slc
Home   |    News
ජූලි 2, 2020
ඌව ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රිකට් ආයතනයේ කිසිම සම්බන්ධයක් නෑ

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 ජූලි 01

ඌව ප්‍රිමියර් ලීග් නැමැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බවට ඇතැම් ඉන්දීය වෙබ් අඩෙවි විසින් ප්‍රචාරය කරමින් සිටින නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ඒ හා අනුබද්ධ ආයතනයක් එවැනි ක්‍රිකට් තරගාවලියක් පිළිබඳව කිසිදු දැනුවත් භාවයක් හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.

ඌව ප්‍රිමියර් ලීග් නමැති ක්‍රිකට් තරගාවලියක් බදුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බවට සඳහන් කරමින් ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්  ඉකුත් ජුනි 29 වැනි දින ලකුණු පුවරුවක් පවා ප්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබූ නමුත්, ඒ ආකාරයේ තරගාවලියක් ශ්‍රී ලංකාවේ කිසිම ක්‍රීඩාංගණයක නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගකීමෙන් යුතුව තහවුරු කර සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂණ මර්දන ඒකකයට දැනුම් දුන් බවයි. ඒ අනුව  එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාවේ නොපැවෙත්වෙන බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මෙම තරගාවලිය සම්බන්ධව ප්‍රචාරය ලබා දුන් ඉන්දීය වෙබ් අඩවි ඒ සඳහා කණ්ඩායම් හතරක් සහභාගි වන බවට දක්වා තිබූ අතර එම කණ්ඩායම් නම් කර තිබුණේ මොනරාගල හොනට්ස්, මහියංගණය යුනිලයන්ස්, වැල්ලවාය වයිපර්ස් සහ බදුල්ල සී ඊගල්ස් ලෙසිනි.

එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ මෙම තරගාවලිය පිළිබඳව තමන්ට කිසිදු වගකීමක් දැරිය නොහැකි බවත් තම ආයතනයේ නම අනවසරයෙන් යොදාගෙන කරන මෙවන් තරඟාවලි සඳහා නීති මගින් කටයුතු කරන බවත්ය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest