slc
logo
Home   |    News
සැප්තැම්බර් 23, 2020
එස්.එස්.සී.-යුද හමුදාව සිව්වැනි ජයත් වාර්තා කරති

Sri Lanka Cricket

අවු. 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය – සිව්වැනි සතිය

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සති අන්තය වන විට සිය ජයග්‍රහණ රැල්ල ඉදිරියට ගෙන ගිය යුද හමුදාව සහ එස්. එස්. සී. කණ්ඩායම් තරගාවලිය යටතේ පිට පිටම සිව්වැනි ජයග්‍රහණ වාර්තා කිරීමට අද (23 දා) සමත්වූහ. 

මෙම තරගයට පෙර පැවැති තරග 3 න් 3 ම ජයගෙන සිටි එස්. එස්. සී. පිල ටැමිල් යුනියන් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කරද්දී යුද හමුදා පිල නාවික හමුදා පිලට එරෙහිව ලකුණු 62 ක ජයක් වාර්තා කරමින් සිව්වැනි ජයග්‍රහණ වාර්තා කළහ. 

මේ අතර දිනයේ පැවැති සෑම තරගයකටම වර්ෂාවෙන් බාධා එල්ල වුවත් සියළුම තරග ප්‍රතිඵල සහිත වීම කැපී පෙනුණි. එහිදී සී. සී. සී, සෙබස්තියනයිට්ස්, බදුරලිය සහ ගුවන් හමුදාව ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ. 

දක්ෂතා අතර යුද හමුදා පිලේ බිෂාන් මෙන්ඩිස් ශතකයක් වාර්තා කිරීම පිතිකරුවන් අතර කැපී පෙනුණු අතර සී. සී. සී. පිලේ වේග පන්දු යවන අම්ෂි ද සිල්වා කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වීම පන්දු යවන්නන් අතර කැපී පෙනිණ. 

නාවික හමුදා පිලට එරෙහිව පැවැති තරගයේදී පන්දු 100 කට මුහුණ දුන් බිෂාන් ලකුණු 104 ක් වාර්තා කරන ලද්දේ සිය ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් කරමිනි.  කුරුණෑගල තරුණ පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 23 කට කඩුලු 5 ක් දවා ගත් අම්ෂි  මෙම තරගාවලිය යටතේ දෙවැනි වතාවටත් කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගත්තේය. මීට පෙර තරගාවලිය ආරම්භ කරමින් බ්ලූම්ෆීල්ඩ් පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 12 ක් ඇතුළත කඩුලු 5 ක් දවා ගැනීමට අම්ෂි සමත්විය. ඒ අනුව ඔහු මෙතෙක් පැවැති තරග 3 දී කඩුලු 11 ක් බිඳ හෙළිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. 

සී.සී.සී. – කුරුණෑගල තරුණ

අම්ෂිගෙන් යළිත් කඩුලු 5 ක් 

සී.සී.සී. පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව සී. සී. සී. කණ්ඩායමට පන්දුවාර 36 කදී ලකුණු 100 ක ඉලක්කයක් හිමි වූ අතර එය පන්දුවාර 18 කදී කඩුලු 6 ක් පමණක් දැවී රැස් කර ගැනීමට පිතිකරුවෝ සමත්වූහ. 

එහිදී පවන්ත වීරසිංහ සහ පවන්ත රත්නායක පිළිවෙළින් ලකුණු 256 ක් සහ නොදැවී ලකුණු 27 ක් ලබා ගත්හ. පන්දු යැවීමෙන් කැපී පෙනුණු අම්ෂි ද සිල්වා ලකුණු 23 කට කඩුලු 5 ක් දවා ගනිමින් කුරුණෑගල කණ්ඩායම අසීරුතාවයට ඇද දැමීය. 

මෙවර තරග වාරයේදී කඩුලු 5 කට වැඩියෙන් අම්ෂි ද සිල්වා දවා ගන්නා ලද දෙවැනි අවස්ථාව ලෙසින් මෙම පන්දු යැවීම වාර්තා විය. 

කුරුණෑගල තරුණ පන්දුවාර 33.4 කදී සියලු දෙනා දැවී ලකුණු 105 යි – (කවීන් බණ්ඩාර 21, තරින්ද විජේසිංහ 16, රන්දීර රණසිංහ 24, කේෂාන් වන්නිආරච්චි 18, අම්ෂි ද සිල්වා 23/5, රුවින් සෙනෙවිරත්න 18/4)

සී.සී.සී. පන්දුවාර 18 කදී කඩුලු 6ට ලකුණු 100 යි – (පවන්ත වීරසිංහ 25, පවන් රත්නායක 27*, චමිඳු විජේසිංහ 15*, සොනාල් දිනූෂ 12, මලිඳු මදුරංග 12, අසිත වන්නිනායක 34/4)

යුද හමුදාව – නාවික හමුදාව 

බිෂාන්ගේ ශතකයත් සමඟ යුද හමුදාවට ලකුණු 62 ක ජයක්

පන්දුවාර 47 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී නාවික හමුදා පිල පන්දුවට පහර දෙන විට වර්ෂාව හරස් වීම නිසා පන්දුවාර 22 කදී ලකුණු 177 ඉලක්යක් හිමිවූ නමුදු එය හඹා යෑමේදී සියලු දෙනා ලකුණු 114 කදී දවා ගැනීමට හෂාන් සංදීප ප්‍රමුඛ යුද හමුදා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 62 ක ජයක් යුද හමුදා පිලට අත්විය. 

බිෂාන් මෙන්ඩිස් විසින් රැස් කරන ලද ලකුණු 104 ක සුපිරි ඉනිම හේතුවෙන් යුද හමුදා පිල නියමිත පන්දුවාර 47 අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 271 ක් රැස් කිරීමට සමත්විය. බිෂන්ට අනගි සහායක් ලබා දුන් පැතුම් කුමාර නොදැවී හතරේ පහර 7 ක් සමඟින් පන්දු 57 කදී ලකුණු 71 ක් රැස් කිරීමට සමත්වූවේය.

යුද හමුදාව පන්දුවාර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 271 යි – (බිෂාන් මෙන්ඩිස් 104, පැතුම් කුමාර 71*, ගිහාන් කෝරළගේ 14, හරිත ප්‍රනාන්දු 19, අකිඳු කරුණාරත්න 63/3, ජොහැන් ද සිල්වා 42/2)

නාවික හමුදාව පන්දුවාර 22 කදී ලකුණු 114 යි – (භාග්‍ය දිසානායක 21, හිමේෂ් විරංග 21, ශාලික ප්‍රනාන්දු 19, ශම්මු විමුක්ති 18*, හෂාන් සංදීප 10/3, හේෂාන් මදුශංක 29/2, ගිහාන් කෝරළගේ 27/2)

නුගේගොඩ – බදුරලිය 

තියුණු තරගයෙන් පසු බදුරලිය ජය වාර්තා කරයි 

ඉතාමත් තියුණුකර අවසානයක් දුටු නුගේගොඩ සහ බදුරලිය අතර තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් අත්කර ගැනීමට බදුරලිය ක්‍රීඩා සමාජය අද සමත්විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නුගේගොඩ ක්‍රීඩා සමාජය ලබා දුන් ලකුණු 223 ක ඉලක්කය හඹා ගිය බදුරලිය ක්‍රීඩා සමාජය 44 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී සපුරා ගන්නා විට බදුරලිය ක්‍රීඩා සමාජයේ කඩුලු 8 ක් ම අහිමිව ගොස් තිබිණ. 

නුගේගොඩ පන්දුවාර 44.3 කදී සියලු දෙනා දැවී ලකුණු 222 යි – (සකුන ලියනගේ 81, මුදිත ලක්ෂාන් 24, අබිෂේක් ලියනාරච්චි 23, පසිඳු ආදිත්‍ය 31, රුචිර කොෂිත 29/3, මාලින්ද ජයෝද් 45/2)

බදුරලිය පන්දුවාර 44 කදී කඩුලු 8 කට ලකුණු 225 යි – (අවිඳු තීක්ෂණ 51, මිතිර තේනුර 32, රනේෂ් සිල්වා 67, අවිෂ්ක ලක්ෂාන් 21, විමුක්ති කුලතුංග 41/4, තෂික නිර්මාල් 39/3)

සෙබස්තියනයිට්ස් – පොලිස්

සෙබස්තියනයිට්ස් පිලට ලකුණු 34 ක ජයක් 

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සෙබස්තියනයිට්ස් පිල පන්දුවාර 49.1 කදී ලකුණු 170 ක් ලැබූ අතර වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් පොලිස් කණ්ඩායමට පන්දුවාර 47 කදී ලකුණු 167 ක ඉලක්කයක් හිමි විය. කෙසේ වෙතත් සෙබස්තියනයිට්ස් පිලේ තරුෂ ප්‍රනාන්දු ඇතුළු පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ පොලිස් ඉනිම පන්දුවාර 40.3 කදී ලකුණු 132 කට සීමා විය.  

සෙබස්තියනයිට්ස් පන්දුවාර 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 170 යි – (තරුෂ ප්‍රනාන්දු 46, තරුෂ සමරවික්‍රම 23, රයන් ප්‍රනාන්දු 23,  සවිඳු පීරිස් 19*, කලන සංදීප් 15, මොහොමඩ් ෆහීම් 10/3, චාරක ජයතිලක 39/3, රෙසඳු තිලකරත්න 26/2)

පොලිසි පන්දුවාර 40.3 කදී සියලු දෙනා දැවී ලකුණු 132 යි – (බවන්ත උදන්ගමුව 29, ලක්ෂිත අමරසේකර 27, හසිඳු ශාමික 22, චාරුක ජයතිලක 14, නිමේෂ් මෙන්ඩිස් 12, තරූෂ ප්‍රනාන්දු 24/4, තරූෂ සමරවික්‍රම 20/2, හන්ස ද සිල්වා 25/2)

ලන්කන් – ගුවන් හමුදාව

ගුවන් හමුදාවට කඩුලු 4 ක ජයක්

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ගුවන් හමුදා කණ්ඩායමට පන්දුවාර 43 කදී ලකුණු 139 ක ඉලක්කයක් හිමිවූ අතර ඒ අනුව එය හඹා ගිය ගුවන් හමුදා පිතිකරුවෝු 40 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී සපුරා ගන්නා ලද්දේ ලකුණු පුවරුවේ කඩුලු 4 ක් ඉතිරිව තබාගෙනය. 

ලන්කන් පන්දුවාර 43.4 කදී ලකුණු 148 යි – (කෙවින් පෙරේරා 29, දමිත් සිල්වා 27, දුනිත් වෙල්ලාලගේ 19, ස්වාන් කංකානම්ගේ 21, කසුන් ඒකනායක 31/3, මොවින් සුබසිංහ 28/2, කසුන් රවිඳු 23/2, රවිඳු සෙම්බුකුට්ටිගේ 11/2)

ගුවන් හමුදාව පන්දුවාර 39.4 කදී කඩුලු 6 ට ලකුණු 139 යි – (රවිඳු සෙම්බකුට්ටිගේ 67, චාමිකර හේවගේ 22, මොවින් සුබසිංහ 23*, සඳුන් සත්සර 31/4, යසිරු රුද්‍රගු 31/2)

ටැමිල් යුනියන් – එස්. එස්. සී. 

එස්.එස්.සී. ට කඩුලු 4 ක ජයක් 

දෙපිළේම ලකුණු 200 ට ඉහළින් වාර්තා වුණු මෙම තරගයේදී ලකුණු 235 ක ඉලක්කයක් හඹා ගිය ගමනේදී එස්. එස්. සී. පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 46 කදී ලකුණු 222 ක ඉලක්කයක් ලබා ගැනීමට සිදුවිය. ඒ අනුව සාර්ථකව එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය අවුරුදු 19 න් පහළ නායක නිපුන් ධනංජය (62) ඇතුළු එස්. එස්. සී. පිතිකරුවෝ එය පහසු ඉලක්කයක් බවට පත් කර ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි. 

ටැමිල් යුනියන් පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලකුණු 235 යි – (රවිඳු ප්‍රනාන්දු 56, කමේෂ් නිර්මාල් 47, කවිඳු මදරසිංහ 45, සුපුන් කාවින්ද 22, අශාන් ප්‍රනාන්දු 23, කවිඳු පතිරත්න 15*, හිමේෂ් රාමනායක 47/3, කලන පෙරේරා 38/2)

එස්.එස්.සී. පන්දුවාර 45.4 කදී කඩුලු 6 කදී ලකුණු 223 යි – (නිපුන් ධනංජය 62, ක්‍රිෂාන් සංජුල 45, චමිඳු වික්‍රමසිංහ 40, ශම්මු අශාන් 45, නුවනිඳු ප්‍රනාන්දු 12, සචිඳු කොළඹගේ 38/2, රවීන් ද සිල්වා 26/2)

කැන්ඩි කස්ටම්ස් – ගාල්ල 

ගාල්ලට ලකුණු 2 ක ජයක් 

පන්දුවාර 23 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල කණ්ඩායමේ 22 වැනි පන්දුවාරය අවසන් වනවාත් සමඟම තරගට යළිත් වර්ෂාව හරස්විය. දැවී ගිය කඩුලු සංඛ්‍යාවට අනුව එම අවස්ථාව වන විට ගාල්ල කණ්ඩායමේ ඉලක්කය බවට පත්වූයේ  ලකුණු 122 ක් වූ අතර ඒ වන විට එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා යමින් ලකුණු 124 ක් රැස් කිරීමට ගාල්ල පිල සමත්වූයෙන් ලකුණු 2 ක තියුණු ජයක් ගාල්ල පිලට හිමිවිය.

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 23 කදී කඩුලු 8ට ලකුණු 130 යි – (සසිත මනුරංග 28, සසිත ප්‍රියාල් 25, භාග්‍ය එදිරිවීර 19, රෂ්මික මදුශංක 17*, තනුල චමෝද් 23/2, කුෂාන් මධූෂ 23/2)

ගාල්ල පන්දුවාර 22 කදී කඩුලු 6 ට ලකුණු 124 යි – (රවිෂ්ක විජේසිරි 44, කවිඳු එදිරිවීර 33, විනුර දුල්සර 15, තිසර ඩිල්ෂාන් 14, ඉමේෂ මදුශංක 12/3)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest