slc
Home   |    News
පෙබරවාරි 6, 2020
ළහිරු මිලන්තත් ද්විත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ක්‍රිකට් තරගාවලිය යටතේ ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී බදුරලිය ක්‍රීඩා සමාජයේ ළහිරු මිලන්ත ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත්විය. ලකුණු 252 කින් සමන්විත මිලන්තගේ ඉනිම ප්‍රධාන කොට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ට ලකුණු 648 ක දැවැන්ත ඉනිමක් ගොඩනැංවූ බදුරලිය ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට සමත්විය. 

පන්දු 314 කට මුහුණ දුන් මිලන්ත සිය ඉනිම සඳහා හතරේ පහර 27 ක් සහ හයේ පහර 6 ක් එල්ල කළේය. ළහිරුට අමතරව පාකිස්තානයේ සිට මෙරට දේශීය තරගාවලිය නියෝජනය කිරීම සඳහා පැමිණ සිටින ශාහිඩ් යුසුෆ් පන්දු 151 කදී ලකුණු 124 ක් ලබා ගන්නා ලද්දේ හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මොවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 225 ක සම්බන්ධතාවයක් එක් කිරීමද කැපී පෙනුණි.

ළහිරු මිලන්තගේ දේශීය තරග පිටියේ රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වුණු මෙම ඉනිමත් සමඟ ලකුණු 4000 සීමාව ඉක්මවාලීමට සමත්වූවේය. දේශීය තරග පිටියේ 10 වැනි ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිමත් සමඟ ඔහු තරග 59 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 45.02 ක් ලෙසින් රඳවා ගැනීමට සමත්වී තිබේ. 

මොවුන් දෙදෙනාගේ ඉනිමට අමතරව බදුරලිය කණ්ඩායමේ නායක අලංකාර අසංක ලකුණු 61 ක්ද දුෂාන් හේමන්ත ලකුණු 51 ක්ද ලබා ගත්හ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලන්කන් කණ්ඩායමේ රිසිත් උපමාල් හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමඟින් පන්දු 161 කදී ලකුණු 111 ක් රැස් කරන ලද්දේ ඉනිම නොදැවී තබා ගනිමිනි. 

දෙපිළේම පිතිකරුවන් දැවැන්ත ලකුණු සංඛ්‍යාවන් ගොඩනැංවීමට සමත්වීම නිසා තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්වූයේ පළමු ඉනිමද නිමාවට පත්වීමට පෙර වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් සමස්ථ තරගයේදී දෙපිළම ලකුණු 1000 සීමාව ඉක්මවාලීමට සමත්වීම මෙතෙක් පැවැති තරග වලදී සුවිශේෂී සිදුවීමක් ලෙසින් සඳහන් කළ හැක. 

ලකුණු සාරාංශය

ලංකන් ක්‍රීඩා සමාජය පළමු ඉනිම සියලුදෙනා දැවී ලකුණු 429 යි – (කසුන් අබේරත්න 30, රිසිත් උපමාල් 111, දමිත සිල්වා 82, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 58, ළහිරු සමරකෝන් 72/4, ටී.එම්. සම්පත් 57/2)

බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 8 කට ලකුණු 648 යි – (ළහිරු මිලන්ත 252, යසෝද ලංකා 46, සාලින්ද උෂාන් 28, ෂාහිඩ් යුසුෆ් 124, අලංකාර අසංක 61, දුශාන් හේමන්ත 51, බ්‍රාවිෂ් ෂෙටි 35, ළහිරු සමරකෝන් 23*, උදිත මධුශාන් 114/2)

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest