slc
logo
Home   |    News
අගෝස්තු 27, 2020
තරංග පරණවිතාන ක්‍රිකට් පිටියට සමුදෙයි

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු 27

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද ඉදිරි පෙළ පිතිකරුවකු වන තරංග පරණවිතාන සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව තරංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ පරණවිතාන තම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන විට 38 හැවිරිදි වියේ පසුවන්නේය. ටෙස්ට් තරග සඳහා විශේෂඥ පිතිකරුවකු ලෙසින් කටයුතු කළ පරණවිතාන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 32 කට සහභාගිවී තිබේ.

මාධ්‍ය අංශය 

ශ්‍රී ලංකා ක්‍රිකට්

  • Ends – 

Active filters

Recent Posts

  • වැස්සෙන් සිදුවන බාධා මැද තරග තුනක් ඇරැඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැත්වෙන තරග අතුරින් තරග තුනක් හැර අනෙක් තරග සියල්ලම වර්ෂාව හේතුවෙන් ආරම්භ […]
  • ආසියානු ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකා පිල පිටත්ව යයි
    19 වැනි වතාවට චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේ පිරිමි ක්‍රිකට් තරග ඉස්සවට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම සැප්තැම්බර් මස 30 වැනිදා චීනය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන […]
  • රිදී පදක්කම් දිනූ කාන්තාවෝ මව්බිමට එති
    චීනයේ හංජෝ නුවර පැවැති ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට හැකිවීම පිළිබඳව තමන් ඇතුළු කණ්ඩායම දැඩි සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ […]
  • වැස්සට සේදුණු දිනයේදී තිලකරත්න සම්පත්ගෙන් අර්ධ ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ සතියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරග අටෙන් නුගේගොඩ ක්‍රීඩා, සුබ සාධක සමාජය හා කෝල්ට් අතර […]
  • පළමු පුහුණු තරගයේදී බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්
    තවත් දින කිහිපයකින් ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පෙරහුරු තරගමාලාව ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති එක්දින පුහුණු තරගයේදී බංග්ලාදේශ පිල කඩුලු 7ක ජයක් වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest