slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2020
නිපුන්ගේ ශතකයෙන් එස්.එස්.සී. අපරාජිතව අවසන් 4 ට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසාන දිනයේදී (ඔක්තෝබර් 4) පිතිකරුවන් දෙදෙනෙකු ශතක දෙකක්ද පන්දු යවන්නන් දෙදෙනෙකු කඩුලු පහ බැගින් දවාලමින්ද දක්ෂතා දැක්වූහ.

මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පෙරමුණේ පසු වුණු එස්.එස්.සී කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පැවැති තරගයේදී  විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් පන්දු 117කට මුහුණදී හතරේ පහර හතක් සමග ලකුණු 100ක් ලබා ගනිමින් තම කණ්ඩායම අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට රැගෙන ගියේය.

තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය බවට පත්වූ මෙදිනදී නිපුන්ට අමතරව ගුවන් හමුදා පිලට එරෙහිව පැවැති තරගයේදී හලාවත මේරියන්ස් කණ්ඩායමේ සනෝජ් දර්ශික ශතකයක් ලබාගැනීමට සමත්විය.

බ්ලූම්ෆීල්ඩ් – එස්.එස්.සී තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ දිලීප ජයලත් ලකුණු 44කට කඩුලු 5ක්ද මීගමුව – රාගම අතර තරගයේදී මීගමුව කණ්ඩායමේ පැතුම් අකලංක ලකුණු 35කට කඩුලු පහක්ද දවා පන්දු යැවීමේදී කැපී පෙනෙන පන්දුයවන්නන් දෙදෙනා බවට පත්වූහ.

මෙදින පැවැති තරග අතර එන්. සී. සී. කණ්ඩායම පන්දුවාර 15.5 කදී ලකුණු 37 කට සීමා වීම කැපී පෙනිණ. කෝල්ට්ස් පිලට එරෙහිව පැවැති එම තරගයේදී එම පහසු ඉලක්කය හඹා ගිය අවිෂ්ක ප්‍රනාන්දු සහ ධනංජය ලක්ෂාන් පන්දුවාර 6.2 කදී කිසිවකු නොදැවී ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ.

එස්.එස්.සී – බ්ලුම්ෆීල්ඩ්

එස්.එස්.සී ට ලකුණු 67ක ජයක්

අවසන් සතිය වන තෙක් අර්ධ ශතක 3 ක් ද සමඟ මෙවර තරග වාරයේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පෙරමුණේ පසු වුණු එස්. එස්. සී. පිලේ නිපුන් ධනංජය මෙවර තරගවාරයේ තමන්ට අඩුව පැවැති ශතකයක අඩු පාඩුව බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව සපුරා ගැනීමට සමත්වූවේය. ඔහුට අමතරව මැද පෙළ පිතිකරු චමිඳු වික්‍රමසිංහ ලකුණු 54 ක් ලබා ගැනීමට සමත්විය.

ලකුණු 258 ක ඉලක්කයක් හඹා ගිය බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම වෙනුවෙන් විනුජ රන්පුල් නොදැවී ලකුණු 75 ක් ලබා ගත්තද එය තරග ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

එස්.එස්.සී.පන්දුවාර 50දී කඩුලු 9ට 257යි – (නිපුන් ධනංජය 100, චමිදු වික්‍රමසිංහ 53,ක්‍රිෂාන් සංජුල 27, විනුජ රන්පුල් 61/3, දිලීප ජයලත් 44/5)

බ්ලූම්ෆීල්ඩ් පන්දුවාර 50දී කඩුලු 7ට 190යි – (විනුජ රන්පුල් 75*, නිපුන් හග්ගල්ල 36, චනුල් අතුකෝරල 20, ලක්ෂිත මනසිංහ 46/2, කවිඳු නදීෂාන් 31/2)

සී.සී.සී – ගාල්ල

සී.සී.සී ට කඩුලු 7 ජයක්

සී.සී.සී මේ තරගයෙන් කඩුලු පහක ජයක් ලැබුවේ තවත් පන්දුවාර 25.1ක් ඉතිරිව තිබියදී පහසු ආකාරයටය. සී.සී.සී කණ්ඩායමේ සොනාල් දිනුෂ සහ මලිඳු මධුරංග මෙහිදී අර්ධ ශතක වාර්තා කළහ.

ගාල්ල පන්දුවාර 48කදී 181යි – (විනුර දුල්සර 70, කවිඳු එදිරවීර 32, පවන් සංදේශ් 18, පවන්ත වීරසිංහ 26/3, සුවත් මෙන්ඩිස් 28/2,)

සී.සී.සී පන්දුවාර 24.5කදී කඩුලු 3ට 185යි – (සොනාල් දිනූෂ නොදැවී 61, මලිඳු මධුරංග 50, කුෂාන් මධූෂ 51/3)

මීගමුව – රාගම

රාගමට කඩුල්ලක ජයක්

මෙම තරගය ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය රාගම ක්‍රීඩා සමාජය කඩුල්ලක ජයග්‍රහණයක් වාර්තා කරන ලද්දේ 50 වැනි පන්දුවාරයේ තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීය.

මීගමුව පන්දුවාර 49කදී 236යි – (දිමුත් සදරුවන් 56, කවිඳු නිර්මල 46, සවිඳු පෙරේරා 22, නිශාන් පීරිස් 22, ශෂීන් රශ්මිත 18, සංජුල බණ්ඩාර 33/3, ශෂික දුල්ෂාන් 47/3, නිපුන් කාංචන 43/2)

රාගම පන්දුවාර 49.5කදී කඩුලු 9ට 27යි – (මනීෂ රූපසිංහ 65, නුසාල් ධර්මරත්න 61, ජනිස්ක පෙරේරා 36, හසිත රාජපක්ෂ නොදැවී 22, සිතුම් අකිලංක 35/5, කවිඳු නිර්මාණ 52/2)

පානදුර – ලන්කන්

ලන්කන්ට කඩුලු 8ක ජයක්

ලන්කන් පහසුවෙන්ම ජයගත්තේ පන්දු වාර 35.3ක් ඉතිරිව තිබියදීය. ලන්කන් කණ්ඩායමේ විශ්ව චතුරංග විශිෂ්ට පිතිහරඹයක නියැළී ලකුණු 75ක් රැස් කළේය.

පානදුර පන්දුවාර 38.4කදී 127යි – (පසිඳු පැතුම් 20,නිපුන් දේශාන් 19, ගිමඳු මැල්කන් 19, කෞමාල් නානායක්කාර 18, යසිගු රුද්‍රිගෝ 16/3, දුනිත් වෙල්ලාලගේ 35/3, දමිත් සිල්වා 21/2)

ලන්කන් පන්දුවාර 14.3කදී කඩුලු 2ට 128යි – (විශ්ව චතුරංග 75, සමන් කංකානම්ගේ නොදැවී 33, ළහිරු දිල්ෂාන් නොදැවී 16, සසංක නිර්මාල් 8/1)

කැන්ඩි කස්ටම් – කුරුණෑගල යූත්

කුරුණෑගල යූත්ට කඩුලු 8ක ජයක්

කුරුණෑගල යූත් පන්දුවාර 25ක් ඉතිරිව තිබියදී කඩුලු 8ක පහසු ජයක් අත්කර ගත්තේය. කේෂාන් වන්නිආරච්චි නොදැවී අර්ධ ශතකයක් ලැබීය.

කැන්ඩි කස්ටම් පන්දුවාර 43.5කදී 109යි – (රශ්මික මධුශංඛ 37, මෙතුෂාන් තිළිණ 21, පසිඳු රාජමුනිද්‍ර 11, නිපුන් බණ්ඩාර 18/3, රුවින් පීරිස් 16/2, සෞම්‍ය ප්‍රභාෂ් 22/2)

කුරුණෑගල යූත් පන්දුවාර 25කදී කඩුලු 2ට 111යි – (කේෂාන් වන්නිආරච්චි නොදැවී 58, අසිත වන්නිනායක නොදැවී 40, ඉමේෂ් මධුශංක 15/1)

සෙබස්ටියනයිට්ස් – නුගේගොඩ

සෙබස්ටියන්ට්ස්ට ලකුණු 18 ජයක්

තියුණු තරගයකින් පසුව සෙබස්ටියනට්ස් ජයගත්තේ ලකුණු 18කිනි. නුගේගොඩ සාර්ථකව පසුපස හඹාගියත් නිපුන් ලක්ෂාන් සහ මුදිත ලක්ෂාන් දැවීයාමත් සමග ඔවුනගේ වෑයම අසාර්ථකවිණි.

සෙබස්ටියනයිට්ස් පන්දු වාර 48.3කදී 211යි (මළිඳු උත්පල 57, ළහිරු ප්‍රනාන්දු 44, රයන් ප්‍රනාන්දු 27, හර්ෂ ද සිල්වා 15, නිපුන් ලක්ෂාන් 34/3, මුදිත ලක්ෂාන් 37/3)

නුගේගොඩ පන්දුවාර 46.2කදී 193යි – (නිපුන් ලක්ෂාන් 53,අමිත දාබරේ 21, මුදිත ලක්ෂාන් 25, ප්‍රවීන් කුරේ 35/3, හංස ද සිල්වා 33/2,කළණ සංදීප් 46/2, තරුෂ ප්‍රනාන්දු 38/2)

හලාවත මේරියන්ස් – ගුවන් හමුදාව

මේරියන්සට ලකුණු 46ක ජයක්

හලාවත මේරියන්ස් කණ්ඩායමේ සනෝජ් දර්ශික මේ තරගයේදී නොදැවී ශතකයක් ලැබීම විශේෂම සිදුවීම විය.

හලාවත මේරියන්ස් පන්දු වාර 50කදී කඩුලු 7ට 261යි – (සනෝජ් දර්ශික නොදැවී 100, කමිඳු මෙන්ඩිස් 49, කවිඳු ඉරෝෂ් 32, කසුන් ඒකනායක 58/3)

ගුවන් හමුදාව පන්දුවාර 49.1කදී 215යි – (ෂබික් ඉෆ්තාරි 62, සුහංග විජේවර්ධන 58, අවිශ්ක ප්‍රනාන්දු 13, රමේෂ් ද සිල්වා 22/3, රවීන් යසස් 18/2)

යුදහමුදාව – බී.ආර්.සී

බී.ආර්.සී ට කඩුලු 4ක ජයක්

හිරන්ත ජයසිංහ සහ යේෂිත් රූපසිංහ බී.ආර්.සී ජයග්‍රහණයේ නියමුයෝ ලෙස ක්‍රියා කළහ.

යුද හමුදාව පන්දු වාර 38.1කදී 147 – (ෂෙහාන් ප්‍රනාන්දු 39, පැතුම් කුමාර 34, සමිත දිල්ෂාන් 22, හිරන්ත ජයසිංහ 23/4, කෙවින් කොත්තිගොඩ 44/3, සවිඳු උත්සර 13/2)

බී.ආර්.සී.පන්දුවාර 27.4 දී කඩුලු 6ට 150යි – (යේසිත් රූපසිංහ 52, මෝදිත රණතුංග 33, නිසල් ෆ්‍රැන්සිස්කෝ 18, මහේෂ් තීක්ෂණ 41/2, සෙහ ද සොයිසා 19/2)

මුවර්ස් – කලුතර

මුවර්ස්ට ලකුණු 12 ජයක්

තියුණු තරගයකින් පසුව මුවර්ස් ලකුණු 12ක ජයක් ලැබීය.

මුවර්ස් පන්දුවාර 38කදී 179යි – (කවිෂ්ක අංජුල 60, පසිඳු සූරියබණ්ඩාර 28, නික්හිල් ආදිත්‍ය 24,

ලක්ෂාන් සිල්වා 41/3,ළසිඳු අරෝෂනි 33/3, නිශාන් පෙරේරා 21/2)

කලුතර නාගරික පන්දුවාර 38කදී කඩුලු 9ට 167යි – (ළහිරු තඹවිට 39, ලසිත් අරෝෂ් 29, ලක්ෂාන් සිල්වා 22, නදීෂ වික්‍රමනායක 34/3, කවිශ්ක අංජුල 33/2)

එන්.සී.සී – කොල්ට්ස්

කොල්ට්ස්ට කඩුලු දහයක ජයක්

පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සීකණ්ඩායම ලකුණු 37කට දැවීගිය අතර මේ තරගාවලියේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව මෙයවේ. කණ්ඩායම් දෙකම පන්දුවට පහර දුන්නේ 22.1කට පමණි.

ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 38 කෝල්ට්ස් ලබාගත්තේ පන්දුවාර 6.2කදීය.

එන්.සී.සී පන්දුවාර 15.5කදී 37යි – (අෂේන් ඩැනියෙල් 09, චාමික ගුණසේකර 05, ධනංජය ලක්ෂාන් 9/4,නිපුන් රංසික 9/3,නිපුන් මාලිංග 11/2)

කෝල්ට්ස් පන්දු වාර 6.2කදී කිසිවෙකු නොදැවී 38යි – (අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 20, ධනංජය ලක්ෂාන් නොදැවී 15)

පොලීසිය – බදුරලිය

පොලිසියට බදුරලියෙන් ප්‍රහාරයක්

බදුරලිය කණ්ඩායම පන්දුවාර 21ක් ඉතිරිව තිබියදී කඩුලු පහක ජයක් ලැබීය. බදුරලිය කණ්ඩායමේ රසංජන සිල්වා සහ දුනිත් ජයතුංග ජයග්‍රහණය උදෙසා විශේෂ දක්ෂතා පෙන්වූහ.

පොලීසිය පන්දුවාර 31කදී කඩුලු 9ට 157යි – (ලක්ෂාන් රුද්‍රිගෝ 28, රෙසඳු තිලකරත්න 30,නිෂේන් මෙන්ඩිස් 16, ටෂික් පෙරේරා 16, රසාංජන සිල්වා 38/4, නිර්මල රත්නායක 15/2)

බදුරලිය පන්දුවාර 29කදී කඩලු 5ට 161- (දුනිත් ජයතුංග 56, රමේෂ් සිල්වා නොදැවී 40, අවිඳු තීක්ෂණ නොදැවී 21, නිමේෂ් මෙන්ඩිස් 38/2)

සරසන්ස් – වරාය අධිකාරිය

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ මේ තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත නොපැවැත්විණි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

USD United States (US) dollar