slc
logo
Home   |    News
පෙබරවාරි 11, 2020
කොදෙව්වෝ ශ්‍රී ලංකාවට පැමිණෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 2 කට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (10 දා) ශ්‍රී ලංකාවට පැමිණියේය. දෙරට අතර තරගාවලිය පෙබරවාරි 22 වැනිදා ආරම්භ වීමට නියමිත වුවත් ඊට දින 12 කට පෙර කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම කැපී පෙනෙයි.

දින 24 ක කාලයක් මෙරට රැඳී සිටින කොදෙව් කණ්ඩායම සිය පළමු එක්දින තරගයට පෙබරවාරි 22 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී සහභාගිවනු ඇත. ඒ අනුව එස්. එස්. සී. පිටියේදී එක්දින තරගයක් පවත්වනු ලබන්නේ වසර 3 කට ආසන්න කාලයකට පසුව වීම විශේෂත්වයක් වේ. දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයට පෙර මෙහි අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2017 වසරේදී අප්‍රේල් මස බංග්ලාදේශ පිලට එරෙහිව පැවැති තරගය වේ.

කල් තියාම මෙරටට පැමිණෙන කොදෙව් කණ්ඩායම පළමු එක්දින තරගයට පෙර පී. සරා ඕවල් පිටියේ සහ කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩාංගණයේදී  පුහුණු තරග 2 කට තරග වැදීමට නියමිතය. මෙම තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත අනෙක් එක්දින තරග 2 පිළිවෙළින් පෙබරවාරි 26 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද තෙවැන්න මාර්තු මස 01 වැනිදා මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වෙනු ඇත.

දෙරට අතර පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග 2 මාර්තු 04 සහ 06 වැනි දෙදින පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee