ටෙස්ට් තරග 44 කට ක්‍රීඩා කිරීමේ පරිණතත්වය මැනවින් ප්‍රයෝජනයට ගත් කුසල් මෙන්ඩිස් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී රැස් කරන ලද ද්විත්ව ශතකය හේතුවෙන් පිට පිටම දෙවැනි වතාවටත් ලීග් ශූරයින් ලෙස කිරුළු පැළඳීමට සී. සී. සී. කණ්ඩායමට අද (22 දා) හැකියාව ලැබිණ.
අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ ප්‍රබල එන්. සී. සී. පිල ලබා දුන් ලකුණු 468 ක ඉලක්කය හඹා ගිය සී. සී. සී. කණ්ඩායම එම ඉලක්කය කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගැනීමට සමත්විය. ඒ අනුව එම තරග වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශූරයින් ලෙස කිරුළු පැළඳීමේ අවස්ථාව සී. සී. සී. කණ්ඩායමට උදාවිය.
සී. සී. සී. පිල වාර්තා කරන ලද ජයග්‍රහණයත් සමඟ දෙවැනි දින අවසනදී ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නිර්මාණය වී තිබූ තුන් කොන් සටන මේ වන විට අනුශූරතාව දිනා ගැනීම වෙනුවෙන් නිර්මාණය වී තිබේ. මෙහිදී එන්. සී. සී., හලාවත මේරියන්ස් සහ රාගම ක්‍රීඩා සමාජ අතර එම තුන්කොන් සටන නිර්මාණය වී තිබේ. තරගාවලියේ අවසන් හෙවත් සිව්වැනි සතියේදී රාගම ක්‍රීඩා සමාජයට අනුශූරතාව දිනා ගැනීමට නම් ඔවුන් පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීම හැරුණු කොට හලාවත මේරියන්ස් සහ සී. සී. සී. කණ්ඩායම් 2 ම පරාජය වන තෙක් බලා සිටිය යුතුය.
හලාවත මේරියන්ස් පිල අභිබවා ගොස් අනුශූරයින් වීමට නම් එන්. සී. සී. පිලට සී. සී. සී. පිලට එරෙහිව පැවැත්වෙන තරගයේදී පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීම අනිවාර්ය වන අතර හලාවත මේරියන්ස්ට පිලට පළමු ඉනිමේ ජයක් පමණක් ලීග් අනුශූරයින් බවට පත්වීමට ප්‍රමාණවත් වනු ඇත.
කුසල් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්
ලකුණු 73 ක් ලබා තෙවැනි දිනය ආරම්භ කළ කුසල් අද දිනයේදී සිය පළමු පෙළ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කීවේ නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මාවත විවර කර දෙමිනි. පන්දු 300 කින් සමන්විත වුණු මෙන්ඩිස්ගේ ලකුණු 200 සඳහා ඔහු හයේ පහරක් සහ හතරේ පහර 24 ක් එල්ල කළේය. ලසිත් ඇඹුල්දෙණියට එරෙහිව එල්ල කරන ලද එම හයේ පහරත් සමඟ සිය පළමු පෙළ දිවියේ පළමු ද්විත්ව ශතකයට හිමිකම් කී මෙන්ඩිස් දෙපිළේම කැමැත්තෙන් නියමිත වේලාවට පෙර තරගය නතර කර දමනා විටත් සිය කඩුල්ල ආරක්ෂා කර ගෙන සිටියේය.
දිවා ආහාරයට පෙර යවන ලද අවසන් පන්දුවේදී මස් පිඬු පෙරැළීමේ ආබාධයකට ගොදුරු වුණු මෙන්ඩිස් දිවා ආහාරයෙන් පසු පන්දුවට පහර දීමට නොපැමිණියේය. ඒ වන විටත් ලකුණු ලකුණු 128 ක් ලබාගෙන සිටි කුසල් අනෙක් ශතක ලාභියා වූ ලසිත් අබේරත්න සමඟ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 171 ක් රැස් කරමින් දීර්ඝ හඹා යෑමට අත්‍යවශ්‍යම පදනම එක් කර තිබුණහ.
මෙන්ඩිස්ගේ නොසිටි කාල සීමාවේදී වගකීම ගෙන පන්දුවට පහර දුන් ඉකුත් තරගයේදීද ශතකයක් රැස් කළ ලසිත් අබේරත්න පන්දු 166 කට මුහුණ දෙමින් ලකුණු 104 ක් ලබා ගත්තේය. හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වුණු අබේරත්නගේ දැවී යෑමත් සමඟ නැවතත් කුසල් මෙන්ඩිස් පිටියට පැමිණියේය.
ලසිත් ඇඹුල්දෙණියගේ පිට පිට පන්දු 2 කදී පන්දුව හතරේ සීමාවට යැවූ කුසල් ළහිරු මධුශංක සමඟ එක්වෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගිය ගමනට යළි නායකත්වය දුන්නේය. එහිදී නායකයාට මැනවින් සහයෝගය ලබා දුන් ළහිරු පන්දු 116 කට මුහුණ දී ලකුණු 63 ක් ලබා තරගය හමාර කරන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත්තේය. මොවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාවය ලකුණු 134 කි.
එන්. සී. සී. පන්දුවාර 125.3 කදී ලකුණු 467 යි – (චතුරංග ද සිල්වා 159, ළහිරු උදාර 111, සහන් ආරච්චිගේ 62, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, ලසිත් ඇඹුල්දෙණිය 16, මාලින්ද පුෂ්පකුමාර 80/6 ළහිරු ගමගේ 66/2)
සී.සී.සී. පළමු ඉනිම 123 කදී කඩුලු 6 ට ලකුණු 480 යි – (කුසල් මෙන්ඩිස් 200*, ලසිත් අබේරත්න 104, මිනෝද් භානුක 33, ළහිරු මධුශංක 63*, රොන් චන්ද්‍රගුප්ත 19, අශාන් ප්‍රියන්ජන් 23, වනිඳු හසරංග 14, ළහිරු කුමාර 103/2, දුෂ්මන්ත චමීර 81/2)
සංතුෂ්ගෙන් දෙවැනි ඉනිමේත් අර්ධ ශතකයක්
පෙර දිනයේදී ලකුණු 399 කට කඩුලු 9 ක් ලබා සිටි හලාවත මේරියන්ස් පිල තෙවැනි දින ආරම්භයේදීම ඉනිම අත්හිටුවා කෝල්ට්ස් පිලට දෙවැනි ඉනිම සඳහා ආරාධනා කර සිටි නමුත් තරගය නිමා වන විට රිසිසේ පන්දුවට පහර දුන් කෝල්ට්ස් පිල කඩුලු 5 ක් දැවී ලකුණු 227 ක් ලබා ගත්තේය. පළමු ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූ සංතුෂ් ගුණතිලක දෙවැනි ඉනිමේදීද ලකුණු 82 ක් රැස් කරමින් කණ්ඩායමට ශක්තියක් වූවේය.
කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)
හලාවත මේරියන්ස් පන්දුවාර 101 කදී කඩුලු 9 කට ලකුණු 399 යි – (ලසිත් කෲස්පුල්ලේ 54, ඕෂධ ප්‍රනාන්දු 35, රුමේෂ් බුද්ධික 145, ෂෙහාන් ජයසූරිය 28, පුලින තරංග 15, කසුන් විදුර 68*, තික්ෂිල ද සිල්වා 20, ඩිල්රුවන් පෙරේරා 84/3, නිපුන් රන්සික 58/2, අකිල ධනංජය 72/2)
කෝල්ට්ස් පන්දුවාර 75 කදී කඩුලු 5 ට ලකුණු 227 යි – (සංතුෂ් ගුණතිලක 82, විශාද් රන්දික 32, සංගීත් කුරේ 57*, නිමේෂ් විමුක්ති 59/2)
රාගමින් පුදුමය දනවන තීරණයක්
පළමු ඉනිමේදී ලකුණු 312 ක් ඉදිරියෙන් සිටිමින් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමේ පහසුම අවස්ථාවක් රාගම කණ්ඩායමට උදාවී තිබුණද පිට පිටම දෙවැනි වරටත් යුද හමුදාවට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දෙනවා වෙනුවට රාගම ක්‍රීඩා සමාජය යළිත් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට තීරණය කිරීම සෑම දෙනාගේම විමතිය දනවන සිදුවීමක් බවට පත්විය.
ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ රාගම පිල කඩුලු 8 කට ලකුණු 126 ක් ලබා ඉනිම අත්හිටුවා ලකුණු 439 ක ඉලක්කයක් යුද හමුදා පිලට ලබා දුන්නේය. කෙසේ වෙතත් තරගයනිමා කරන විට කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 66 ක් ලබා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත්වූවේය. රාගම දෙවැනි ඉනිමේදී ලකුණු 38 කට කඩුලු 5 ක් දවා ලීමට යුද හමුදා පිලේ දුශාන් විමුක්ති සමත්වූවේය.
රාගම පළමු ඉනිම පන්දුවාර 144.3 කදී කඩුලු 9 ට ලකුණු 501 යි – (ජනිත් ලියනගේ 107*, සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ඉෂාන් ජයරත්න 19, බිනුර ප්‍රනාන්දු 62, අමිල අපෝන්සු 44, යශෝධ මෙන්ඩිස් 74/3, ප්‍රසන්න සික්කුගේ 128/2, මල්ක මදුසංඛ 84/2)
යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 59.1 කදී ලකුණු 189 යි – (හේෂාන් හෙට්ටිආරච්චි 54, දිනේෂ් චන්දිමාල් 50, දුෂාන් විමුක්ති 20, යසෝද මෙන්ඩිස් 25, ශෂික දුල්ශාන් 44/4, ඉෂාන් ජයරත්න 13/2)
රාගම දෙවැනි ඉනිම පන්දුවාර 30.2 කදී කඩුලු 8 ට ලකුණු 126 යි – (සමින්ද ප්‍රනාන්දු 32, උදාර ජයසුන්දර 13, රොෂේන් සිල්වා 18, ජනිත් ලියනගේ 16, ශෂික දුල්ශාන් 12, දුශාන් විමුක්ති 38/5, ප්‍රසන්න සික්කුගේ 32/3)
යුද හමුදාව දෙවැනි ඉනිම පන්දුවාර 16 කදී කඩුලු 2 ට ලකුණු 66 යි – (අසේල ගුණරත්න 22*, තුලින ඩිල්ෂාන් 19, මහේෂ් කුමාර 15)
බී. ආර්. සී. අනපේක්ෂිත පසුබෑමක
සැරසන්ස් පළමු ඉනිම 262 කට සීමා කරමින් පළමු ඉනිමේ පෙරමුණ ගැනීමට බී. ආර්. සී. පිල සමත් වුවත් අනපේක්ෂිත ලෙස දෙවැනි ඉනිමේදී ලකුණු 124 කට සීමාවී තරමක පසුබෑඹකට ලක්විය. බී. ආර්. සී. පිල අසීරුවේ දැමී මොහොමඩ් ඩිල්ශාඩ් ලකුණු 42 කදී කඩුලු 7 ක් බිඳ හෙළුවේය.
ඒ අනුව සැරසන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ලකුණු 255 ක ඉලක්කයක් හිමි වුණත් තරගය නිමා කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 75 ක් රැස් කරගෙන සිටියේය.
බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 110.1 කදී ලකුණු 392 යි – (රමින්ද විජේසූරිය 109, ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රනිත ලියනආරච්චි 66/4, සචින්ත පීරිසි 85/2)
සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 88 කදී ලකුණු 262 යි – (සිතාර ගිම්හාන් 43, ගමිඳු අමරසිංහ 43, ප්‍රමෝද් මදුවන්ත 47, අශේන් බණ්ඩාර 31,සචින්ත පීරිස් 21, රනිත් ලියනාරච්චි 37, නවිඳු විතානගේ 17, මොහොමඩ් ශිරාස් 74/4, භානුක රාජපක්ෂ 49/2, දිවිඳු තිලකරත්න 36/2)
බී.ආර්.සී. දෙවැනි ඉනිම පන්දුවාර 27.1 කදී ලකුණු 124 යි – (හෂේන් රාමනායක 35, නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, රමින්ද විජේසූරිය 14, උමෙෂ්ක මොරායස් 17*, මොහොමඩ් ඩිල්ශාඩ් 42/7, සචින්ත පීරිස් 28/3)