slc
Home   |    News
සැප්තැම්බර් 28, 2020
එකම ජයක් හෝ වාර්තා නොකළ කණ්ඩායම් 7 ක්

Sri Lanka Cricket

අවුරුදු 23 න් පහළ තරගාවලිය – 5 වැනි සතිය

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ අවසාන සති කිහිපය එළඹෙත්ම යුද හමුදාව, කෝල්ට්ස්, එන්. සී. සී. සහ එස්. එස්. සී. සිය අපරාජිත භාවය රැකගෙන සිටීමට සමත්වූහ.

අද (28 දා) දිනයේ සී.සී. සී. සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය පමණක් පැවැති අතර එහිදී කඩුලු 7 කින් ජය වාර්තා කිරීමට සී. සී. සී. කණ්ඩායම සමත්විය. ඩී කාණ්ඩය නියෝජනය කරනු ලබන සී. සී. සී. පිල අද ලද ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටින්නේ මුහුණ දුන් තරග 4 න් 3 ක් ජය ගනිමිනි.

සමස්ත තරග කාල සටහනේ මේ වන තෙක් පැවැති සති 5 දී තරග 5 කටම ක්‍රීඩා කර ඇත්තේ පොලිස්, නාවික හමුදාව, ටැමිල් යුනියන් සහ ගාල්ල යන කණ්ඩායම් පමණි. එහිදී නාවික හමුදාව එකම තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වීම කැපී පෙනෙයි.

නාවික හමුදා පිලට අමතරව මෙතෙක් පැවැති තරගවලදී එකම ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට අපොහොසත්ව සිටින කණ්ඩායම් 6 ක් සිටින අතර, පානදුර, රාගම, වරාය අධිකාරිය, සැරසන්ස්, කුරුණෑගල තරුණ සහ කැන්ඩි කස්ටම්ස් එම ක්‍රීඩා සමාජ වෙති.

ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට පෙර තවත් සති 3 ක් පමණක් තරගාවලිය පැවැත්වෙන අතර එහිදී අවසන් කණ්ඩායම් 4 අතරට පැමිණීමට යුද හමුදාව, එස්. එස්. සී. සහ කෝල්ට්ස් වැඩි ඉඩ කඩක් විවර කරගෙන සිටිති.

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest