slc
logo
Home   |    News
පෙබරවාරි 27, 2020
කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3 ක්

Sri Lanka Cricket

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ.

දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනීම නිසා තිසර පෙරේරාත්, අවසන් වුණු දේශීය අන්තර් සමාජ විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට ෂෙයාන් ජයසූරිය සමත්වීම විස්සයි-20 කණ්ඩායමට එක්වීමට මංපෙත් විවර වී තිබේ. 

කෙසේ වෙතත් අවසන් වරට ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට එක්ව සිටි වේග පන්දු යවන කසුන් රජිත වෙනුවට නුවන් ප්‍රදීප් කැඳවීමට පියවර ගෙන තිබේ. ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙන අතර ඒ අතර ඉන්දීය තරගාවලියට එක්ව සිටි ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂට කණ්ඩායමට පැමිණීමේ අවස්ථාව අහිමිව තිබේ. 

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – ලසිත් මාලිංග (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

ඇතුළට – තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ෂෙහාන් ජයසූරිය

ඉවතට – ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, කසුන් රජිත, ඕෂධ ප්‍රනාන්දු

Active filters

Recent Posts

  • සොනාල් දිනූෂගෙන් ශතකයක්
    සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් […]
  • ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම ඊයේ සිදු […]
  • අන්තර්සමාජ විස්සයි-20 12 වැනිදා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය මැයි මස 12 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙවර […]
  • ‘ඒ‘ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සූරියබණ්ඩාරට
    ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරි පෙළ පිතිකරුවකු වන පසිදු සූරියබණ්ඩාරව නම් කර තිබේ. […]
  • ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගෙවීම් ඉහළ දමයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයින් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee