slc
Home   |    News
සැප්තැම්බර් 24, 2020
‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ නිල පානීය ජල සහකරුවෝ වෙති

Sri Lanka Cricket

2020 සැප්තැස්බර් මස 24 වැනිදා 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දේශීය සිසිල් බීම සහකරු ලෙසින් කටයුතු කරන මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම එම සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කරමින් ‘නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා’ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටියි.

මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගම යටතේ පවතින බෝතල් කළ පානීය ජල සැපයුම් සන්නාම 2 ක් වන ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර වූ ගිවිසුම් අත්සන් කිරීම හා හුවමාරු කර ගැනීම අද (සැප්තැම්බර් 24 දා) සවස් යාමයේදී කොළඹදී සිදුවිය. ඒ අනුව ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ බෝතල් කළ පානීය ජලය, ඉදිරි වසර 3 ක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල බෝතල් කළ පානීය ජල සැපයුම් සහකරු ලෙසින් කටයුතු කරනු ඇත.

“නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමට අපි බෙහෙවින් ස්තූතිවන්ත වන අතර ඔවුන් අප සමග ඇති කර ගත් මෙම හවුල්කාරීත්වයෙන් උපරිම වටිනාකමක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි” යැයි ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇතිකරගෙන තිබෙන මෙම ගිවිසුම යටතේ ඉදිරි වසර 3 ක කාලය ඇතුළත මෙරටදී සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල නිල බෝතල් කළ පානීය ජලය සැපයුම්කරුවා ලෙසින් ද මයිකෝලා පුද්ගලික සමාගමේ ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ සන්නාම කටයුතු කරන අතර සෑම ක්‍රීඩාංගණයක් තුළම බෝතල් කළ පානීය ජලය විකිණීමේ සහ බෙදා හැරීමේ වරළත් අයිතීන් හිමිවනු ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙරටදී සංවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිවල නිල පානීය ජල සැපයුම්කරුවා ලෙසින් ‘ක්‍රිස්ටල් සහ ලයිෆ්’ බෝතල් සන්නාම කටයුතු කරනු ලබන අතර එහිදී තරග නැරඹීමට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට බෝතල් කළ පානීය ජලය බෙදා හැරීමේ සහ විකිණීමේ වරළත් අයිතිය මයිකෝලා බෙවරේජස් සමාගමට හිමිවනු ඇත. 

ඊට ප්‍රතිචාර වශයෙන් මයිකෝලා බේවරේජස් පුද්ගලික සමාගම සියළුම ජාත්‍යන්තර තරග වලදී ක්‍රීඩකයින්, නිලධාරීන්, ආරාධිත අමුත්තන් සහ ප්‍රභූවරුන්, තරගාවලි ආවරණය කරන මාධ්‍යවේදීන්ට සහ රූපවාහිනී කාර්යය මණ්ඩලයට අවශ්‍ය බෝතල් කළ පානීය ජලය ලබා දීමට බැඳී සිටිනු ඇත. 

“ශ්‍රී ලාංකික ආයතනයක් වශයෙන්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සිසිල් බීම පානීය හවුල්කරුවා වීමට අමතරව නිල බෝතල් කළ පානීය ජල සැපයුම්කරුවා වීමේ අවස්ථාව හිමිවීම අපිට මහත් ගෞරවයක් මෙන්ම වරප්‍රසාදයක්” යැයි මයිකෝලා බෙවරේජස් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී ෂාම් ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රනාන්දු මහතා, “මෙම හවුල්කාරීත්වයත් සමඟ ක්‍රිස්ටල් සහ ලයිෆ් වෙළෙඳ නාම ශ්‍රී ලංකාවේ ජනප්‍රියම බෝතල් කළ ජල වෙළෙඳ නාම බවට පත්වීමට ඉමහත් දායකත්වයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම ජාත්‍යන්තර සන්නාමයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධවීම හරහා අන්තර්ජාතික වෙළෙඳ පොළට වැඩි ඉඩ කඩක් විවර වනවා සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටද දායකත්වයක් ලබා දීමේ අවස්ථාව උදාවනු ඇත” යැයි සඳහන් කර සිටියේය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Media and Communication – Prasanna Rodrigo, Media Manager – Contact: +94 77 3540102 or email to [email protected]

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest