slc
logo
Home   |    News
අගෝස්තු 20, 2020
කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවති

Sri Lanka Cricket

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ පළමු දිනට තරග නිමා කරන විට  කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වූහ. එන්. සී. සී., බී. ආර්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් වූ අතර රාගම කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට එහෙවත් කඩුලු 5 ක් දැවී ලකුණු 294 ක් දැවී දෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ. 

අද පැවැති තරග අතුරින් එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ශතකයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. එන්. සී. සී. පිලේ වැඩිම බලාපොරොත්තුවක් සහිත පිතිකරුවා වන මෙම දකුණත් පිතිකරුවා සිය ඉනිම සඳහා පන්දු 165 කට මුහුණ දුන් අතර එහිදී හතරේ පහර 16 කින් තම ඉනිම වර්ණවත් කර ගත්තේය. තරගාවලියේ ද්විත්ව ශතක රැස් කරන ලද පිතිකරුවන් අතර සාමාජිකයකු වූ ළහිරු සුපිරි කණ්ඩායම් 8 තරග වටය අරඹමින් යුද හමුදාවට එරෙහිව ලකුණු 105 ක්ද බී. ආර්. සී. පිලට එරෙහිව අවසන් සතියේ පැවැති තරගයේදී පළමු ඉනිමේ ලකුණු 90 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 93 ක් රැස් කිරීමට සමත්වූවේය.

එන්. සී. සී. යෙන් සැර ආරම්භයක්

ළහිරු උදාරගේ ශතකයෙන් පෝෂණය වුණු එන්. සී. සී. පිල දිනය අවසන් වන විඩ කඩුලු 5 කට ලකුණු 341 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. මහේල උඩවත්තගේ ලකුණු 77 ත් දිනය හමාර වන විට කඩුල්ලේ රැඳී සිටි චතුරංග ද සිල්වාගේ ලකුණු 88 ත් එන්. සී. සී. ඉනිමට ශක්තියක් විය. 

මෙම තරගයේදීත් නිරෝෂන් දික්වැල්ල විසින් ඉනිම ඇරැඹි අතර ළහිරු ගමගේ විසින් යවන ලද පළමු පන්දුවට දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියේය. උපුල් තරංගද අඩු ලකුණු සංඛ්‍යාවක් දැවී ගිය නමුත් තෙවැනි කඩුල්ලට එක්වූ ළහිරු උදාර සහ මහේල උඩවත්ත ලකුණු 174 ක සම්බන්ධතාවක් පැවැත්වූවේය. 

නායක ඇන්ජලෝ පෙරේරාද දික්වැල්ල මෙන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර 6 වැනි කඩුල්ල වෙනුවෙන් චතුරංග ද සිල්වා සහ සහන් ආරච්චිගේ අතර නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 115 කි. 

එන්. සී. සී. පන්දුවාර 89 කදී කඩුලු 5 ට ලකුණු 341 යි – (ළහිරු උදාර 111, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, චතුරංග ද සිල්වා 88* , සහන් ආරච්චිගේ 35*, ළහිරු ගමගේ 35/2) 

බී. ආර්. සී. කඩුලු 6 ට 319 යි

ශානුක දුලාජ් සහ රමින්ද විජේසූරිය එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 137 ක සම්බන්ධතාවය ප්‍රධාන කොට ලකුණු 300 සීමාව පහසුවෙන් ඉක්මවා යෑමට බී. ආර්. සී. පිලට අවස්ථාව උදාවිය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශානුක ශතකය ආසන්නයේ හෙවත් ලකුණු 94 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගිය නමුත් රමින්ද විජේසූරය ලකුණු 64 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීම සඳහා අවස්ථාව උදා කරගෙන සිටියි. 

පන්දු 142 කින් සමන්විත වුණු දුලාජ්ගේ ඉනිම සඳහා හේ හයේ පහරක් සහ හතරේ පහර 15 කින් තම ඉනිම වර්ණවත් කර ගත්තේය. ඔහුට අමතරව නිසල් ෆ්‍රන්සිස්කෝ ලකුණු 52 ක් ලබා ගත්තේය. 

බී.ආර්.සී. – සැරසන්ස්

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 6 ට ලකුණු 319 යි – (ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රමින්ද විජේසූරිය 64* සචින්ත පීරිස් 83/2)

පසු පෙළ පිහිටෙන් කෝල්ට්ස් වැටී නැගිටියි

පිතිකරුවන් යැයි නම් දැරූ ඉදිරි පෙළ සිව් දෙනෙකු ලකුණු 45 ක් ඇතුළත තරග නරඹන්නන් වූ අද තරගයේදී මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ ධෛර්යය වන්ත පිතිහරඹය හමුවේ ලකුණු 300 සීමාව ඉක්මවා යෑමට කෝල්ට්ස් කණ්ඩායමට අවස්ථාව උදාවිය. 

දැවී ගිය පිතිකරුවන් සිව් දෙනා අතර සධීර සමරවික්‍රම (12), අවිෂ්ක ප්‍රනාන්දු (08), ඇන්ජලෝ මැතිව්ස් (00) සහ විරාද් රන්දික (07) එසේ අඩු ලකුණු වලට දැවී ගිය පිතිකරුවන් බවට පත්වූහ. දැවී ගිය කඩුලු 4 න් අසිත ප්‍රනාන්දු සහ තික්ෂිල ද සිල්වා කඩුලු 2 බැගින් බෙදා ගත්හ. 

ජ්‍යේෂ්ඨයින් අසාර්ථක වුණු කෝල්ට්ස් ඉනිමේ වගකීම කරට ගත් සංතුෂ් ගුණතිලක ලකුණු 74 ක් ලබා ගන්නා ලද්දේ සිය කණ්ඩායම වැටී සිටි අසීරු තත්ත්වයෙන් ගොඩ ගනිමිනි. ඉනිමේ 7 වැනි පිතිකරුවා ලෙසින් සංතුෂ් දැවී යනවිට මුලු ලකුණු සංඛ්‍යාව 174 ක් ලෙසින් සටහන් වී තිබිණ, කෙසේ වෙතත් දිල්රුවන් පෙරේරා සහ අකිල ධනංජය දෙදෙනා අර්ධ ශතක රැස් කිරීමට සමත්වීම නිසා අවසන් කඩුලු 3 ට ලකුණු 128 ක් රැස් කරමින් කෝල්ට්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියහ. 

පන්දු යැවීමෙන් කැපී පෙනුණු අසිත ප්‍රනාන්දු ලකුණු 87 කට කඩුලු 5 ක් දවා ගත් අතර තික්ෂිල සහ ෂෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. 

කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 11 කදී කිසිවකු නොදැවී ලකුණු 53 යි – (ලසිත් කෲස්පුල්ලේ 38*, ඕෂධ ප්‍රනාන්දු 12*)

රාගම පිලෙන් මන්දගාමී ආරම්භයක්

යුද හමුදා පිලට එරෙහිව පැවැති මෙම තරගයේදී  වඩා අඩුම ලකුණු ලබා ගැනීමේ වේගයක් රැඳී ලකුණු සංඛ්‍යාව වූයේ රාගම ක්‍රීඩා සමාජය කඩුලු 5 ක් දැවී රැස් කරන ලද ලකුණු 294 ක් ඉනිම වේ. රාගම පිල වෙනුවෙන් සමින්ද ප්‍රනාන්දු ලකුණු 92 ක් සහ රොෂේන් සිල්වා ලකුණු 80 ක් ලබා ගනිමින් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දායකත්වය දැක්වීය.

රාගම පළමු ඉනිම පන්දුවාර 90 කදී 294/5 යි – (සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ජනිත් ලියනගේ 20*, උදාර ජයසුන්දර 17, ඉෂාන් ජයරත්න 17)

Active filters

Recent Posts

  • දෙපිළම තීරණාත්මක කඩඉමක් අභියස
    පිතිකරුවන් අතින් සිදුවූ අතපසුවීම හේතුවෙන් ලකුණු 249 ක ජයග්‍රාහී පහසු ඉලක්කය අතහැර ගැනීම නිසා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට පැමිණීමට පෙරම තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ පහසුම අවස්ථාව මඟ […]
  • දසුන් සහ චාමිකට විස්සයි-20 සංචිතයට කැඳවුම්
    බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට හිටපු නායකයකු වන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ චාමික […]
  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar