slc
logo
Home   |    News
මාර්තු 12, 2020
එංගලන්ත පිතිකරුවෝ සිව්දින තරගයේ පාලනය අතට ගනිති

Sri Lanka Cricket

By Chamila Karawita

කොළඹ පී. සරා ඕවල් පිටියේ අද (12 දා) ඇරැඹි සිව්දින පෙරහුරු තරගයේ පළමු දිනය ඇතුළත් පන්දුවට පහර දීමට පැමිණි සියළුම පිතිකරුවන් ලකුණු 25 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා දිනය අවසනදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව වූ පළමු ඉනිම සඳහා කඩුලු 3 කට ලකුණු 354 ක් රැස් කිරීමට එංගලන්ත පිලට අවස්ථාව උදාවිය. එංගලන්ත කණ්ඩායමට මෙතරම් ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්වුවද ඉනිම අතරතුරදී ලබා දුන් උඩ පන්දු 3 ක් ගිලිහී නොයන්නට මීට වඩා කඩුලු සංඛ්‍යාවක් දවා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට හොඳින්ම පැවැතිණ.

දිනයේ යැවුණු පන්දුවාර 90 අතරින් වේග පන්දු යවන්නන්වූ අසිත ප්‍රනාන්දු සහ මොහොමඩ් ශිරාස් පන්දුවාර 27 ක් පමණක් යවද්දී ඉතිරි පන්දුවාර 63 යැවූ දඟ පන්දු යවන්නන්ට එංගලන්ත පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු රැස් කරන ලද්දේ ටෙස්ට් තරගයකට වඩාත් උචිත පන්දුවාරයකට ලකුණු 3.93 ක දළ වේගයක් රඳවා තබා ගනිමිනි. මෙම තත්ත්වය මත තරගයේ වැඩි පාලනයක් එංගලන්ත කණ්ඩායම දෙසට නැඹුරු වී තිබේ.

අදදිනය තුළ සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කරන ලද දඟ පන්දු යවන්නන් තිදෙනා අතුරින් හොඳින්ම එංගලන්ත පිතිකරුවන් පාලනය කිරීමට සමත්වූයේ රමේෂ් මෙන්ඩිස් පමණි. ඔහු ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 28 ඇතුළත එංගලන්ත පිතිකරුවන් ලකුණු 100 ක් ලබා ගනිද්දී ඉනිමේ දැවී ගිය පළමු පිතිකරුවා වූ ඩොන් සිබ්ලේව දවා ගැනීමට රමේෂ් සමත්විය.

රමේෂ්ගේ පන්දුවාරයකට ලකුණු 3.57 ක සාමාන්‍යක් රඳවා ගනිද්දී සෙසු දඟ පන්දු යවන්නන් වූ ෂෙහාන් ජයසූරිය (4.00), ප්‍රභාත් ජයසූරිය (4.50) සහ ඇන්ජලෝ පෙරේරා (5.50)ගේ පන්දු හමුවේ ලකුණු 4 කට වඩා සාමාන්‍යයක් රඳවාගෙන ලකුණු රැස් කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ.

දිවා ආහාරය වන විට එක් කඩුල්ලකට ලකුණු 105 ක් ලබා සිටි එංගලන්ත පිල දිවා ආහාරයත් තේ පානයත් අතර කාලසීමාවේදී කඩුලු 2 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පිරිනමමින් තවත් ලකුණු 103 ක් ලබා ගත්තේය. ඒ අතරතුර කාලයේදී ලකුණු 4 ක් ඇතුළත ජෝ ඩෙන්ලි (26) සහ සැක් ක්‍රෝව්ලිගේ කඩුලු දවා ගනිමින් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම තරගයට යළි අවතීර්ණ වුවත් අනතුරුව එක්වූ නායක ජෝ රූට් සහ ඔලී පෝප් තරගය හමාර වන තෙක්ම යවන ලද පන්දු 233 දී පන්දු රකින්නන්ව වෙහෙසට පත් කරමින් කඩුලු රැක ගත්හ.

තේ පානය වන විට කඩුලු 3 කට ලකුණු 209 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් සහ ජෝ ඩෙන්ලි තරගය නිමා වන තෙක් වූ පුරා හෝරා 2 ක ඇතුළත කඩුලු ආරක්ෂා කරමින් සිව්වැනි කඩුල්ල සඳහා වූ නොබිඳුණු සම්බන්ධතාවය 175 ක් දක්වා ඉහළට රැගෙන ගියහ. ඒ අනුව ඉවසිලිවන්තව පිති හැසිරවූ රූට් පන්දු 122 කදී ලකුණු 90 ක්ද ඩෙන්ලි පන්දු 120 කදී ලකුණු 84 ක්ද ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කරගෙන සිටිති.

දැවී ගිය පිතිකරුවන් අතර පළමු දිනයේදී ක්‍රිකට් සභාපතිවරයාගේ පිලට දැවැන්තම හානිය සිදුකරන ලද පිතිකරුවා බවට පත්වුණු සැක් ක්‍රෝව්ලි ද පසුවිය. වැඩි කලබලයක් නොපෙන්වූ ක්‍රෝව්ලි මොහොමඩ් ශිරාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට ලකුණු 105 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 145 කින් සමන්විතව වූ ක්‍රෝව්ලිගේ ඉනිම හතරේ පහර 11 කින් ද  සන්නද්ධ විණ.

හෙට (13 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.175 233

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee