slc
logo
Home   |    News
පෙබරවාරි 29, 2020
ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න

Sri Lanka Cricket

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්යාලයෙන් මිලදී ගැනීමේ අවකාශ සලසා දී තිබේ.

සියළුම ප්‍රවේශ පත්‍ර කවුළු පෙ.ව. 9 සිට ක්‍රියාත්මක වන නමුත් තරගය පැවැත්වෙන දිනයේදී පල්ලකැලේ ක්‍රීඩාංගණය තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය සිදු නොකරනු ඇත. ඒ අනුව එදින බලගොල්ලේ පිහිටි අබීත ක්‍රීඩා පිටියේදී ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමේ හැකියාව පවතිනු ඇත. එම ස්ථානය හැරුණු කොට ඉහතින් සඳහන් කරන ලද සෙසු ස්ථානවලදීද තරගය පැවැත්වෙන දිනයේදී ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේ හැකියාව ප්‍රෙක්ෂකයින්ට උදා කර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

ප.ව. 2.30 ට ආරම්භ වීමට නියමිත තරගය නැරඹීම සඳහා පැමිණෙන ක්‍රීඩා ලෝලීන් හට ප.ව. 12.30 සිට පල්ලකැලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීම සඳහා වූ දොරටු විවෘත කර තිබෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටියි.

Active filters

Recent Posts

  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]
  • ‘ඒ‘ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූරියබණ්ඩාරට
    ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරි පෙළ පිතිකරුවකු වන පසිදු සූරියබණ්ඩාරව නම් කර තිබේ. […]
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee