slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2020
නිරෝධායනයට ඉඩ ලබා දෙන්න එල්.පී.එල්. දින වෙනස් වෙයි

Sri Lanka Cricket

නීරෝධායන කටයුතු සඳහා වන අවශ්‍යතා සපුරා ලීම සඳහා ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ආරම්භක දිනය නොවැම්බර් 21 වැනිදා දක්වා වෙනස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරගාවලිය නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණද රජයේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව තරගාවලිය නියෝජනය කරනු ලබන සමස්ථ ක්‍රීඩකයින්ගේ ‘නීරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ සිටියි.

නීරෝධායන අවශ්‍යතා සපුරාලීම සඳහා වූ අවකාශය නිර්මාණය කරදීමට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතුරින් එල්. පී. එල්. තරගාවලිය නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ක්‍රීඩකයන් වෙත ඒ සදහා අවස්ථාව ලබා දීමද උක්ත තීරණයේ තවත් අරමුණක් බවට පත්ව තිබේ.

” අයි. පී. එල්. තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙනවා. ඊට සහභාගි වූ ක්‍රීඩකයන් එල්. පී. එල් සඳහාත් සහභාගි වීමේ බලාපොරොරොත්තුවෙන් ඉන්නවා. ඒ හේතුවෙන් තරගාවලි දෙක අතර යම් කාල සීමාවක් පැවතිය යුතු බව අපි තීරණය කළා” යැයි එල්.පී.එල්. තරගාවලියේ දින සංශෝධනය කිරීම පිළිබඳව එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

තරගාවලියේ දින වෙනස් වීම මත ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එල්.පී.එල්. තරගාවලියේ ‘ක්‍රීඩක කෙටුම්පත’ (Player Draft) ඔක්තෝබර් 09 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. එල්.පී.එල්. තරගාවලිය  නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි සමස්ථ විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු ලබා ගැනීමේ අවස්ථාව ඒ ඒ කණ්ඩායම්වල හිමිකරුවන්ට මිලදී ගැනිමේ හැකියාව ඇත.

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee