slc
logo
Home   |    News
ජූනි 2, 2020
“කාටවත් ඇඟිල්ල දිගු කළ කරන්නේ නෑ. ක්‍රිකට් ආයතනයත් එක්ක පාසල් ක්‍රිකට් ගොඩ ගන්න මාර්ග සිතියමක් සකස් කරනවා” ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම

Sri Lanka Cricket

  • By Chamila Karawita

ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යෂ්ඨිය බවට පත්ව තිබෙන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වන බැවින් එම අවශ්‍යතාව යළි යළි සකස් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අලුත් වැඩපිළිවෙළකට දායකත්වය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟන් අත්වැලි බැඳ ගෙන සිටින බව පවසන ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, ඒ අනුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීම වෙනුවෙන් වූ සිතියම සකස් කිරීමට කටයුතු කරන බව සඳහන් කර සිටියේය. 

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින රට පුරා වූ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් 225 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 45 ක මුදලක් බෙදාදීමේ වැඩ සටහන අද (02 දා) ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ක්‍රියාවට නැංවුණු අතර එම අවස්ථාවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ක්‍රීඩා අමාත්‍යවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමක් තිබෙන බව ප්‍රතිපත්තියක් විදියට පිළිගන්නා බවත් එහිදී කිසිවකුටත් තමා ඇඟිල්ල දිගු නොකරන බවත් සඳහන් කර සිටියේය.

“ප්‍රතිපත්තියක් විදියට අපේ පාසල් ක්‍රීඩාව ආත්මීය කඩා වැටීමකට ලක් වෙලා තියෙනවා. මම ඒකෙ විත්තිකරුවෝ කවුද කියන්න නොවෙයි උත්සාහ කරන්නේ. කාට හරි ඇඟිල්ල දිගු කරාම, එහෙමත් නැත්නම් ඉතිහාසයට, හිටපු ක්‍රීඩා ඇමැතිවරුන්ට, ක්‍රිකට් ආයතනයට, ඇඟිල්ල දිගු කරන්න නොවෙයි මම උත්සාහ කරන්නේ” යැයි පැවැසූ ක්‍රීඩා අමාත්‍යවරයා එම විත්ති කූඩුවේ කවුරු සිටියද වැදගත් වන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම බව සඳහන් කර සිටියේය.

අවසන් වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව 9 වැනි තැනට පත්වීම එම කඩා වැටීමට ප්‍රමාණවත් සාක්ෂි සපයන බවද සඳහන් කර සිටියේය.

“2020 වසරේ ලෝක කුසලානේ අපි පත් වුණේ නම වැනි තැනට. මේ අපේ ජාතික පාසල් කණ්ඩායම. ඒ තරගාවලියේ කවුද ශූරයින් වුණේ. 2003 දී ටෙස්ට් වරම් දිනා ගත්තේ ක්‍රිකට් වලට ආධුනික ළාබාලම ක්‍රිකට් කණ්ඩායම වන බංග්ලාදේශය. අපි අන්තිමට අවු. 19 න් පහළ ලෝක කුසලානයක අවසන් මහ තරගයට ආවේ 2000 දී. ඒකෙ ඉන්දියාව සමඟ සම ශූරයින් වුණා. ඒක ක්‍රිකට් කඩා වැටීමට තියෙන හොඳම දර්ශකය. අපි ඉන්න තැන පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කෝදුවක්. ඒ පිළිබඳ තර්කයක් නෑ” යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

කොරෝනා වෛරස් තත්ත්වය යටතේ මීටරයක පරතරයේ සිට පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති රීතීන් අකුරටම පිළිපැදීමට සිදුවීම හේතුවෙන් මෙම මුදල් බෙදා දීම අදියර දෙකක් යටතේ සිදු කිරීමට පියවර ගැනුණි. ඒ අනුව අද දිනයේ ක්‍රියාත්මක වුණු එම පළමු අදියර යටතේ පුහුණුකරුවන් 132 දෙදෙනකු, ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ගේ සුරතින් එම මුදල් ලබා ගත්හ. ඉතිරි පුහුණුකරුවන්ට ලබා දීමට නියමිත මුදල් ඉදිරි දින කීපය ඇතුළතදී සිදුකෙරෙනු ඇත. 

“මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එකතු වෙලා අලුත් වැඩපිළිවෙලඛ් එක්ක ඉදිරියට එන්න සූදානමින් ඉන්නවා. අද දිනයේදීත් ඊට පෙරත් අපේ සාකච්ඡා ඇතුළේ ඒ පිළිබඳව සාකච්ඡා වුණා. ඒ අනුව අපි දැන් මාර්ග සිතියමක් සකස් කරමින් සිටිනවා. මේ කියන සියලු කාරණා එක රැයකින් කරන්න බෑ. නමුත් අද දිනයේ තබපු මේ පියවර හොඳ පියවරක්. පාසල් ක්‍රීඩාව තමයි ඕනෑම රටක ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ න්‍යාෂ්ඨිය බවට පත්වෙන්නේ 

එක් පුහුණුකරුවකු රුපියල් විසිදහස බැගින් වන පරිදි ගෙවන ලෙස එම මුදල් බෙදා දීමට අමතරව පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යෑම සඳහා වූ යටිතල පහසුකම් වශයෙන් ක්‍රීඩාංගණ නඩත්තු කරන උපකරණද මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ. 

පාසල් ක්‍රීඩාව ඔසවා තැබීමේ අරමුණු කර ගනිමින් පාසල් ක්‍රිකට් සංගමයේ මවු සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවී ගිය වසා 2 ක කාලයේදී මිලියන ගණනින් වූ  මුදල් ප්‍රතිපාදන ලබාදී මට කටයුතු කොට ඇති බවද පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතා පවසා සිටියේය. 

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මතාට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් එස්. රුවන්චන්ද්‍ර ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා, විදුහල්පතිවරු, ක්‍රිකට් භාර අචාර්යවරු සහ පුහුණුකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණ. 

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee