slc
Home   |    News
මාර්තු 1, 2020
කෝල්ට්ස් දින 2 න් බී.ආර්.සී. පරදවයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ (පෙබරවාරි 28,29 හා මාර්තු 01) පැවැත්වෙන තරග අතුරින් බී.ආර්.සී.ක්‍රීඩාංගණයේ පැවැති කෝල්ට්ස් – බී.ආර්.සී තරගය දෙවන දිනයේදී (29) නිමාවට පත්වූයේ සම්පූර්ණ දිනයක්ම ඉතිරිව තිබියදී කෝල්ට්ස් කණ්ඩායම කඩුලු හයකින් ජයගැනීමෙනි. ජයග්‍රහණයට කෝල්ට්ස් කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 17ක් අවශ්‍ය වූ අතර ඔවුන් ඕවර හතරකදී කඩුලු හතරක් දැවී ලකුණු 17ක් රැස්කර ගත්හ.

සී.සී.සී. – මුවර්ස් තරගයේදී සී.සී.සී. මුල් ඉනිමේදී ලකුණු 547ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමට සමත්විය. එන්.සී.සී.ටැමිල් යූනියන් තරගයේදී ටැමිල් යූනියන් පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටීමට සමත්විය.

කෝල්ට්ස් – බී.ආර්.සී.

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 86.1කදී 366යි – (ප්‍රියමාල් පෙරේරා 99, සධීර සමරවික්‍රම 66, සංගීත්කුරේ 62, විෂාඩ් රන්දික ද සිල්වා 60, දුමිදු තිලකරත්න 147/8) සහ දෙවන ඉනිම පන්දුවාර 4දී කඩුලු 4ට 17යි – (දුමිදු තිලකරත්න 6/2,කෙවින් කොත්තිගොඩ 11/2)

බී.ආර්.සී පළමු ඉනිම පන්දු වාර 42.1දී 168යි.

(තරිදු කෞෂල්‍ය 38, රමින්ද විජේසූරිය 32, භානුක රාජපක්ෂ 25, නලින් ප්‍රියදර්ශන 67/4, ධනංජය ලක්ෂාන් 19/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 45.3දී සියලු දෙනා දැවී 214යි – (භානුක රාජපක්ෂ 87, රමි්දු විරේසූරිය 26, හෂේන් රාමනායක 20,ප්‍රභාත් ජයසූරිය 65/6, නලින් ප්‍රියදර්ශන 71/3)

සී.සී.සී. – මුවර්ස්

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී සී.සී.සී.කණ්ඩායම පළමු ඉනිමේ ලබාගත් ලකුණු 547ට පිළිතුරු ලෙස මුවර්ස් දෙවන දින තරගය නිමවන විට කඩුලු 3කට ලකුණු 191ක් ලබා ප්‍රබල පිළිතුරක් සැපයීය. සී.සී.සී.කණ්ඩායමේ ප්‍රවීන් රත්නායක නොදැවී ලකුණු 164ක් ලබාගැනීමට සමත්විය.

සී.සී.සී පළමු ඉනිම පන්දුවාර 133.4දී සියලුදෙනා දැවී 547යි. – (ප්‍රවීන් රත්නායක නොදැවී 164, ළහිරු මධුශංඛ 89, රොන් චන්ද්‍රගුප්ත 54, මළිදු මදුරංග 45, අෂාන් ප්‍රියංජන් 41, ළහිරු ගමගේ 49, චතුර රන්දුනු 188/3, කවිශ්ක අංජුල 83/3, සචිත්‍ර සේරසිංහ 62/2)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 44කදී කඩුලු 3ට 191 – (චරිත කුමාරසිංහ 55, පබසර වඩුගේ 53, රමේෂ් මෙන්ඩිස් නොදැවී 43, විශ්ව ප්‍රනාන්දු 25/2)

එස්.එස්.සී. – යුද හමුදාව

යුද හමුදාව මේ තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 45කින් ඉදිරියෙන් සිටීමට සමත්විය.

එස්.එස්.එස්. පළමු ඉනිම පන්දුවාර 71දී සියලුදෙනා දැවී 229යි. – (ෂම්මු අෂාන් නොදැවී 77, සංජුල ආරච්චිගේ 37, කවිදු කුලසේකර 27, සචිත්‍ර සේනානායක 27, ජනිත් සිල්වා 46/4, හෙෂාන් හෙට්ටිආච්චි 60/2, දුෂාන් විමුක්ති 15/2) සහ දෙවන ඉනිම පන්දුවාර 24දී කඩුලු 3ට 88 – (සදුන් වීරක්කොඩි 34, නුවනිඳු ප්‍රනාන්දු 31, දුෂාන් විමුක්ති 22/2)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 80දී 274  – (හිමාෂ ලියනගේ නොදැවී 90, පැතුම් දිල්ෂාන් 43, ලක්ෂාන් එදිරිසිංහ 32, සචිත්‍ර සේනානායක 54/5. සදුන් වීරක්කොඩි 22/2, ධම්මික ප්‍රසාද් 40/2)

එන්.සී.සී.- ටැමිල් යූනියන්

දෙවන දින තරගය නිමවන විට ටැමිල් යූනියන් කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 52කින් ඉදිරියෙන් සිටීමට සමත්විය.

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 69.2දී සියලුදෙනා දැවී 339යි. – (පැතුම් නිශ්ශංක 94, සහන් ආරච්චිගේ 70, උපුල් තරංග 42, චතුරංග ද සිල්වා 37,මහේල උඩවත්ත35, ප්‍රමෝද් ලියනගමගේ 67/4, තිලංග උදේෂාන් 77/3, මධුක ලියනපතිරණගේ 19/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 108දී කඩුලු 8ට 391 – (යොහාන් මෙන්ඩිස් 60, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 133, තරංග පරණවිතාන 68, චාමික කරුණාරත්න 66/2, චතුරංග ද සිල්වා 118/2, ලසිත් ඇඹුල්දෙණිය 85/2)

බදුරලිය – සරසන්ස්

බදුරලිය ක්‍රීඩා සමාජයේ මුල් ඉනිමේ ලබාගත් ලකුණු 365ට පිළිතුරු ලෙස දෙවන දින තරගය නිමවන විට සරසන්ස් කඩුලු 3කට ලකුණු 244ක් ලබා ප්‍රබල තත්ත්වයක සිටියේය.

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 94.4දි සියලු දෙනා දැවී 365 – (ෂාහිඩ් යුසුෆ් 142, ළහිරු සමරකෝන් 75, තිලකරත්න සම්පත් 49, සලින්ද පෙරේරා 31, ගමිදු අමරසිංහ 54/4, චාමික එදිරිසිංහ 89/4යි)

සැරසන්ස් පළමු ඉනිම පන්දු වාර 81දී කඩුලු 3ට 244යි – (සිතාර ගිම්හාන් 73, නවිනිදු විතානගේ 56, ගමිනිදු අමරසිංහ නොදැවී 56, බුද්ධික සංජීව 63/2)

රාගම – හලාවත මේරියන්ස්

හලාවත මේරියන්ස් පළමු ඉනිමේ ලකුණු 35කින් ඉදිරියෙන් සිටියත් රාගම දෙවන ඉනිමේ ප්‍රබල පිළිතුරක් දුන්නේ කඩුල්ලක් දැවී ලකුණු 233ක් ලබාගනිමිනි.

රාගම පළමු ඉනිම 204යි  – (ළහිරු තිරිමාන්න 97, රොෂේන් සිල්වා 34, නිමේෂ් විමුක්ති 62/6) සහ දෙවන ඉනිම පන්දු වාර 52දි කඩුලු 1ට 233 – (සමින්ද ප්‍රනාන්දු නොදැවී 90,ළහිරු තිරිමාන්න 66, උදාර ජයසුන්දර නොදැවී 67)

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 60.5දී සියලුදෙනා දැවී 268 – (ලසිත් කෲස්පුල්ලේ 99, පුලින තරංග 44, රුමේෂ් බුද්ධික 25, අමිල අපොන්සු 98/5, කේ.පීරිස් 89/4)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest