slc
logo
Home   |    News
පෙබරවාරි 5, 2020
2022 ට දක්ෂයින් සොයන්න ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් සිටම වැඩ අරඹයි

Sri Lanka Cricket

2022 සහ 2024 වසර වල පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සඳහා සාර්ථක කණ්ඩායමක් බිහි කිරීම ඉලක්ක කොට දීර්ඝ කාලීන සැලසුමක් ලෙසින් වයස අවුරුදු 15 න් පහළ සංවර්ධන සංචිත දෙකක් කොළඹ සහ දඹුල්ල ප්‍රදේශ වල ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අවුරුදු 15 න් පහළ අන්තර් දිස්ත්‍රික් සහ අන්තර් පළාත් තරගාවලියන්හි දස්කම් දක්වන ලද ක්‍රීඩකයින් 54 දෙනෙකු මෙම වැඩසටහන් ඇතුළත්ව සිටිති. අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු අදියර, ක්‍රීඩකයින් 35 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් දෙවැනි අදියර මහනුවර, මාතලේ, යාපනය, අනුරාධපුරය සහ මඩකලපුව යන ප්‍රදේශවල ක්‍රීඩකයන් 19 දෙනෙකු‌ගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් මේ වන විට ආරම්භ කර තිබේ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කර ඇති ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා හිටපු ක්‍රිකට් නායකයකු වන අනුර තෙන්නකෝන් මහතා පත් කර තිබේ. ඔවුන්ට අමතරව ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ සේවයේ නියුතු රෝයි ඩයස්, සුමිත්‍ර වර්ණකුලසූරිය, රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ ධම්මික සුදර්ශන මෙහි පුහුණුකරුවෝ ලෙස කටයුතු කරති.

දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු පිහිටුවන ලැබූ පුහුණු සංචිතයට අයත් සියළු ක්‍රීඩකයින්ගේ තොරතුරු රැස්කිරීම මෙන්ම ක්‍රීඩක දක්ෂතා සහ දුර්වලතා ගොනුකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බුද්ධි කේන්ද්‍රය මගින් සිදුකරනු ඇත. මෙම පුහුණු වැඩ සටහනට අනුව තෝරා ගනු ලබන ක්‍රීඩකයින් 54 දෙනා ප්‍රථමයෙන්ම හය මසක පුහුණුවකට සහ දැනුවත් කිරීමේ වැඩ සටහනකට යොමු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා මෙවලම්, නවාතැන් ඇතුළු සියළුම පහසුකම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙනු ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වා සිටි ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථාන ප්‍රධානී ටිම් මැක්කැස්කිල් මහතා, “ක්‍රීඩාංගණය තුළ සිදුකෙරෙන කටයුතුවලට පමණක් නොවෙයි, ඉන් එහාට ගිය දේවල් පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වෙනවා. මේ වැඩසටහන හරහා ක්‍රීඩකයින්ගේ අනාගතය සාර්ථක කිරීම තමයි මූලිකවම සිදු කෙරෙන්නේ. මෙතැනදී ක්‍රීඩකයින්ට ලැබෙන පුහුණුව ඔවුන්ගේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් වැඩි දායකත්වයක් සපයනවා. විශේෂයෙන් ඔවුන් පන්දුවට පහර දෙන විට පන්දුවේ වේගයට, එහෙමත් නැත්නම් දඟ කැවීමට අනුව හරියටම පන්දුව තෝරා බේරාගනිමින් පහර දෙන්නේ කොහොමද කියන එක ගැන හරිම අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. පුහුණුවීම් වලට අමතරව අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයින්ට පන්දු රැකීම, ඒ වගේම ආහාර රටාව හුරුවීම වගේ දේවල් ගැනත්. ඒ හරහා ඔවුන්ගේ දක්ෂතා සම්බන්ධව ඔවුන් තුළම විශ්වාසයක් ගොඩ නැංවෙනවා. එහෙම වුණාම වයස යනකොට ඔවුන් දන්නවා තරගයකට කොහොමද හැඩගැහෙන්නේ කියන එක ගැන”යි පැවැසීය.

මාධ්‍ය අංශය
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee