slc
Home   |    News
ජූලි 2, 2020
තුන් ඉරියව්වේම කැපී පෙනුණු විශිෂ්ටයා තිලකරත්න දිල්ෂාන්.

Sri Lanka Cricket

          ශ්‍රී ලංකාව බිහිකළ තුන්ඉරියව් ක්‍රීඩකයන් අතුරින් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස තිලකරත්න දිල්ෂාන් නම් කළ හැකිය. හිටපු නායකයෙකු වන දිල්ෂාන් දකුණතින් පිත්ත හසුරුවන ආරම්භක සහ මැද පෙළ පිතිකරුවකු වන අතර වේගයෙන් ජයග්‍රාහී ලකුණු හඹායාමටද දක්ෂ අයෙකි. පන්දු රැකීමේදී පිතිකරු අසළ හෝ එක්ස්ට්‍රා කවර්හි දක්ෂ උඩ පන්දු රැක ගැනීමෙන්ද එක්දින තරගයක නම් ලකුණු විස්සක් පමණ සහ ටෙස්ට් තරගයක එලෙස දෙගුණයක්ද ආරක්ෂ කර දෙන ක්‍රීඩකයෙකි. කඩුලු රකින්නකුද වේ. පන්දු යැවීමේදී දිගු සබඳතා බිඳදැමීමටත් එක්දින තරගයක අවශ්‍ය අවස්ථාවන්හි ඕවර 5-6ක් වැනි සංඛ්‍යාවක් යැවීමටත් සමතෙකි.

          1976 ඔක්තෝබර් 14 වැනිදා කලුතරදී උපත ලද තිලකරත්න දිල්ෂාන් කලුතර මහ විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය. පාසල් දිවියෙන් පසුව ටැමිල්යූනියන් කණ්ඩායම නියෝජනය කළ දිල්ෂාන් ශ්‍රී ලංකාවේ තරුණ කණ්ඩායම් රැසක්ම නියෝජනය කළේය. එක්දින තරගවලදී විශේෂ දක්ෂතා දැක්වූ මොහු ශ්‍රී ලංකාවේ එක්දින ලකුණු දස දහස ඉක්මවූ අල්ප සංඛ්‍යාවක් වූ පිතිකරුවන් අතරට එක්වීමටද සමත්විය.

          පන්දුවට පහරදෙන අවස්ථාවේ තම පිටුපස සිටින කඩුලු රකින්නාගේ හිසට උඩින් පිටුපසට එල්ල කරන “ඩිල් ස්කූප්”  පහර මොහු විසින් හඳු         න්වා දුන් අතර එය ලොව පුරා ප්‍රසිද්ධියට පත්විණි. කෙතරම් භයානක වුවද එම පහර ඔහු නිවැරදිව පහසුවෙන් එල්ල කරයි.දිල්ෂාගේ තවත් දක්ෂතාවක් වන්නේ එක්දින ටෙස්ට් හා 20-20 යන තරගාවලියන් තුනේදීම දක්ෂ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රියාකිරීමය.

          එක්දින තරග 330කට සහභාගිවී ඇති දිල්ෂාන් එහිදී ලකුණු 10290ක් රැස්කළේ ශතක 22ක් සහ අර්ධ ශතක 47ක් සමගිනි. එක්දින ඉනිමක සාමාන්‍ය සංඛ්‍යාව ලකුණු 39.27කි.ටෙස්ට් ඉනිම 145කදී ලකුණු 5492ක් ලබාගත්තේ ශතක 16ක් සහ අර්ධ ශතක 23ක් සමගය. එහි සාමාන්‍ය 40.98කි. එක්දින කඩුලු 109ක්ද ටෙස්ට් කඩුලු 39ක්ද දවා තිබේ. එක්දින උඩපන්දු 123ක්ද ටෙස්ට් උඩපන්දු 88ක් ද රැකගෙන තිබේ.

          නොබෝදා ඉන්දියාවේ මුම්බායිහි පැවැති ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ දී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේය. 2010-2011 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නේද මොහුය.

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest