slc
logo
Home   |    News
මාර්තු 2, 2020
වරාය – බ්ලුම්ෆීල්ඩ් – පානදුර ජය වාර්තා කරද්දී සුමින්ද ලක්ෂාන්ගෙන් ද්විත්ව ශතකයක්

Sri Lanka Cricket

ටියර් බී තරගාවලිය

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් බී කොටසේ තෙදින ක්‍රිකට් තරගාවලියේ සති අන්තයේ පැවැති තරග තුනකින් වරාය අධිකාරිය, බ්ලුම්ෆීල්ඩ් සහ පානදුර ක්‍රීඩා සමාජය ජයග්‍රහණ අත්කර ගත්හ. එහිදී වරාය අධිකාරිය ලකුණු 207කින් නුගේගොඩ සුභසාධක ක්‍රීඩා සමාජයත්, බ්ලුම්ෆීල්ඩ් කඩුලු හයකින් සෙබෙස්ටියනයිට්ස් කණ්ඩායමත්, පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 213කින් කලුතර නගර කණ්ඩායමත් පරාජයට පත්කළේය.

ඊට අමතරව සතියේ කැපී පෙනෙන සිදුවීම බවට පත්වූයේ පොලිසියට එරෙහිව පැවැති තරගයේදී ගුවන් හමුදා කණ්ඩායමේ සුමින්ද ලක්ෂාන් පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක් රැස් කිරීමට සමත්වීමය. ලකුණු 221 කින් සමන්විත වූ ලක්ෂාන්ගේ ඉනිම සඳහා පන්දු 277 කට මුහුණ දුන් අතර ඒ සඳහා හතරේ පහර 23 ක් ද ඇතුළත් කළේය. ලක්ෂාන්ගේ ඉනිම ප්‍රධාන කොට ගුවන් හමුදා පළමු ඉනිම ලකුණු 458 ක් රැස් කිරීමට ගුවන් හමුදා පිලට අවස්ථාව උදාවිය.

වරාය අධිකාරිය – නුගේගොඩ

වරාය අධිකාරිය මේ තරගයේදී ලකුනු 207ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. වරාය කණ්ඩායමේ චානක කොමසාරු ඉනිම දෙකේදී කඩුලු නවයක් දවාලූ අතර අදීෂ නානායක්කාර දෙවන ඉනිමේදී ලකුණු 83ක් ලැබීය.

වරාය අධිකාරිය පළමු ඉනිම පන්දුවාර 51.5දී 151යි – (ගයාන් මහීෂාන් 49,ඉෂාන් රංගන 27,ජලට් බාන් 34/3,චනුක් දිල්ෂාන් 21/4) සහ දෙවන ඉනිම පන්දුවාර 87.4දී කඩුලු 9ක් දැවී 345 – (අදීෂ නානායක්කාර 83, හස්නන් බොක්හාරි 63, ජලට් ඛාන් 89/3,බසිට් අලි 52/2)

නුගේගොඩ පළමු ඉනිම පන්දු වාර 46දී 128 – (පැතුම් මධුශංඛ 63, සමීර ගුණරත්න 17, චානක කොමසාරු 36/4,රජීව වීරසිංහ 50/4) සහ දෙවන ඉනිම පන්දුවාර 32.3දී 161 – (මහීෂ පෙරේරා 44,ප්‍රමුද් හෙට්ටිවත්ත 55, චානක කොමසාරු 63/5, හස්නේන් බොක්හාරි 45/5)

බ්ලූම්ෆීල්ඩ් – සෙබස්ටියනයිට්ස්

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කඩුලු හයක ජයක්

සෙබස්ටියයිට්ස් පළමු ඉනිම පන්දුවාර 34.4දී සියලුදෙනා දැවී 76යි – (ගයාන් සිරිසෝම 31/6 දිලීප ජයලත් 21/4) සහ දෙවන ඉනිම පන්දුවාර 75දී 295යි – (තිලංක ද සිල්වා 86,හසන්ත ප්‍රනාන්දු 50,නවෝද්‍ය ඉමේෂ් 35,ගයාන් සිරිසෝම 79/6, මධුෂාන් රවිචන්ද්‍ර කුමාර් 88/4)

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම (පන්දුවාර 67.1දී 255යි) – (සචින් ජයවර්ධන 96, හර්ෂ විතාන 68,මිෂෙන් සිල්වා 37, දසුන් සෙනෙවිරත්න 13/2,නවීන් ගුණවර්ධන 98/4) සහ දෙවැනි ඉනිම පන්දු වාර 22.4දී කඩුලු 4ට 119 – (කසුන් ඒකනායක නොදැවී 45, දිල්හාන් කුරේ 29, නවින් ගුණවර්ධන 45/3)

පානදුර – කලුතර නගර කණ්ඩායම

පානදුරේ පැවැති මේ තරගයෙන් පානදුර ක්‍රීඩා සමාජය ලකුණු 213කින් කලුතර නගර කණ්ඩායම පරදවා ජය ලැබීය.

පානදුර පළමු ඉනිම පන්දුවාර 94.4දී 361 – (රොෂාන් ජයතිස්ස 128,මින්හාජ් ජලිල් 71, සුවංජි මදනායක 75/3, එරංග රත්නායක 99/5) සහ දෙවන ඉනිම පන්දුවාර 41.4දී කඩුලු 3ට 240 – (උමේෂ් කරුණාරත්න 77, සංජික රිද්ම නොදැවී 138, රන්දික පුංචිහේවා 65/2යි)

කලුතර පළමු ඉනිම පන්දුවාර 71.2දී 263 – (ගිහාන් විමලධර්ම 54, එරංග රත්නායක 52, රොෂාන් ජයතිස්ස 94/4, කෞමාල් නානායක්කාර 30/5යි) සහ දෙවැන ඉනිම පන්දුවාර 39.2දී 125යි – (ගිෂාන් විමලධර්ම 17යි, නවීඩ් ෂාවාර් 38, චන්න ද සිල්වා 38/3, කෞමාල් නානායක්කාර 14/3)

ගාල්ල – නාවික හමුදාව

සූරියවැවදී පැවැති මේ තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

ගාල්ල පළමු ඉනිම පන්දුවාර 93දී සියල්ල දැවී 336යි – (නිමේෂ් පෙරේරා 54, විනුර දුල්සර 68, දිලංක අවුවාඩ් 47/2, සතික් නිමල්ෂා 22/6)

නාවික හමුදාව පළමු ඉනිම පන්දුවාර 57.2දී 187- (බුද්ධික මධුෂාන් නොදැවී 51, ෂාලිත් ප්‍රනාන්දු 23, අකලංක ගනේගම 60/3, සාරංග රාජගුරු 16/3) සහ දෙවැන ඉනිම පන්දුවාර 100දී කඩුලු 6ට 341 යි – (සුපුන් ලීලාරත්න 73,ෂාලින් ප්‍රනාන්දු 70,රවිශ්ක විජේසිරි 47/3, කවික දිල්ෂාන් 53/1)

කුරුණෑගල – මහනුවර ආගමන

කුරුණෑගල යූත් කණ්ඩායම සහ මහනුවර ආගමන විගමන කණ්ඩායම් අතර තරගය ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

කුරුණෑගල තරුණ පළමු ඉනිම පන්දුවාර 80.4දී 264 – (රන්දීර රණසිංහ 99, සංදීප් කුන්චිකේ 43, කෙෂාන් වන්නිආරච්චි 37, තරිදු විජේසිංහ 28, උමේග චතුරංග 74/4. තාරක ගුණවර්ධන 38/2) සහ දෙවන ඉනිම පන්දුවා 96දී කඩුලු 8ට 445 – (රවීන්ද්‍ර කරුණාරත්න  135, දුවිදු තීක්ෂණ නොදැවී 64, ළහිරු ජයරත්න නොදැවී 59, තරිදු විජේසිංහ 50, උමේග චතුරංග 35/3)

මහනුවර ආගමන විගමන කණ්ඩායම පළමු ඉනිම පන්දුවාර 87දී 309යි.(කඩුලු 7ක් දැවී) – (ඉයන් දේව්සිං 154, කසුන් සිල්වා 41, නවින් කවිකාර 113/5, ළහිරු ජයරත්න 40/1)

පොලීසිය -ගුවන් හමුදාව –

කටුනායක පැවැති මේ තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ගුවන් හමුදාව පළමු ඉනිම පන්දුවාර 134.5 දී 458 – (සුමින්ද ලක්ෂාන් 221, චාමිකර හේවගේ 67, අරවින්ද ප්‍රේමරත්න 63යි, සුපුන් මධුශංඛ 95/3, ළහිරු දියන්ත 116/3 සහ දෙවන ඉනිම කිසිවෙකු නොදැවී 16

පොලීසිය පළමු ඉනිම පන්දුවාර 40.1දී 142යි – (ගිටාන් කේරා 43, සුමින්දු ලක්ෂාන් 19/3,) සහ දෙවන ඉනිම පන්දු වාර 83.5 කඩුලු 6ට 421 (මධුරංග සොයිසා 90,ගිටාන් කේරා 92, අරවින්ද ප්‍රේමරත්න 94/3, ගයාන් ද සිල්වා 42/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • තුන්දින ක්‍රිකට් මූලික වටයේ අවසන් සතිය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් සමාජ මේජර් තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන සති අන්තයේ තරග දෙසැම්බර් 1 – 3 දක්වා පැවැත් වේ. මූලික වටයේ […]
  • ගුවන් – යුද කාන්තාවෝ අවසන් මහා සටනට එති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් […]
  • සත්‍යා – හංසිමා ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන කාන්තා අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවැති නාවික හමුදාව සහ ඒස් කැපිටල් අතර තරගයේදී නාවික හමුදාවේ සත්‍යා සංදීපනී (නොදැවී 156) […]
  • කොළඹින් පිට පළාත් 15න් පහළ ක්‍රීඩකයෝ කොළඹ සමඟ කරට කර
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලැබූ ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
  • 15න් පහළ ලීග් ක්‍රිකට් ශූරතාව පිට පිට දෙවැනි වරටත් කොළඹ දකුණ දිනයි
    මෙරට අනාගත ක්‍රිකට් තරු හඳුන්වාදීමේ අරමුණින් ප්‍රීමා සමාගම සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රීමා කුසලාන වයස අවුරුදු 15න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
USD United States (US) dollar

Pin It on Pinterest