slc
logo
Home   |    News
අගෝස්තු 27, 2020
ශූරතා සහ අනුශූරතා අසල්වැසි සී.සී.සී. සහ එන්. සී. සී බෙදා ගනිති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ 2019-20 වසරේ ශූරයින් ලෙසින් සී. සී. සී. කණ්ඩායම කිරුළු පළඳිද්දී තරගාවලියේ අවසන් දිනය තෙක්ම අනුශූරතාව හිමිකර ගනු ලබන්නේ කවුරුන්ද යන්න පැවැති අවිනිශ්චිතභාවය බිඳ දමමින් එහි අනුශූරතාව දිනා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම අද (27 දා) සමත්විය. අසල්වැසි ක්‍රීඩා සමාජ 2 ක් වන සී.සී.සී. සහ එන්.සී.සී. ශූරතාව සහ අනුශූරතාව දිනා ගැනීම විශේෂත්වයක් විය. 

තරගාවලියේ අනුශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් එන්. සී. සී. සහ හලාවත මේරියන්ස් අතර ප්‍රබල සටනක් පැවැතිය අතර එහිදී අනුශූරතාව හිමිකර ගැනීමට නම් අවසන් සති අන්තයේදී දෙපිළටම පූර්ණ තරග ජයග්‍රහණ වාර්තා කිරීම අනිවාර්යය විය. ඒ අනුව කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සී. සී. සී. පිටියේ පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 79 ක ජයක් වාර්තා කරමින් හලාවත මේරියන්ස් කණ්ඩායමේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අභිබවා යෑමට එන්.සී.සී. පිල සමත්විය. 

එන්. සී. සී. පිලට වඩා ප්‍රසාද ලකුණු 4.785 ක් ඉදිරියෙන් සිටිමින් හලාවත මේරියන්ස් පිල සුපර් 8 තරග වටයේ අවසන් හෙවත් සී. සී. සී. පිලට එරෙහි තරගයට අවතීර්ණ වුවත් බලාපොරොත්තු වුණු පූර්ණ තරග ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වීම මත හලාවත මේරියන්ස් පිලේ අනුශූරතා බලාපොරොත්තු සිහිනයක් බවට පත්විය. 

පළමු ඉනිමේදී ලකුණු 171 ක වාසියක් හිමිකර ගනිමින් පූර්ණ තරග ජයග්‍රහණයකට අවශ්‍ය අඩිතාලම එක් කර ගැනීමට හලාවත මේරියන්ස් පිලට හැකියාව ලැබුණත් දෙවැනි ඉනිමේදී කුසල් මෙන්ඩිස් ඇතුළු සී. සී. සී. පිතිකරුවන් දක්වන ලද දක්ෂතාවලට අභියෝගයක් එල්ල කිරීමට මේරියන්ස් පන්දු යවන්නන්ට නොහැකි විය.

එහිදී කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් එක්ව එක් කරන ලද ශතක සම්බන්ධතාව හේතුවෙන් සී. සී. සී. දෙවැනි ඉනිමට කඩුලු 4 කට ලකුණු 494 ක් දක්වා දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට හැකියාව ලැබුණා පමණක් නොව දෙවැනි ඉනිමේදී හලාවත මේරියන්ස්ට එරෙහිව ලකුණු 324 ක ඉලක්කයක් ලබා දීමේ හැකියාවද ලැබිණ. 

චතුරංගගේ තුන් ඉරියව් දක්ෂතා එන්. සී. සී. ජය ඉක්මන් කරවයි

සී. සී. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වුණු කෝල්ට්ස් දෙවැනි ඉනිම ලකුණු 157 කට සීමාවීමත් සමඟ එතෙක් හලාවත මේරියන්ස් කණ්ඩායම අතර දෝලනය වුණු අනුශූරතාවෙහි සින්නක්කර අයිතිය එන්. සී. සී. කණ්ඩායමට හිමිවිය.

දෙවැනි දිනයේදී ආබාධයකට ගොදුරු වුණු ඇන්ජලෝ මැතිව්ස් අද දිනයේදී පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම මෙම තරගය දිවා ආහාරයටත් ප්‍රථම අවසන් වීමට හේතු විය. දෙවැනි දිනයේදී ලකුණු 30 ක් ලබා සිටියදී මැතිව්ස්ගේ බත් කෙණ්ඩ ආශ්‍රිත මස් පඬු පෙරැළී යෑමේ ආබාධයකට ගොදුරු වූයෙන් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

අනුශූරතාවය දිනා ගැනීමට එන්. සී. සී. පිලට ජයග්‍රහණය අනිවාර්යය වූ මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 56 කට කඩුලු 5 ක් දවා ගත් චතුරංග ද සිල්වා දෙවැනි ඉනිමේදීත් ලකුණු 81 කට කඩුලු 4 ක් දවා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළේය. ඒ අනුව ඔහු සමස්ථ තරගයේදී ලකුණු 137 කට කඩුලු 9 ක් බිඳ හෙළූ අතර පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේදී ලකුණු 41 ක් ලබා ගත්තේය.

එන්.සී.සී.පළමු ඉනිම පන්දු වාර 88.2කදී ලකුණු 458යි – (ඇන්ජලෝ පෙරේරා 107, කමිල් මිෂාර 72*, ළහිරු උදාන 66, නිරෝෂන් දික්වැල්ල 57, සහන් ආරච්චිගේ 44, චතුරංග ද සිල්වා 41, දුෂ්මන්ත චමීර 28, දිල්රුවන් පෙරේරා 119/4, ප්‍රභාත් ජයසූරිය 117/4)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 51 කදී ලකුණු 222 යි – (ඇන්ජලෝ මැතිව්ස් 52, සධීර සමරවික්‍රම 39, ඩිල්රුවන් පෙරේරා 27, නිසල් තාරක 22, අකිල ධනංජය 22, චතුරංග ද සිල්වා 56/5, අෂේන් ඩැනියෙල් 59/2, ලසිත් ඇඹුල්දෙණිය 47/2)

කෝල්ට්ස් දෙවැනි ඉනිම පන්දුවාර 48.2 කදී ලකුණු 157 යි – (සධීර සමරවික්‍රම 72, ඇන්ජලෝ මැතිව්ස් 30, නිසල තාරක 15, ඩිල්රුවන් පෙරේරා 12, චතුරංග ද සිල්වා 81/4, අෂේන් ඩැනියල් 47/3, දුෂ්මන්ත චමීර 12/2)

කුසල් සහ අශාන් ශතක සම්බන්ධතාවයක 

දෙවැනි දින ඇතුළත ලකුණු 76 ක් තුළ කඩුලු 3 ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ ලසිත් අබේරත්න තෙවැනි දින උදෑසන වරුවේ තම කඩුලු ආරක්ෂා කරගනිමින් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 170 ක් දක්වා ඉහළ දැමූහ. එහිදී ලසිත් අබේරත්න ලකුණු 56 කට දැවී ගිය නමුත් සිය කඩුල්ල ආරක්ෂා කරගත් කුසල් අශාන් ප්‍රියන්ජන් සමඟ එක්ව පූර්ණ තරග ජයග්‍රහණයක් පිළිබඳව හලාවත මේරියන්ස් පිල තබා තිබූ බලාපොරොත්තු ඈතට රැගෙන ගියහ.

එහිදී කුසල් මෙන්ඩිස් තම ලකුණු 157 ක ඉනිම සදහා පන්දු 183 කට මුහුණ දුන් අතර ඒ සඳහා හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් ඇතුළත් කර ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් අශාන් ප්‍රියන්ජන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 172 කදී ලකුණු 170 ක් රැස් කර ගන්නා ලද්දේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 24 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමිනි. ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 192 කි. 

සී.සී.සී පළමු ඉනිම පන්දු වාර 59.5දී ලකුණු 287 – (ලසිත් අබේරත්න 68, ළහිරු මධුශංඛ 45, අෂාන් ප්‍රියංජන් 35, ලක්ෂාන් සඳකැන් 35,විශ්ව ප්‍රනාන්දු 16*, වනිඳු හසරංග 23, නිමේෂ් විමුක්ති 59/5, අසිත ප්‍රනාන්දු 75/3

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 87 කදී කඩුලු 9 ට ලකුණු 458 යි – ඕෂධ ප්‍රනාන්දු 85, ලසිත් කෲස්පුල්ලේ 50, රමේෂ් බුද්ධික 56, ෂෙහාන් ජයසූරිය 108, පුලින තරංග 34, කසුන් විදුර 61, තික්ෂිල ද සිල්වා 20, නිමේෂ් විමුක්ති 12, මාලින්ද පුෂ්පකුමාර 106/4, ලක්ෂාන් සඳකැන් 112/3)

සී.සී.සී. දෙවැනි ඉනිම පන්දුවාර 97 කදී කඩුලු 4 කට ලකුණු 494 යි – (අශාන් ප්‍රියන්ජන් 170, කුසල් මෙන්ඩිස් 157, මිනෝද් භානුක 25, ලසිත් අබේරත්න 56, වනිඳු හසරංග 51, රොන් චන්ද්‍රගුප්ත 14, තික්ෂිල ද සිල්වා 44/2, ෂෙහාන් ජයසූරිය 53/2, නිමේෂ් විමුක්ති 175/2)

හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 9 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 52 යි – (ලසිත් කෲස්පුල්ලේ 42, ලසිත් අබේරත්න 23/2)

සැරසන්ස් පරාජයෙන් බේරෙයි

දිනේෂ් චන්දිමාල්ගේ ත්‍රිත්ව ශතකය සමඟින් ලබා ගත් ලකුණු 642 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සැරසන්ස් පළමු ඉනිම ලකුණු 259 කට සීමා වූයෙන් නැවතත් පන්දුවට පහර දීමේ අවස්ථාව සැරසන්ස් පිලට ලබා දීමට යුද හමුදා කණ්ඩායම තීරණය කළේය. එහෙත් තෙවැනි දින අවසනදී සැරසන්ස් කණ්ඩායමේ කඩුලු 5 ක් පමණක් දවා ගැනීමට යුද හමුදා පන්දු යවන්නන් සමත්වීම මත පළමු ඉනිමේ ගෞරවය යුද හමුදා පිලට හිමිවෙමින් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 156.2 කදී කඩුලු 8 ට ලකුණු 642 යි – (දිනේෂ් චන්දිමාල් 354, අශාන් රන්දික 63, තුලින ඩිල්ෂාන් 19, පැතුම් ඩිල්ෂාන් 67, ලක්ෂාන් එදිරිසිංහ 45, ජනිත් සිල්වා 35, හේෂාන් හෙට්ටිආරච්චි 16*, ප්‍රමෝද් මදුවන්ත 90/2, සාලිය සමන් 97/2, මොහොමඩ් ඩිල්ෂාඩ් 86/2)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 69.5 කදී ලකුණු 259 යි – (සාලිය සමන් 45, සුධීර තිලකරත්න 30, ප්‍රවීන් සඳමාල් 22, ගමිඳු අමරසිංහ 95, සිතාර ගිම්හාන් 26, සික්කුගේ ප්‍රසන්න 72/5, දුශාන් විමුක්ති 55/3)

සැරසන්ස් දෙවැනි ඉනිම පන්දුවාර 35 කදී කඩුලු 5 කට ලකුණු 76 යි – (සිතාර ගිම්හාන් 31, රනිත ලියනාරච්චි 13*, අෂේන් බණ්ඩාර 16*සික්කුගේ ප්‍රසන්න 29/3)

ශානුක දුලාජ් බී. ආර්. සී. පිලට ජීවය දෙයි 

පළමු ඉනිම 2 දීම ලකුණු 400 සීමාව ඉක්මවූ මෙම තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය. බී. ආර්. සී. පිල වෙනුවෙන් ශානුක දුලාජ් ලකුණු 143 ක් ලබා බී. ආර්. සී. පිල ලකුණු 400 සීමාවෙන් ඔබ්බට යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළේය. 

රාගම පළමු ඉනිම පන්දුවාර 134.1 කදී ලකුණු 491 යි – (උදාර ජයසුන්දර 158, ළහිරු තිරිමාන්න 140, බිනුර ප්‍රනාන්දු 52, අමිල අපෝන්සු 38, ශෂික දුල්ශාන් 21, සුපේෂල ජයතිලක 18, ඉෂාන් ජයරත්න 36, හෂේන් රාමනායක 80/3, දුවිඳු තිලකරත්න 136/3)

බී. ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 110.4 කදී ලකුණු 406 යි – (ශානුක දුලාජ් 143, නිසල් ෆ්‍රන්සිස්කෝ 50, ලසිත් ලක්ෂාන් 32, භානුක රාජපක්ෂ 50, දේශාන් ඩයස් 13, රමින්ද විජේසූරිය 22, හෂේන් රාමනායක 56, උමේෂ්ක මොරායස් 19*, ශෂික දුල්ශාන් 127/4, කල්හාර සේනාරත්න 146/3, ඉෂාන් ජයරත්න 51/2)

රාගම දෙවැනි ඉනිම පන්දුවාර 5 කදී කිසිවකු නොදැවී ලකුණු 23 යි – (ළහිරු තිරිමාන්න 12*, සමින්ද ප්‍රනාන්දු 11*)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar