slc
logo
Home   |    News
සැප්තැම්බර් 21, 2020
නුවනිඳුගේ ශතකයත් සංඛගේ කඩුලු 5 ත් කැපී පෙනෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහල ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (20) පැවැති තරග අතුරින් වරාය අධිකරී පිල පරදවා මුවර්ස් කණ්ඩායමද හලාවත මේරියන්ස් පරදවා ලන්කන් කණ්ඩායම ද සම්පූර්ණ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත්විය.

වර්ෂාව සියලු තරගවලට දැඩිලෙස බලපෑ අතර තරග නවයකම ජයග්‍රාහකයන් බවට කණ්ඩායම් නවයක් පත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. පානදුර සහ මීගමුව අතර පැවැත්වීමට නියමිත තරගය එකම පන්දුවක් හෝ යැවිය නොහැකි තත්ත්වයෙන් නිමාවට පත්විය.

ඉරිදා (20) විශේෂ සිදුවීම් වූයේ එස්.එස්.සී සහ ගාල්ල අතර තරගයේදී එස්.එස්.සී කණ්ඩායමේ නුවනිදු ප්‍රනාන්දු පන්දු 107කදී හතරේ පහර පහක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 108ක් ලබා මේ තරගාවලියේ දෙවන ශතක ලාභියා බවට පත්විය. මුවර්ස් සහ වරාය අතර තරගයේදී වරාය කණ්ඩායමේ සංඛ පූර්ණ ලකුණු 46කට කඩුලු පහක් දවා ප්‍රථම වරට කඩුලු පහක් ලබාගැනීමට සමත්විය. එහෙත් තරගයේ ජය අත්වූයේ මුවර්ස් කණ්ඩායමටය.

සී.සී.සී. – ටැමිල්

ටැමිල් යූනියන්ට කඩුලු 3ක ජයක්

සී.සී.සී. පන්දුවාර 50දී කඩුලු 6ට 214යි -(මළිඳු මදුරංග 49‚ පවන් රත්නායක 28‚ සොනල් දිනූෂ 26‚ චමිඳු විජේසිංහ 41*‚ රවිඳු ප්‍රනාන්දු 34/2 යි‚ ට්‍රිෂේන් වික්‍රමසිංහ 20/1)

ටැමිල් යූනියන් පන්දුවාර 40.1කදී කඩුලු 7ට 184යි – (නවෝද් පරණවිතාන 58, සුපුන් කවිද 24, රන්මිත් ජයසේන 20,සුවත් මෙන්ඩිස් 23/4)

හලාවත මේරියන්ස් – ලන්කන්ස්

ලන්කන්ස්ට ලකුණු 117ක ජයක්

ලන්කන්ස් පන්දුවාර 40.3දී 197යි.- (විශ්ව චතුරංග 55‚ සමන් කංනානංගේ 37‚ දමිත් සිල්වා 32‚ කසුන් අබේරත්න 41‚ ලසිත් කෲස්පුල්ලේ  20/4යි‚ ෂෙෂාන් සිල්වා 46/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 27දී ලකුණු 80යි – (රවින් යසස් 22, ෂෙෂාන් සිල්වා නොදැවී 12, දුනිත් වෙල්ලාලගේ 16/3, යසිරු රුද්‍රිගෝ 15/2)

බ්ලුම්ෆීල්ඩ්  කැන්ඩි කස්ටම්

බ්ලූම්ෆීල්ඩ්ට ලකුණු 27ක ජයක්

මෙම තරගයේදී දෙවැනියට පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් පිලට ඩක්වර්ත් ක්‍රමයට පන්දුවාර 34කදී ලකුණු 151ක ඉලක්ක්යක් ලැබුණු නමුත් ඔවුන් සියල්ල පන්දුවාර 30.3 කදී ලකුණු 123 කට සීමා විය.

බ්ලුම්ෆීල්ඩ් පන්දුවාර 46.5 කදී 182 යි – (නිපුන් හග්ගල්ල 48‚ විනුජ රන්පල් 26‚ දිලීප ජයලත් 18‚ ඉස්මත් ඉමේෂ් 5/2‚ මෙතුෂාන් තිළිණ 46/2‚ නුවන් මධුශංඛ 44/2)

කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 30.3දී 123යි – (තිමිර මල්ෂාන් 41, සසිත් මනුරංග 51, දිලීප ජයලත් 16/3, විනුජ රන්පුල් 11/2)

යුද හමුදාව පොලීසිය

යුද හමුදාවට ලකුණු 60ක ජයක්

වර්ෂාවෙන් බාධා ඇතිවීම මත තරගයේ දෙවැනියට පන්දුවට පහර දුන් පොලිස් පිලට ඩක්වර්ත් ක්‍රමයට ලකුණු 161ක ඉලක්කයක් හිමිවිය. එහෙත් නියමිත පන්දුවාර 24 දී පොලිස් පිලට රැස් කර ගත හැකි වූයේ කඩුලු 7ට ලකුණු 100 ක් පමණි.

යුදහමුදාව පන්දුවාර 34දී කඩුලු 9 කට 204 යි – (හරිත් ප්‍රනාන්දු 65‚ ගිහාන් කෝරලගේ 32‚ බිෂාන් මෙන්ඩිස් 20‚ පැතුම් කුමාර 22‚ ෂෙහාන් ප්‍රනාන්දු 19‚ මොහමඩ් ෆාහිම් 36/3‚ ඉනෝෂ් ගුණවර්ධන 31/2‚ නදීර බාලසූරිය 18/2)

පොලීසිය පන්දුවාර 24කදී කඩුලු 7ට 100යි – (චාරුක ජයතිලක 19, ලක්ෂිත අමරසේකර නොදැවී 15, හෂාන් සංදීප 22/2, මහේෂ් තීක්ෂණ 7/2)

රාගම – ගුවන් හමුදාව

ගුවන් හමුදාවට ලකුණු 12ක ජයක්

ගුවන් හමුදා පිල මෙම ඉලක්කය හඹා යෑමේදී 46 වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ බැවින් එහිදී ප්‍රථිපලය ලබා ගැනීම ඩක්වර්ත් ලුවිස් න්‍යාය දක්වා ඇදී ගියේය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ඒ වන විට ලබාගත යුතුව තිබූ ඉලක්කය බවට පත්ව තිබුණේ ලකුණු 164 ක ඉලක්කයක් නමුත් ඒ වන විටත් ගුවන් හමුදා පිල කඩුලු 7 කට ලකුණු 175 ක් ලබා සිටීම හේතුවෙන් රාගමට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවිය.

රාගම පන්දුවාර 43.1 කදී 185 යි – (රූපසිංහ 72‚ යොහාන් ලියනගේ 47‚ නිශාන් මධුශංඛ 14‚ මොවින් සුබසිංහ 36/3‚ රවිඳු සෙම්බුකුට්ටිගේ 25/3)

ගුවන් හමුදාව පන්දුවාර 46දී කඩුලු 7ට 175යි – (චාමික හේවගේ 32, අසාන් මල්ෂාන් 41, ෂෂික ප්‍රියමාල් 20, ඩෙලන් පීරිස් 21/3,ශෂික දුල්ෂාන් 22/2)

කෝල්ට්ස් – කලුතර නාගරික

කෝල්ට්ස් පිලට එක් කඩුල්ලක් ජයක්

මෙම තරගයේදී ඩක්වර්ත් ක්‍රමයට අනුව කෝල්ට්ස් පිලට පන්දුවාර 36කදී ලකුණු 160ක ඉලක්කයක් හිමිවුණු අතර එය පන්දුවාර 34 කුත් පන්දු 5 කදී කඩුලු 9 ක් දැවී සපුරා ගැනීමට කෝල්ට්ස් පිලට හැකියාව ලැබිණ.

කලුතර නාගරික පන්දුවාර 50 කදී කඩුලු 9 කට 205 යි – (රුවන් පීරිස් 50‚ ෂෙහාන් දිල්ෂාන් 34‚ ෂෙනාස් ප්‍රනාන්දු 25‚ මධුවින්ද සිරිවර්ධන 20‚ ලක්ෂාන් සසංග නොදැවී 20‚ නිපුන් රංසික 23/3‚ රොහාන් සංජය 47/3 )

කොල්ට්ස් පන්දුවාර 34.5කදී කඩුලු 9ට 160යි – (අවිශ්ක ප්‍රනාන්දු 58, හේෂාන් ධනුෂ්ක 39, නිපුන් මාලිංග 19, ළසිදු අරෝෂන 41/4, මදුවින්ද සිල්වා 21/2, සෙනාෂ් ප්‍රනාන්දු 35/2)

එස්.එස්.සී – ගාල්ල

එස්.එස්.සී ට ලකුණු 199ක ජයක්

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගය පන්දුවාර 25.4කට ලකුණු 266ක් ලබා ගත යුතු ලෙස පන්දුවාර සංඛ්‍යාව අඩුකැරිණි.

එස්.එස්.සී පන්දු වාර 50කදී කඩුලු 5ට 298යි – (නුවනිඳු ප්‍රනාන්දු 108, නිපුන් ධනංජය 32, අහන් සංචිත 22, අවිශ්ක පෙරේරා 19, කුෂාන් මධූෂ 56/2, රවිශ්ක විජේසිංහ 65/2)

ගාල්ල පන්දුවාර 25.4කදී කඩුලු 8කට 66යි – (පවන් සන්දේශ් 27,විනුර දුල්සර 13, කළණ පෙරේරා 22/4, දිලුම් තිලකරත්න 14/2)

බී.ආර්.සී – සෙබස්ටියනයිට්ස්

බී.ආර්.සී ට කඩුලු හතක ජයක්

ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට මේ තරගයේදී පන්දුවාර 36කදී ලකුණු 159ක් ලබාගත යුතු වන පරිදි අඩු කෙරුණු අතර එහිදී අවශ්‍ය ඉලක්කය පන්දුවාර 27.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී සපුරා ගැනීමට බී. ආර්. සී. පිල සමත්විය.

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 50දී කඩුලු 9ට 211යි – (සචින් ප්‍රනාන්දු 48, තරුෂ සමරවික්‍රම 26, සවිදු පීරිස් 26, දේවක පීරිස් 24, සන්සෙ ගුණතිලක 19, මලින්ද අභිෂේක් 54/3, නෙරංජන වන්නිආරච්චි 42/2)

බී.ආර්.සී පන්දුවාර 27.1කදී කඩුලු 3ට 160යි – (යේසිත් රූපසිංහ 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 53, හිරන්ත ජයසිංහ 31, කළණ සංදීප් 3/2)

නාවික හමුදාව – බදුරලිය

බදුරලියට ලකුණු 37ක ජයක්

බදුරලියට තරගයෙන් ජයඅත්වූයේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය.

නාවික හමුදාව පන්දුවාර 49කදී 188යි – (භාග්‍ය දිසානායක 76, ඉමේෂ් විරංග 29, ශලික් ප්‍රනාන්දු 52, මලින්ද ජයෝද් 34/4, අවිඳු තීක්ෂණ 37/2, තමිඳු වික්‍රමආරච්චි 33/2)

බදුරලිය පන්දුවාර 23.4කදී කඩුලු 4ට 125 – (නිසිත අභිලාෂ් 47, ෂෙරාන් ෆොන්සේකා 33, දුනිත් ජයතුංග 16යි, සමිත්රංග 19/2)

එන්.සී.සී – සරසන්ස්

එන්.සී.සී ට ලකුණු 87ක ජයක්

මෙම තරගය පන්දුවාර 29කදී ලකුණු 169ක් ලබාගත යුතු පරිදි අඩුකැරිණි.

එන්.සී.සී පන්දුවාර 50කදී කඩුලු 7ට 248යි – (දිනෙත් ජයකොඩි 78, කළණ විජේසිරි 50, හසිත බෝයගොඩ 28, වනුජ කුමාර නොදැවී 21,කවිඳු දිල්හාර 59/2)

සැරසන්ස් පන්දුවාර 29කදී කඩුලු 5ට 81යි – (නවිදු නිර්මාල් 30යි, කවිඳු දිල්හාර 15, ගිහාන් ඊබට් නොදැවී 14, චාමික ගුණසේකර 6/2, අෂේන් ඩැනියෙල් 18/2)

මුවර්ස් – වරාය අධිකාරිය

මුවර්ස්ට ලකුණ 94ක ජයග්‍රහණයක්

මුවර්ස් පන්දුවාර 50කදී කඩුලු 8කට ලකුණු 266යි – (මොහොමඩ් ෂමාෂ් 90, පසිඳු සූරියබණ්ඩාර 57, දිනුක දිල්ෂාන් 53, ජෙනී ෆ්ලෙමින් 31, සංඛපූර්ණ 46/5)

වරාය අධිකාරිය පන්දු වාර 47.1කදී 172යි – (රශ්මික මෙවන් 63, නවෝද්‍ය ඉමේෂ් 37,තෙමල් බණ්ඩාර 16, කවිෂ්ක අංජුල 28/3, ප්‍රවීන් ජයවික්‍රම 23/3)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee