slc
logo
Home   |    News
පෙබරවාරි 18, 2020
යොවුන් පිලේ අවිශ්ක තරිඳු ලකුණු 350 ක් ලබා ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය යටතේ ඉනිමක වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත් වෙමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩක අවිෂ්ක තරිඳු සමත්විය.

අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ වත්තල ශාන්ත අන්තෝනි විදුහල් පිල නියෝජනය කරනු ලබන අවිශ්ක කොළඹ ලුම්බිණි විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 350 ක් ලබා ගනිමින් එම සුවිශේෂී ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේය. පන්දු 285 කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද එම සුවිශේෂ ඉනිම සඳහා අවිෂ්ක හතරේ පහර 56 ක් සහ හයේ පහර 3 ක් එල්ල කර තිබුණි.

අවිෂ්කගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා පාසල් පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ ලකුණු 300 සීමාව ඉක්මවන ලද තෙවැනි අවස්ථාව ලෙසින් සටහන් වුවත් ලකුණු 350 සීමාව ඉක්මවන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමේද සාමාජිකයකු වන අවිශ්ක ක්‍රීඩා කරන ලද මෙම සුවිශේෂී ඉනිමත් සමඟ අවසන් ඉනිම 4 ඇතුළත ලකුණු 673 ක් රැස් කිරීමට සමත්වීම කැපී පෙනෙයි.

අවිශ්කට ප්‍රථම පළමු පෙළ ක්‍රිකට් තරගවලදී ලකුණු 300 සීමාව ඉක්මවා ලූ අනෙක් පිතිකරුවන් යුගලය වන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ලද දකුණත් පිතිකරු ඉන්දික ද සේරම් සහ පළමු පෙළ තරගාවලිය නියෝජනය කරන ලද ධම්මික වාස් ගුණවර්ධන වේ. මාතර ශාන්ත තෝමස් විදුහල නියෝජනය කරන ලද සේරම් 1993 වසරේදී අම්බලන්ගොඩ දේවානන්ද විදුහලට එරෙහිව ලකුණු 304 ක් ද ධම්මික 1996 වසරේදී මීගමුව මාරිස්ටෙලා විදුහල නියෝජනය කරමින් මීගමුව සාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 310 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ.

දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක දකුණත් මඳ වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කරන අතරම අවශ්‍ය අවස්ථාවන්හිදී කඩුලු රැකීමේ කාර්යයේද නිරත විය හැකි ක්‍රීඩකයෙකි. 2001 වසරේ අප්‍රේල් 26 වැනි දින මෙලොව එළිය දුටු අවිශ්ක මෙම ඉනිමට පෙර ක්‍රීඩා කරන ලද ඉනිම 4 දී, රත්ගම දේවපතිරාජයටඑරෙහිව ලකුණු 181 ක්, කුරුණෑගල මලියදේවයට එරෙහිව ලකුණු 80 ක් සහ මහනුවර සිල්වෙස්තර විදුහලට එරෙහිව නොදැවී ලකුණු 62 ක්ද රැස් කිරීමට සමත්ව තිබේ.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee