slc
logo
Home   |    News
සැප්තැම්බර් 29, 2020
අවු. 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයින් අතර සකුන සහ අම්ෂි පෙරමුණේ

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 216 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණට පිවිස සිටියි. සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන අම්ෂි තරග 3 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 5.91 ක් තරම් අඩු සංඛ්‍යාවක රඳවා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළා වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණ සිටියි.

වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර යුද හමුදාව පිල නියෝජනය කරන බිෂාන් මෙන්ඩිස් ලකුණු 214 ක් ලබා දෙවැනි ස්ථානයේදී බී. ආර්. සී. පිලේ නිසල් ෆ්‍රැන්සිස්කෝ ලකුණු 199 ක් ලබා එහි තෙවැනි ස්ථානයෙත් පසු වෙති.

හලාවත මේරියන්ස් පිල නියෝජනය කරනු ලබන කමිඳු මෙන්ඩිස් තරග 2 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් මුලු ලකුණු 183 ක් ලබා එහි පස්වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 183 ක් වශයෙන් සටහන් වීම කැපී පෙනෙයි.

පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අම්ෂි ද සිල්වා සහ දෙවැනි සහ  තෙවැනි ස්ථානවල පිළිවෙළින් රැඳී සිටින නිපුන ලක්ෂාන් (නුගේගොඩ) සහ සචිඳු කොළඹගේ (ටැමිල් යුනියන්) යන තිදෙනාම කඩුලු 11 බැගින් ලබාගෙන සිටින නමුත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය අතරින් අම්ෂි ඉදිරියෙන් (5.91) සිටීම නිසා ඔහුට එම සටහනේ පළමු ස්ථානය වෙන්වී තිබේ. හෙතෙම කුරුණෑගල තරුණ සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජවලට එරෙහිව පැවැති තරගවලදී කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම කැපී පෛනෙයි.

Active filters

Recent Posts

  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee