slc
Home   |    News
සැප්තැම්බර් 23, 2020
නාමල් බාලචන්ද්‍ර විධිමත් ඇඟලුම්හි අනුග්‍රාහකයා වෙයි

Sri Lanka Cricket

2020 සැප්තැම්බර් මස 23 වැනිදා

මෙරට සුප්‍රසිද්ධ ඇඟළුම් සපයන ආයතනයක් වන නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල විධිමත් (Formal) ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසින් ගිවිසුමකට එළැඹ සිටියි. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලයේදී ජාතික කණ්ඩායම් වල නිල විධිමත් ඇඳුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ගරු ලේකම් මොහාන් ද සිල්වා මහතාත් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ නාමල් බාලචන්ද්‍ර මහතාත් අතර මෙම අනුග්‍රාහකත්වය ලබාදීම පිළිබඳව වූ ගිවිසුම අද (සැප්තැම්බර් 23 දා) දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී අත්සන් කොට හුවමාරු කර ගැනිණ.

Mr. Mohan De Silva, Honorary Secretary of the SLC, ( Left) is exchanging the agreement with Mr. Namal Balachandra, Chairman / Managing Director, Namal Balachandra Private Limited

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුමට අනුව ඇඟළුම් නිෂ්පාදකයකු මෙන්ම ඇඳුම් නිර්මාණ ආයතනයක් ලෙසින් ශ්‍රී ලංකාවේ කීර්තිමත් නාමයක් දිනා සිටින නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික කණ්ඩායම් හි විධිමත් ඇඳුම් සපයන්නා ලෙසින් කටයුතු කරනු ඇත. ඊට අමතරව එම  අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය  ජැකට්, කමිස සහ කළිසම් ඇතුළු අනුග්‍රාහකත්වයට අදාළ මුදල් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලබා දෙනු ඇත.

ගිවිසුම් හුවමාරු කර ගැනීමේ අවස්ථාවේදී අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන් ද සිල්වා මහතා, “ක්‍රීඩාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙවැනි අවස්ථාවක අපගේ නිල විධිමත් ඇඟළුම් අනුග්‍රාහක ලෙසින් නාමල් බාලචන්ද්‍ර පුද්ගලික සමාගම පැමිණීම සම්බන්ධව අපි ඉතා සතුටට පත් වෙනවා” යැයි සඳහන් කර සිටි අතරම, “ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යෑමට ආයතනික ලෝකයේ ඇති කැපවීම මේ හරහා පෙන්නුම් කෙරෙන බැවින් මෙම හවුල්කාරීත්වය අපි බෙහෙවින් අගය කරමු” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 Mr. Mohan De Silva, Honorary Secretary of the SLC, ( Left) is exchanging the agreement with Mr. Namal Balachandra, Chairman / Managing Director, Namal Balachandra Private Limited, whilst Test and ODI Skipper Dimuth Karunaratne ( Extreme Left) and Mr. Ashley De Silva, CEO, SLC ( Extreme Right) looks on.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම යටතේ මින් ඉදිරියට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල විධිමත් ඇඳුම් අනුග්‍රාහකයා යන නාමය භාවිතා කිරීමට නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමට අයිතිය හිමි වන අතරම එකී අනුග්‍රාහක පිරිනැමීමේ කාල සීමාව තුළ එහි සියළුම ලිපි ද්‍රව්‍ය, ප්‍රවර්ධන ද්‍රව්‍ය සහ වෙළෙඳ දැන්වීම් සඳහාද වූද අයිතිය හිමි වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි ගමන් මගෙහි කොටසක් වීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. මෙම හවුල්කාරීත්වය යටතේ අපගේ වෙළෙඳ නාමයේ වටිනාකම ඉහළ යෑමට නිසැක දායකත්වයක් ලැබෙනු ඇති බව අපි දනිමු” යැයි අනුග්‍රාහකත්වය පිරිනැමීමට ඉදිරියට පැමිණීම පිළිබඳව නාමල් බාලචන්ද්‍ර පෞද්ගලික සමාගමේ සභාපති නාමල් බාලචන්ද්‍ර මහතා සඳහන් කර සිටියේය.

මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ක්‍රිකට්

Media and Communication – Prasanna Rodrigo, Media Manager – Contact: +94 77 3540102 or email to [email protected]

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest