අතර කඩුලු 5 කට වැඩියෙන් දවා ගත් 6 දෙනෙකු සිටින අතර ඒ අතරින් හොඳම පන්දු යැවූම වූ ලකුණු 102 කට කඩුලු 6 සී. සී. සී. පිලට එරෙහිව ලකුණු 102 කට කඩුලු 6 ක් දවා ගැනීමට දුවිඳු තිලකරත්න සමත්විය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest