slc
Home   |    News
මාර්තු 2, 2020
රාගම පළමු ජය වාර්තා කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මාර්තු 01 වැනිදා නිමාවට පත් ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 83 ක පහසු ජයක් වාර්තා කිරීමට රාගම කණ්ඩායම සමත්විය. මේ තරගයේදී රාගම කණ්ඩායමේ අමිල අපොන්සු සහ නිෂාන් පීරිස් ඉනිම දෙකේදී කඩුලු නවය බැගින් දවාලීමට සමත්වූහ.

එස්.එස්.එස්. – යුද හමුදා තරගයේදී යුද හමුදාවට දෙවන ඉනිමේදී ජයග්‍රහණයට ලකුණු 181ක ඉලක්කයක් ලැබුණත් ඔවුන් තරගය නිමවනවිට කඩලු 8ත් දැවී ලබා සිටියේ ලකුණු 125කි. ටැමිල් යූනියන් – එන්.සී.සී. තරගයේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 163 ක්ද එන.සී.සී. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 135ක්ද රැස්කළහ.

රාගම – හලාවත මේරියන්ස්

රාගම පළමු ඉනිම 204 – (ළහිරු තිරිමාන්න 97, රොෂේන් සිල්වා 34, නිමේෂ් විමුක්ති 62/6) සහ දෙවන ඉනිම පන්දුවාර 70දී කඩුලු 6ට 352යි – (සවින්ද්‍ර ප්‍රනාන්දු 99, උදාර ජයසුන්දර 80, ළහිරු තිරිමාන්න 66, සුපේෂ ජයතිලක නොදැවී 52, නිමේෂ් විමුක්ති 80/2, අසිත ප්‍රනාන්දු 60/1, ලසිත් කෲස්පුල්ලේ 71/1)

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 60.5දී සියලුදෙනා දැවී 268

(ලසිත් කෲස්පුල්ලේ 99, පුලින තරංග 44, අමිල අපොන්සු 98/5, නිශාන් පීරිස් 89/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 60.2දී සියලුදෙනා දැවී 205යි – (යාස් කොහාරි 51, රුමේෂ් බුද්ධික 44, තීක්ෂිල ද සිල්වා 37, අමිල් අපොන්සු 84/4, නිශාන් පීරිස් 70/5)

සී.සී.සී. – මුවර්ස්

සී.සී.සී.ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී සී.සී.සී. පළමු ඉනිමේදී ලකුණු 42කින් ඉදිරියෙන් සිටියේය. මුවර්ස් ඉනිමේදී රමේෂ් මෙන්ඩිස් පන්දු 110කදී ලකුණු 85ක් රැස්කළේය.

සී.සී.සී පළමු ඉනිම 547යි.  – (ප්‍රවීන් රත්නායක නොදැවී 164, ළහිරු මධුශංඛ 89, රොන් චන්ද්‍රගුප්ත 54, කවිශ්ක අංජුල 83/3) සහ දෙවන ඉනිම 10.5දී කඩුලු 4ට 68යි.  – (මළිදු මධුරංග 43, ක්‍රිෂාන් අංජුල 20/2)

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 106.5දී සියලුදෙනා දැවී 405 (රමේෂ් මෙන්ඩිස් 85, චරිත කුමාරසිංහ 55, පබසර වඩුගේ 53, අදීෂ තිලංචන 65, අයන සිරිවර්ධන 57, සචිත්‍ර සේරසිංහ 32, මලින්ද පුෂ්පකුමාර 139/5, විශ්ව ප්‍රනාන්දු 61/2)

එස්.එස්.සී – යුද හමුදාව

යුද හමුදාවට මේ තරයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේදී ලකුණු 181ක් පමණක් අවශ්‍යවුවත් තරගය නතරකරන විට ඔවුන් කඩුලු 8ක් දැවී ලබා සිටියේ ලකුණු 125කි, කෙසේවුවද යුද හමුදා පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටීමට සමත්විය.

එස්.එස්.සී-පළමු ඉනිම 229යි – (ෂම්මු අෂාන් නොදැවී 77, සංජුල ආරච්චිගේ 37, ජනිත් සිල්වා 46/4, හෙෂාන් හෙට්ටිආරච්චි 60/2) සහ දෙවන ඉනිම පන්දුවාර 82.4දී 226යි  – (ෂම්මු අෂාන් 44, කවිදු කුලසේකර 36, සදුන් වීරක්කොඩි 34, නුවිනිදු ප්‍රනාන්දු 31, දුෂාන් විමුක්ති 59/5, හෙෂාන් හෙට්ටිආරච්චි 43/2)

යුද හමුදාව පළමු ඉනිම 274 – (හිමාෂ ලියනගේ නොදැවී 90, පැතුම් දිල්ෂාන් 43,ලක්ෂාන් එදිරිසිංහ 32, සචිත්‍ර සේනානායක 54/5,සදුන් වීරක්කොඩි 22/2) සහ දෙවන ඉනිම පන්දුවාර 54දී කඩුලු 8ට 125යි – (අසේල ගුණරත්න 26, දුෂාන් විමුක්ති 15, පැතුම් දේශාන් 14, සචිත්‍ර සේනානායක 38/4, අකාෂ් සේනාරත්න 34/2, ජේ‍ෆ් වැන්ඩසේ 34/2)

එන්.සී.සී. – ටැමිල් යුනියන්

ටැමිල් යූනියන් කණ්ඩායම මේ තරගයේ මුල් ඉනිමේ ජයලැබීමට සමත්විය. ටැමිල් යූනියන් කණ්ඩායමේ මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී ලකුණු 163ක් ලැබීය.

එන්.සී.සී.පළමු ඉනිම 339යි  – (පැතුම් නිශ්ශංඛ 94, සහන් ආරච්චිගේ 70, උපුල් තරංග 42, ප්‍රමෝද් ලියනගමගේ 67/4, තිලංග උදේෂාන් 77/3) සහ දෙවන ඉනිම ඕවර 71දී කඩුලු 8ට 402 – (පැතුම් නිශ්ශංක 135, ඇන්ජලෝ පෙරේරා 99, හසිත බෝයගොඩ නොදැවී 51, මධුක ලියනපතිරණගේ 90/2, ජීවන් මෙන්ඩිස් 81/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 124.5දී 446 – (මනෝජ් සරත්චන්ද්‍ර 163, තරංග පරණවිතාන 68, යොහාන් මෙන්ඩිස් 60,මධූෂ ලියනගමගේ 33,චතුරංග ද සිල්වා 138/3, ලසිත් ඇඹුල්දෙණිය 106/3, චාමික කරුණාරත්න 65/2)

බදුරලිය – සැරසන්ස්

මේ තරගයේදී සැරසන්ස් කණ්ඩායම පළමු ඉනිමේදී ඉදිරියෙන් සිටීමට සමත්විය.

බදුරලිය පළමු ඉනිම 365 – (ෂාහිඩ් යුසුෆ් 142, ළහිරු සමරකෝන් 75,තිලකරත්න සම්පත් 49,ගමිදු අමරසිංහ 54/4, චාමික එදිරිසිංහ 89/4)

සැරසන්ස් පළමු ඉනිම කඩුලු 6ට 496යි  – (සිතාර ගිම්හාන් 73, නවිනිදු විතානගේ 56, ගමිනිදු අමරසිංහ (තුවාල ලබා ඉවත්වූවා) 121,පැතුම් මධුවන්ත 127, අෂේන් බණ්ඩාර 59, බුද්ධික සංජීව 100/2, තිලකරත්න සම්පත් 126/2)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest