slc
logo
Home   |    News
ජූනි 1, 2020
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් ක්‍රිකට් වෙත කෝටි 46 ක් වැය කරයි

Sri Lanka Cricket

By Chamila Karawita

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරි ගෙය වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නඟාසිටුවීමේ අරමුණ ඇතිව ගෙවී ගිය වසර 2 ක කාලය ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතළිස් පන්කෝටි අනූලක්ෂ පනස්දාහක (459,050,000/=) මුදලක් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ.

ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාවේ යටිතල පහසුකම් නඟා සිටුවීමට,  විවිධ වයස් කාණ්ඩ යටතේ පාසල් තරගාවලි සංවිධානය කිරීම,  දිස්ත්‍රික් සහ පළාත් මට්ටමේ තරගාවලි, වයස අවු. 19 න් පහළ ජාතික කණ්ඩායමේ තරග සංචාර වෙනුවෙන් මෙන්ම පාසල් ක්‍රිකට් පරිපාලන කටයුතු සිදුකරගෙන යෑම සඳහා එම මුදල් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ලබා දීමට පියවර ගෙන තිබේ.

‘යටිතල පහසුකම්’ සහ ‘මූල්‍ය පහසුකම්’ වශයෙන් වූ ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම මුදල් ලබාදීම් සිදුකොට තිබෙන අතර යටිතල පහසුකම් යටතේ වැඩිම මුදලක් ලබා දී ඇත්තේ කොන්ක්‍රීට් පැති විකට් ඉදි කිරීම වෙනුවෙනි. ග්‍රාමීය මට්ටමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ‘Cricket ගමට’ වැඩ සටහන යටතේ එම ප්‍රතිපාදන ලබා දීමට පියවර ගෙන ඇත්තේ දිස්ත්‍රික්කයකට අවම වශයෙන් කොන්ක්‍රීට් පැති විකට් 8 ක් බැගින් වන සේ ශ්‍රී ලංකාව පුරා කොන්ක්‍රීට් විකට් 220 ක් ඉදිකිරීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කොට ඇති මුළු මුදල රුපියල් කෝටි 13 (130,000,000/=)  කි.

මෙයට අමතරව යටිතල  පහසුකම් යටතේ පන්දු යැවීමේ යන්ත්‍ර,  තණතීරු ආවරණ, ලණු පැදුරු (මැටින්), ක්‍රීකට් උපකරණ කට්ටල, තලන යන්ත්‍ර, අත්ට්‍රැක්ටර් ඇතුළු මෙවලම්, අත් තලන යන්ත්‍ර සහ මායිම් ලණු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැය කොට ඇති සමස්ථ මුදල රුපියල් විසිතුන් කෝටි විසි එක් ලක්ෂයක් (232,100,000/=) වේ.

මේ සියල්ලට අමතරව වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම සහභාගිවුණු දෙස් විදෙස් තරග සංචාර සහ දේශීය වශයෙන් තරගාවලි පැවැත්වීම  සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිදෙකෝටි හැට නම ලක්ෂ පනස් දාහක් (226,950,000/=) වැය කර තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව ඇති 60 කට අධික ක්‍රීඩා ඉසව් වලින් පාසල් සංගමයක් වෙත උදව් උපකාර කරනු ලබන මෙරට ඇති එකම මව් සංගමය වන්නේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අතර එය ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිපාලනයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අනුව පාසල් ක්‍රිකට් සංගමය වෙත මෙම සුවිශාල පහසුකම සලසා දී තිබේ. 

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

USD United States (US) dollar