slc
logo
Home   |    News
අගෝස්තු 14, 2020
විශ්‍රාමික විනිසුරු දෙපළකට ක්‍රිකට් ආයතනයෙන් ඇගැයීමක්

Sri Lanka Cricket

මාධ්‍ය නිවේදනය

2020 අගෝස්තු 14

වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නියැළෙමින් විශ්‍රාම දිවියට එළැඹි ක්‍රිකට් විනිසුරු ඩී.එන්. පතිරණ සහ විනිසුරුවරියක වන කේ. ආර්. පී. දූල්වල  විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුකරන ලද සේවාව අගය කිරීමක් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැත්විණ.

මෙහිදී පතිරණ මහතාට සහ දූල්වල මහත්මියට මුදලින් ත්‍යාග ප්‍රධානය කිරීමක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම සහ දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

1982 වසරේ සිට 2006 දක්වා කාල සීමාවේදී දේශීය පමණක් නොව ජාත්‍යන්තර මට්ටමේ තරගවලදී විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරන ලද පතිරණ මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 30 කදී ප්‍රධාන විනිසුරුවරයකු ලෙසද ටෙස්ට් තරග 8 කදී අතිරේක විනිසුරුවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජික සහ විනිසුරු කමිටු සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා විසින් පතිරණ මහතාට හිමි චෙක්පත ලබා දෙමින්.

අගය කිරීමට ලක් වුණ දූල්වෙල මහත්මියද ශ්‍රී ලංකා ජාතික කාන්තා පිල නියෝජනය කර තිබෙන අතර ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමෙන් පසු වසර 20 කට වැඩි කාලයක් ක්‍රිකට් විනිසුරුකරණයේ නියැළී තිබේ. විනිසුරුකරණයෙන් ඇය විශ්‍රාම යන විට සරා තරග මට්ටමේ විනිසුරුවරියක් ලෙසින් කටයුතු කරමින් සිටියාය.

*මූණුවර ඡායාරූපය – දේශීය ක්‍රිකට් තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න මහතා විසින් දූල්වෙල මහත්මිය වෙත මුදල් චෙක්පත ලබාදෙමින්.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

  • Ends –

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee