slc
Home   |    News
මාර්තු 16, 2020
සී.සී.සී. – හලාවත මේරියන්ස් ඉනිමක ජයග්‍රහණ ලබාගනී

Sri Lanka Cricket

    සී.සී.සී සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ ඉරිදා නිමාවට පත්වූ තරග තුන අතුරින් ජයලබාගත්හ.

    සී.සී.සී කණ්ඩායම ඉනිමකින් හා ලකුණු අටකින් යුද හමුදාවද හලාවත මේරියන්ස් ඉනිමකින් හා ලකුණු 150කින් ලන්කන් ද පරාජය කළේ ‘ඒ’ කොටසේ තරගාවලියේ දීය. මෙම කොටසේ තවත් තරග තුනක් සදුදා (16) නිමවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කරයි.

සී.සී.සී – යුද හමුදාව

සී.සී.සී කණ්ඩායමට මේ තරගයෙන් ඉනිමක හා ලකුණු අටක ජයක් අත්විය. යුද හමුදාව නායක අසේල ගුණරත්න දෙවන ඉනිමේදී ලකුණු 70ක් රැස්කරමින් තරගය බේරා ගැනීමට ප්‍රබල උත්සහයක යෙදුනත් සී.සී.සී කණ්ඩායමේ ළහිරු ගමගේ ලකුණු 47කට කඩුලු හතක් දවාලීමෙන් සී.සී.සී ට ජය අත්විණි. 

යුද හමුදාව පළමු ඉනිම සියලුදෙනා දැවී 233 

(ලක්ෂාන් එදිරිසිංහ 69, අසේල ගුණරත්න 37, දුෂාන් විමුක්ති 33, මලින්ද පුෂ්පකුමාර 85/6)

දෙවන ඉනිම පන්දුවාර 57.1දී සියලුදෙනා දැවී 169යි.

(අසේල ගුණරත්න 70, දුෂාන් විමුක්ති 25, යශෝධ මෙන්ඩිස් 21, ළහිරු ගමගේ 47/7, ළහිරු මධුශංඛ 30/2)

සී.සී.සී පළමු ඉනිම පන්දුවාර 110.2 දී සියල්ල දැවී 410යි.

(කවිදු නදීෂාන් 122, අෂාන් ප්‍රියංජන් 50, ළහිරු මධුශංඛ 53, මලින්ද පුෂ්පකුමාර නොදැවී 39, දුෂාන් විමුක්ති 123/5, යශෝධ මෙන්ඩිස් 57/2)

හලාවත මේරියන්ස් – ලන්කන් 

මේරියන්ස් කණ්ඩායම ඉනිමක සහ ලකුණු 150ක ජයක් ලැබීය. හලාවත මේරියන්ස් කණ්ඩායමේ සාගා උදේශ ප්‍රථම ඉනිමේදී සහ දෙවන ඉනිමේදී කඩුලු හය බැගින් දවාලීමෙන් ලන්කන් කණ්ඩායමට ඉනිම දෙකේදී ලබාගත හැකිවූයේ පිළිවෙලින් ලකුණු 126ක් හා 156ක් පමණකි.

ලන්කන් පළමු ඉනිම 126යි.

(කසුන් අබේරත්න 43, සාගා උදේශ 58/6)

දෙවන ඉනිම 156යි.   

(ප්‍රිමෝෂ් පෙරේරා 51, ගීත් කුමාර 28, උදිත් මධුෂාන් 17, සාගා උදේශ 42/6, නිමේෂ් විමුක්ති 28/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 86දී කඩුලු 8ට 432යි.

(සුමිට් ගඩිගොන්කා 149, ඕෂද ප්‍රනාන්දු 84, කවිදු මෙන්ඩිස් 88, නදීර බාලසූරිය 69/3, චානක රුවන්සිරි 96/3, කේෂාන් විජේරත්න 33/1යි)

එස්.එස්.සී – මුවර්ස්

මුවර්ස් අවසාන පිතිකරුවන් දෙදෙනා කවිශ්ක අංජුල සහ ධනුෂ්ක රණසිංහ පන්දුවාර 4.4කදී නොදැවී ලකුණු 27ක් රැස්කරමින් කඩුලු ආරක්ෂා කරගැනීමෙන් එස්.එස්.සී ට ලබාගැනීමට තිබූ සම්පූර්ණ ජයග්‍රහණය අහිමිවිය.

එස්.එස්.සී.පළමු ඉනිම 284

(චරිත් අසලංක 60, සදුන් වීරක්කොඩි 53, අයන සිරිවර්ධන 51/3, ප්‍රවීන් ජයවික්‍රම 47/3යි)

එස්.එස්.සී දෙවන ඉනිම පන්දුවාර 66දී කඩුලු 9ට 335

(ෂම්මු අෂාන් 144, චරිත් අසලංක 77, සහන් ආරච්චිගේ නොදැවී 71,ප්‍රවීන් ජයවික්‍රම 89/4, සචිත්‍ර සේරසිංහ 60/2)

මුවර්ස් පළමු ඉනිම 231

(පබසර වඩුගේ 132, දිනුක දිල්ෂාන් 36, ආකාෂ් සේනාරත්න 15/4, ජෙෆ්රි වැන්ඩසේ 76/3)

දෙවන ඉනිම පන්දුවාර 79දී කඩුලු 9ට 333යි.

(පබසර වඩුගේ 96, සචිත්‍ර සේරසිංහ 104, කවිශ්ක අංජුල නොදැවී 33, තරිදු රත්නායක 83/3, ජෙෆ්රි වැන්ඩසේ 80/2

මීගමුව – කෝල්ට්ස්

කෝල්ට්ස් කණ්ඩායමට මේ තරගයෙන් ජයලැබීමට දෙවන ඉනිමේදී ලකුණු 133ක ඉලක්කයක් ලැබුණු අතර තෙවන දින තරගය නිමවන විට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 81ක් ලබා සිටියේය.

මීගමුව පළමු ඉනිම 294 

(මාධව වර්ණපුර 73, ලක්ෂිත රසාංජන 65, නිසල තාරක 56/3)

දෙවන ඉනිම පන්දුවාර 41.3දී කඩුලු 8ට 238

(පසිදු ලක්සංඛ 69, සාඩ් නසිම් 79, මාධව වර්ණපුර 42,දිල්ෂාන් මධුශංඛ 33/6, අකිල ධනංජය 71/1)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 108.4දී 399යි.

(සංතූෂ් ගුණතිලක 130,විෂාඩ් රන්දික 68, දිල්ෂාන් මුනවීර 48/3, රොෂාන් ප්‍රනාන්දු 67/2)

කෝල්ට්ස් දෙවන ඉනිම පන්දුවාර 28දී කඩුලු 6ක් දැවී 81යි.

(සංතූෂ් ගුණතිලක 37, රොෂේන් ප්‍රනාන්දු 11/2, සහන් ඉන්ද්‍රසිරි 16/2, සාඩ් නසිම් 30/2)

එන්.සී.සී. – සරසන්ස් 

සරසන්ස් කණ්ඩායම මේ තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට දෙවන ඉනිමේදී කඩුලු 7ක් ඉතිරිව ලකුණු 187ක් අවශ්‍යව ඇත. තරගයේ තෙවන දිනය සදුදාය.

එන්.සී.සී පළමු ඉනිම 421

(ඇන්ජලෝ පෙරේරා 148, සහන් ආරච්චිගේ 77,ළහිරු උදාන 70, සමන්ජීවන්ත 81/4, සචින් පීරිස් 135/2)

සරසන්ස් පළමු ඉනිම පන්දුවාර 41.1දී 150

(අෂේන් බණ්ඩාර 45, සචිත්‍ර පීරිස් 27,සිතාර ගිම්හාන් 22, චතුරංග ද සිල්වා 51/4, දිලේෂ් ගුණරත්න 21/2, ළහිරු කුමාර 26/2)

සරසන්ස් දෙවන ඉනිම පන්දුවාර 26දී කඩුලු 3ට 84යි

(අෂේන් බණ්ඩාර නොදැවී 32,සිතාර ගිම්හාන් 19,ලසිත් ඇඹුල්දෙණිය30/3යි)

ටැමිල් යූනියන් – බදුරලිය

බදුරලිය කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 56කට කඩුලු පහක් දැවී සිටින හෙයින් පරාජයෙන් ගැලවීමට ඔවුන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් තෙවනදින (සදුදා) රැස්කළ යුතුවේ.

බදුරලිය පළමු ඉනිම 286

(ළහිරු මිලන්ත නොදැවී 155, යශෝධ ලංකා 50, ඉසුරු උදාන 19/2, ධනංජය ද සිල්වා 74/6යි)

ටැමිල් යූනියන් පළමු ඉනිම 282

(ධනංජය ද සිල්වා 110, ෆයිසාන් ඛාන් 49, සුරංග ලක්මාල් 48,තිලකරත්න සම්පත් 84/5,අසලංක ද සිල්වා 27/3යි)

බදුරලිය දෙවන ඉනිම පන්දුවාර 19දී කඩුලු පහක් දැවී 56යි

(යශෝධ ලංකා 16, සුරංග ලක්මාල් 23/3, ඉසුරු උදාන 23/2)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest