slc
logo
Home   |    News
සැප්තැම්බර් 27, 2020
කණ්ඩායම් පහ ම පූර්ණ ජය වාර්තා කරයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ සෙනසුරාදා (27) පැවැති තරග පහේ දී ම වර්ෂාව සහ ඇඳිරි කාලගුණය අභිභවමින් කණ්ඩායම් පහක් ම සම්පූර්ණ ජයග්‍රහණ (ඩක් වර්ත් ක්‍රමය නොමැතිව) අත්කරගැනීමට සමත්විය.

මේ තරග පහ ම අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වු අතර, ගාල්ල-කුරුණෑගල තරගයේ දී පමණක් ගාල්ල කණ්ඩායම ලකුණු 250 ඉක්මවා ලකුණු 260ක් රැස් කරගත්තේ ය.  බොහෝ කණ්ඩායම් වල ඉනිම සීමාවූයේ ලකුණු 200කටත් වඩා අඩුවෙනි.     

ගාල්ල-කුරුණෑගල තරගයෙන් ගාල්ල කණ්ඩායමත්, සෙබස්ටියනයිට්ස්-බදුරලිය තරගයෙන් සෙබස්ටියනයිට්ස් කණ්ඩායමත්, බී.ආර්.සී.-නාවික හමුදා තරගයෙන් බී.ආර්.සී. කණ්ඩායමත්, නුගේගොඩ-පොලිසිය අතර තරගයෙන් නුගේගොඩත්, ටැමිල් යුනියන්-බ්ලූම්ෆීල්ඩ් තරගයෙන් ටැමිල් යුනියන් කණ්ඩායමත් ජයග්‍රහණය අත්කරගත්හ.  

මෙදින (27) පිතිකරුවන්ගෙන් ශතක හෝ පන්දු යවන්නන්ගෙන් කඩුලු පහ ලබාගැනීම් හෝ වාර්තා නොවීය.  

මෙදින පැවැත්වීමට නියමිතව තිබූ සී.සී.සී. සහ කැන්ඩි කස්ටම් තරගය සඳුදා (28) දිනට කල් දැමිණි.  

ගාල්ල – කුරුණෑගල තරුණ

ගාල්ල ලකුණු 32කින් ජයගනී.

කුරුණෑගල කණ්ඩායම ලකුණු 261ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යද්දී වරක් කඩුලු 4ක ට ලකුණු 189ක් ලබා සිටියත්, ඇඳිරි කාලගුණය සමග ද තරග වදිමින්, අවසාන කඩුලු හය ලකුණු 39ක ට දැවීයාමෙන් ලකුණු 32ක ජරාජයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවිය.  

ගාල්ල කණ්ඩායමේ පවන් සංදේශ් සහ කල්ප චේතිය පළමු කඩුල්ලට ලකුණු 120ක සබඳතාවක් තබාගත්හ.

ගාල්ල පන්දු වාර 50ක දී කඩුලු 9ක් දැවී 260යි – (පවන් සංදේශ් 72, කල්ප චේතිය 62, විනුර දුල්සර 43, කවිඳු එදිරිවීර 22, කවිඳු ලක්ෂාන් 19, රවීන් පීරිස් 25/2, අසිත වන්නිනායක 43/2, සකිඳු විජේරත්න 43/3) 

කුරුණෑගල පන්දු වාර 47.4ක දී 228යි – (දිල්ෂාන් කොල්ලුරේ 53, කේෂාන් වන්නිආරච්චි 38, තරිඳු විජේසිංහ 42, අසිත වන්නිනායක 29, කවීන් බණ්ඩාර 17, රවිශ්ක විජේසිරි 45/3, විනුර දුල්සර 21/2)

බදුරලිය – සෙබස්ටියනයිට්ස්

සෙබස්ටියනයිට්ස්ට ලකුණු 120ක ජයග්‍රහණයක්

බදුරලිය කණ්ඩායම ලකුණු 120ක පරාජයක් ලබමින් අනපේක්ෂිත පරාජයකට මේ තරගයේ දී මුහුණ දුන්නේ ය.  

සෙබස්ටියනයිට්ස් කණ්ඩායමේ තනුෂ සමරවික්‍රම (79), සචින් ප්‍රනාන්දු (41) සහ තනුෂ ප්‍රනාන්දු (26/3) ඔවුන්ගේ ජයග්‍රහණයට වැඩි ම දායකත්වයක් දුන් ක්‍රීඩකයෝ ය.

බදුරලිය සියලු පිතිකරුවන් දැවී ගියේ තවත් ඕවර 17.2ක් ඉතිරිව තිබියදී ය.

සෙබස්ටියනයිට්ස් පන්දු වාර 50ක දී කඩුලු 9ක් දැවී 222යි – (තනුෂ සමරවික්‍රම 79, සචින් ප්‍රනාන්දු 41, රයන් ප්‍රනාන්දු 21, තරුෂ ප්‍රනාන්දු 23, රුචිර කෝෂිත 29/3, අවිඳු තීක්ෂණ 32/2)

බදුරලිය පන්දු වාර 32.4ක දී 102යි – (මිතිර තෙනුර 50, ෂෙරාන් ෆොන්සේකා 18, නදිත් මිෂේන්ද්‍ර 19/2, තනුෂ ප්‍රනාන්දු 26/3, ප්‍රවීන් කුරේ 25/2) 

නාවික හමුදාව – බී.ආර්.සී.

බී.ආර්.සී.ට කඩුලු තුනක ජයක්

බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයෙන් බී.ආර්.සී. කඩුලු තුනකින් ජයගත්තේ තවත් පන්දු වාර 15ක් ම ඉතිරිව තිබියදී ය.  නාවික හමුදාව ලබාගත් ලකුණු 172, ප්‍රබල පිතිකරුවන් සිටින බී.ආර්.සී. කණ්ඩායමට එතරම් අසීරු ඉලක්කයක් නොවීය.  

බී.ආර්.සී. කණ්ඩායමේ නිසල් ෆ්‍රැන්සිස්කෝ (41) සහ ළහිරු අත්තනායක (නොදැවී 36) පිතිකරණයේදී ද, මළිඳ අභිෂේක් සහ දසුන් සෙනෙවිරත්න පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූහ.   

නාවික හමුදාව පන්දු වාර 45.2ක දී 172යි – (ගජිත කොටුවේගොඩ 50, සමිත රංග 20, රවිඳු මධුශංඛ 44, මළිඳ අභිෂේක් 32/2, දසුන් සෙනෙවිරත්න 22/2)

බී.ආර්.සී. පන්දු වාර 35ක දී කඩුලු 7ට 173යි – (නිසල් ෆ්‍රැන්සිස්කෝ 41, හිරන්ත ජයසිංහ 23, රවින් විජේසූරිය 18, ළහිරු අත්තනායක නොදැවී 36, කළණ මධුශංඛ 19, සමිත රංග 38/2, රවිඳු මධුශංඛ 31/2)

නුගේගොඩ – පොලිසිය

නුගේගොඩට ලකුණු 54ක ජයග්‍රහණයක් අත්විය

ලකුණු 218ක ඉලක්කයක් හඹායාමට පැමිණි පොලිසියේ පිතිකරුවන් ඇඳිරි කාලගුණය සමග ද සටනක නිරතවෙමින්, අවසානයේ ලකුණු 163ක ට දැවී ගියේ තවත් පන්දු වාර 12ක් ම ඉතිරිව තිබියදී ය.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ  පැවැති මේ තරගයේ දී කණ්ඩායම් දෙකේ ම කිසිදු පිතිකරුවෙකුට ලකුණු 40 ඉක්මවීමට අවස්ථාව නොලැබිණ.  නුගේගොඩ කණ්ඩායමේ මුදිත ලක්ෂාන් ලකුණු 24ක ට පොලිසියේ පිතිකරුවන් තිදෙනෙකු ම දවාලීය.    

නුගේගොඩ පන්දු වාර 43ක දී කඩුලු 9ක ට 217යි – (අනිත දාබරේ 52, සකුන ලියනගේ 37, නිපුන් ලක්ෂාන් 26, පසිඳු ආදිත්‍ය 22, රාහුල් ගුණසේකර 22, කවිඳන පෙරේරා 17, මොහමඩ් තාහිම් 37/3, ටෂික් පෙරේරා 26/2)  

පොලිසිය පන්දු වාර 38ක දී 163යි – (අසේල සිගේරා 28, රොෂාන් තිලකරත්න 30, චාරුක ජයතිලක 24, රුවින්ද දිල්ෂාන් 24, නිපුන් ලක්ෂාන් 57/4, විමුක්ති කුලතුංග 29/2, මුදිත ලක්ෂාන් 24/3

ටැමිල්-බ්ලූම්ෆීල්ඩ්

ටැමිල් කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්

සරවනමුත්තු ක්‍රීඩාංගනයේ පැවැති මේ තරගයෙන් ටැමිල් යුනියන් කණ්ඩායම කඩුලු පහක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දු වාර 26.2ක් ම ඉතිරිව තිබියදී ය.

බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිමේදී ලකුණු 121ක ට දැවී ගියත්, ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා රසන් දිසානායක සහ නදුන් හෙට්ටිආරච්චි පළමු විකට්ටුවට එක්කළ ලකුණු 52ක ප්‍රබල සබඳතාව සෙසු පිතිකරුවන්ට ඉදිරියට ගෙනයාමට නොලැබිණි.

ටැමිල් යුනියන් හයවන කඩුල්ලට රවිඳු ප්‍රනාන්දු සහ රවින්ද සිල්වා නොදැවී ලකුණු 77ක සබඳතාවක් තබාගත්හ.  

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 47.1ක දී 121යි – (රසන් දිසානායක 28, නදුන් හෙට්ටිආරච්චි 20, චනුල් අතුකෝරල නොදැවී 17, සචිඳු කොළඹගේ 21/4, රවිඳු ප්‍රනාන්දු 20/2)  

ටැමිල් යුනියන් පන්දු වාර 23.4ක දී කඩුලු 5ක් දැවී 123යි – (නවෝද් පරණවිතාන 29, රවිඳු ප්‍රනාන්දු නොදැවී 29, රවින් සිල්වා නොදැවී 26, අරවින්ත් රාජන්ද්‍රන් 21/2, දිනෙත් සමරවීර 25/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • චමරිගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව රන් පදක්කම් සටනට
    පාකිස්තානයට එරෙහිව කඩුලු 8ක විශිෂ්ට ජයක් – විස්සයි20 ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම චමරි අතපත්තුගේ විශිෂ්ට නොදැවුණු ලකුණු 83ක ප්‍රහාරාත්මක ඉනිම හමුවේ පාකිස්තානය කඩුලු 8කින් පරාජය කළ ශ්‍රී […]
  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee