slc
Home   |    News
අගෝස්තු 12, 2020
මැතිව්ස් ශතකයකින් වැඩ අරඹයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ප්‍රිමියර් ලීග් සුපිරි අට (සුපර් එයිට්) ක්‍රිකට් තරගාවලියේ සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී කෝල්ට්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දෙවන දිනයේදී නොදැවී ලකුණු 173ක් ලබා සුපර් 8 තරග වටයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය.

සී.සී.සී නායක කුසල් මෙන්ඩිස් රාගම සමග ප්‍රථම දිනයේදී නොදැවී ලකුණු 132ක් ලබා සිටියත් ඔහුට දෙවන දිනයේ ලබාගත හැකිවූයේ ලකුණු හතක් පමණකි. මොවුන් දෙදෙනාට අමතරව එන්.සී.සී.කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග ලකුණු 121 ක් සහ ළහිරු උදාන ලකුණු 105 ක් වශයෙන් ශතක වාර්තා කිරීමට සමත්වූහ.

සුපිරි අට ප්‍රතිඵල

සී.සී.සී.- රාගම සී.සී.

රාගම අසීරු අඩියක

කටුනායක පැවැත්වෙන මේ තරගයේදී සී.සී.සී, කණ්ඩායම කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 499 ක දැවැන්ත ඉලක්කය හඹා ගිය රාගම කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 132 ක් පමණි. ඒ අනුව නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින රාගම පිලට ඉනිමක පරාජයෙන් බේරීමට නම් ලකුණු 367 ක ඉලක්කයක් සපුරාගත යුතු හෝ තරගයේ තෙවැනි දිනය කණ්ඩායම අත ඉතුරු කඩුලු 8 රැක ගත යුතු වේ. දිනය අවසන් වන විට රාගම කණ්ඩායමේ කඩුලු 2 ක් ලකුණු 04 ක් ඇතුළත දවා ගැනීමට ළහිරු ගමගේ සහ මාලින්ද පුෂ්පකුමාර සමත්වූහ.

ප්‍රථම දින නොදැවී ලකුණු 132ක් ලබාසිටි සී.සී.සී නායක කුසල් මෙන්ඩිස් දෙවන දින තව ලකුණු හතක් එක්කරද්දී ලකුණු 139කට දැවී ගියේය. වනිඳු හසරංග හතරේ 14ක් සමඟ ලකුණු 88ක් ද ළහිරු මධුශංඛ නොදැවී ලකුණු 57ක්ද මෙදින රැස්කළහ.

සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 117 කදී  කඩුලු 7 ලකුණු 499 යි(මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් 139, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග 88, ළහිරු මධුශංක 57, සොනාල් දිනූෂ 29, මාලින්ද පුෂ්පකුමාර 12*, බිනුර ප්‍රනාන්දු 72/4)

රාගම සී.සී.පළමු ඉනිම පන්දුවාර 41.2 කදී ලකුණු 132 – (ජනිත් ලියනගේ 43*, රොෂේන් සිල්වා 27, මලින්ද පුෂ්පකුමාර 35/4, වනිඳු හසරංග 36/2, ළහිරු මධුශංඛ 16/2) සහ දෙවැනි ඉනිම කඩුලු 2ට ලකුණු 04යි. – (ළහිරු ගමගේ 1/1, මලින්ද පුෂ්පකුමාර 2/1)

කොල්ට්ස් – සැරසන්ස්

කෝල්ට්ස් පිලෙන් ශතක 2 ක්

සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 173 ක් ලබා ගැනීම හැරුණු විට සංතුෂ් ගුණතිලක ශතකයක් (100) ලබා ගැනීම කැපී පෙනිණ. මෙහිදී ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 245 ක ලකුණු සම්බන්ධතාවයක් එක්වීමද කෝල්ට්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව ප්‍රබල තත්ත්වයකට පැමිණීමට ප්‍රධාන ලෙසින් ඉවහල් විය.

නොබිඳුණු මැතිව්ස්ගේ ඉනිම සඳහා පන්දු 262 කට මුහුණ දුන් අතර එහිදී හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සරසා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සංතුෂ් ගුණතිලක වඩා ඉවසිලිවන්ත වෙමින් පන්දුවට පහර දෙන ලද්දේ හතරේ පහර 3 ක් පමණක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. පළමු පෙළ තරග දිවියේ දෙවැනි ශතකයට හිමිකම් කී සංතුෂ් එම ඉනිම සඳහා පන්දු 245 කට මුහුණ දී තිබිණ.

කෝල්ට්ස් පළමු ඉනිම 408/6 (128.2) – (ඇන්ජලෝ මැතිව්ස් 173*, සංතූෂ් ගුණතිලක 100, සධීර සමරවික්‍රම 41, අවිශ්ක ප්‍රනාන්දු 66, සධීර සමරවික්‍රම 41 කසුන් රාජිත 85/3, පී.මධුවන්ත 72/2)

සරසන්ස් පළමු ඉනිම 113/3 (44) – (කණිෂ්ක අමරසිංහ 45, නවිඳු විතානගේ 32, නිසල තාරක 35/1)

හලාවත මේරියන්ස් – බී.ආර්.සී.

හලාවත මේරියන්ස් මේ තරගයෙන් පහසු ජයග්‍රහණයක් අත්කර ගන්නා තත්ත්වයක පසුවිය. මේරියන්ස් පළමු ඉනිමේ ලබාගත් ලකුණු 195ට පිළිතුරු ලෙස බී.ආර්.සී පළමු ඉනිමේ ලබාගත්තේ ලකුණු 87ක් පමණෙකි. දෙවන දින තරගය නිමවනවිට මේරියන්ස් දෙවන ඉනිම සඳහා කඩුලු හයකට ලකුණු 359ක් ලබා ලකුණු 467ක් ඉදිරියෙන් සිටීමට සමත්විය.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 යි – ඕෂධ ප්‍රනාන්දු 42, රුමේෂ් බුද්ධික, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, අසිත ප්‍රනාන්දු 12, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 81 කදී කඩුලු 6 ට ලකුණු 359 යි – (කමිඳු මෙන්ඩිස් 136*, ෂෙහාන් ජයසූරිය 35, ලසිත් කෲස්පුල්ලේ 15, කසුන් අධිකාරි 87, තිකිෂිල ද සිල්වා 40*, භානුක රාජපක්ෂ 40/3, දුවිඳු තිලකරත්න 71/2)

බී.ආර්.සී.පළමු ඉනිම පන්දුවාර 34.2 කදී ලකුණු 87 යි – (දේශාන් ඩයස් 24, ලසිත් ලක්ෂාන් 18, අසිත ප්‍රනාන්දු 42/4, තීක්ෂිල ද සිල්වා 13/3, නිමේෂ් විමුක්ති 6/3)

යුද හමුදාව – එන්.සී.සී.

යුද හමුදා බලාපොරොත්තු ළහිරු සහ තරංග ඈතට රැගෙන යයි

යුද හමුදාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 269ට පිළිතුරු ලෙස එන්.සී.සී පිල දෙවන දින තරගය නතර කරන විට කඩුලු හයකට ලකුණු 323ක් ලබා ඉදිරියෙන් සිටියේය.

එන්.සී.සී කණ්ඩායමේ ළහිරු උදාන හතරේ 12ක් හයේ පහරක් සමග ලකුණු 105ක්ද උපුල් තරංග හතරේ 19ක් හයේ පහරක් සමඟ ලකුණු 121ක් ද ලැබූහ. මොවුන් දෙදෙනා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 144ක් එක්කළහ.

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 84.1 කදී ලකුණු 269 යි – (අසේල ගුණරත්න 50, තුලින ඩිල්ෂාන් 14, හිමාෂ ලියනගේ 46, දිනේෂ් චන්දිමාල් 19, මහේෂ් කුමාර 41, ජනිත් සිල්වා 54, යශෝධ මෙන්ඩිස් 12, චතුරංග සිල්වා 18*, චතුරංග ද සිල්වා 90/3, දිලේෂ් ගුණරත්න 42/5)

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 75 කදී කඩුලු 6 ට ලකුණු 321 යි – (උපුල් තරංග 121, ළහිරු උදාන 105, සීක්කුගේ ප්‍රසන්න 72/3

ප්ලේට් තරගාවලිය

එස්.එස්.සී- ටැමිල් යූනියන්

ටැමිල් යූනියන් කණ්ඩායමේ රමිත් ජයසේන (82) තරංග පරණවිතාන (71) සහ ධනංජය ද සිල්වා (53) අර්ධ ශතක රැස්කළහ. රමිත් ජයසේන සහ තරංග පරණවිතාන දෙවන කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 130කි.

එස්.එස්.සී.පළමු ඉනිම පන්දුවාර 77.5 කදී 254 – (සචිත්‍ර සේනානායක 81, දසුන් ශානක 35, සදුන් වීරක්කොඩි 35, අකාෂ් සේනාරත්න 37, සුරංග ලක්මාල් 36/4, ඉසුරු උදාන 43/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම පන්දුවාර 86 කදී ලකුණු 294/5 – (රමිත් ජයසේන 82, තරංග පරණවිතාන 71, ධනංජය ද සිල්වා 52, ධම්මික ප්‍රසාද් 28/2, ජෙෆ් වැන්ඩසේ 85/2

ලන්කන් සී.සී. – නිගම්බු සී.සී.

ලන්කන් ක්‍රීඩා සමාජය මුල් ඉනිමේදී ලකුණු 32කින් ඉදිරියෙන් සිටියත් දෙවන ඉනිමේදී ලකුණු 67කට කඩුලු පහක් දැවී තිබිණි.

ලන්කන් පන්දුවාර 68.2 කදී සියළු දෙනා දැවී ලකුණු 270 යි – (ළහිරු ඩිල්ෂාන් 43, ප්‍රිමෝෂ් පෙරේරා 10, චානක රුවන්සිරි  124, සවන් කංකානම්ගේ 14, කේෂාන් විජේරත්න 13, දුනිත් වෙල්ලාලගේ 37, ලක්ෂිත මණසිංහ 85/5, උපුල් ඉන්ද්‍රසිරි 22/3) සහ දෙවැනි ඉනම  පන්දුවාර 33 කදී ලකුණු 67/5 – (චානක රුවන්සිරි 26*, කසුන් අබේරත්න 20, උපුල් ඉන්ද්‍රසිරි 13/2, රොෂේන් ප්‍රනාන්දු 22/2)

නිගම්බු සී.සී. පළමු ඉනිම පන්දුවාර 69.2 කදී ලකුණු 238 (69.2) – (අෂේන් සිල්වා 53, මාධව වර්ණපුර 64, රොස්කො තටිල් 63, දුනිත් වෙල්ලාලගේ 66/3, චානක රුවන්සිරි 45/2, ගීත් කුමාර 33/2)

මුවර්ස් – බදුරලිය

මුවර්ස් කණ්ඩායම මේ තරගයේදී ප්‍රබල තත්ත්වයක පසුවේ.

මුවර්ස් පළමු ඉනිම 340(100.2) – අයන සිරිවර්ධන 83, කවිෂ්ක අංජුල 42, අදීෂ තිලංචන 53, දිනුක දිල්ෂාන් 46, ළහිරු සමරකෝන් 86/5, දුෂාන් හේමන්ත 57/2) සහ දෙවැනි ඉනිම පන්දුවාර 19 කදී ලකුණු 74/1 යි.

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 45.5 කදී ලකුණු 149 – (උෂාන් පෙරේරා 67, දුෂාන් හේමන්ත 25, කවිශ්ක අංජුල 39/5, සචිත්‍ර සේරසිංහ 12/3)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest