slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2020
රවිඳු ප්‍රනාන්දුගෙන් ශතකයක්; ශෂික දිල්ෂාන්, කණිෂ්ක හසිත කඩුලු පහ බැගින් දවාලති

Sri Lanka Cricket

            ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 23න් පහළ ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) පැවැති තරග කිහිපය අතුරින් ටැමිල් යූනියන් – කැන්ඩි කස්ටම් තරගයේදී ටැමිල් කණ්ඩායමේ රවිඳු ප්‍රනාන්දු ශතකයක් (107) ලබා ගනිමින් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි.

පන්දු යවන්නන් අතුරින් දක්ෂතා පෙන්වූ රාගම කණ්ඩායමේ ශෂික දිල්ෂාන් හලාවත මේරියන්ස් සමග ලකුණු 18කට කඩුලු පහක්ද, ටැමිල් කැන්ඩි කස්ටම් තරගයේදී ටැමිල් කණ්ඩායමේ කණිෂ්ක හසිත ලකුණු 12කට කඩුලු පහක්ද දවාලීමට සමත්වූහ.

රාගම, ටැමිල් යූනියන්,බදුරලිය,ගුවන් හමුදාව, නුගේගොඩ, කෝල්ට්ස්, එස්.එස්.සී, කලුතර මුවර්ස් සහ සෙබස්ටියනයිට්ස් කණ්ඩායම් මෙදින ජයග්‍රහණ අත්කර ගත්හ.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය මෙදින තරග කිහිපයකට බලපැවැත්වූ අතර මීගමුව – ලන්කන් සහ බ්ලූම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් තරග දෙකම නොපැවැත්වූයේ ක්‍රීඩාංගණයේ පෙදෙස් ජලය සහිත වීමෙන් පිටියේ අයහපත් තත්ත්වයන් මතය.

ටැමිල් – කැන්ඩි කස්ටම් | ටැමිල් යූනියන්ට 216ක ජයක්

ටැමිල් යුනියන් හයවන කඩුල්ලට රවිඳු ප්‍රනාන්දු සහ සමිඳු කොළඹගේ රැස් කළ ලකුණු සංඛ්‍යාව113 කි.

ටැමිල් යුනියන් පන්දුවාර 50කදි කඩුලු 7ට 284යි (රවිඳු ප්‍රනාන්දු 107,සමිඳු කොළඹගේ නොදැවී 44, සුපුන් කවිඳු 42, කමේෂ් නිමල් 40,නවෝද පරණවිතාන 22යි, හරිඳු ජයසේකර 39/3,නදීෂ් බණ්ඩාර 24/2)

කැන්ඩි කස්ටම් පන්දු වාර 23.5කදී 68යි (හරිඳු ජයසේකර 21, රශ්මික මධුශංඛ 10, නදීෂ් බණ්ඩාර 10, කණිෂ්ක හසිත 12/5, රවිඳු ප්‍රනාන්දු 24/2)

රාගම -හලාවත මේරියන්ස් | රාගමට ලකුණු 39ක ජයක්

හලාවත මේරියන්ස් ලකුණු 137ක ඉලක්කයක් හඹායද්දී රාගම කණ්ඩායමේ ශෂික දුල්ෂාන් ලකුණු 18කට කඩුලු පහක් දවාලීමෙන් මේරියන්ස් ඉනිම ලකුණු 147කට නිමාවිණි.

රාගම පන්දුවාර 50කදී 186 (නිශාන් මධුෂ්ක 53,ඩෙලන් පිරීස් නොදැවී 27,සංජුල බණ්ඩාර 23,හසිත රාජපක්ෂ 21,හසිත ප්‍රනාන්දු 27/3,දසුන් සෙනෙවිරත්න 35/2)

හලාවත මේරියන්ස් පන්දු වාර 43.2කදී 147යි (රවීන් යසස් 42, දසුන් සෙනෙවිරත්න 32, ශෂික දුල්ෂාන් 18/5, නිපුන් කාංචන 28/2)

යුධහමුදාව – බදුරලිය | බදුරලියට කඩුලු 5ක ජයක්

බදුරලිය කණ්ඩායමේ දුනිත් ජයතුංග නොදැවී ලකුණු 87ක් ලබා තම කණ්ඩායමට පහසු ජයග්‍රහණයකට මගපෑදීය. මේ තරගය සරේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

යුධහමුදාව පන්දුවාර 45.2කදී 181යි (ෂෙහාන් ප්‍රනාන්දු 45, හෙෂාන් හෙට්ටිආරච්චී 41,රිසිත සන්තූෂ් 20, නිර්මල රත්නායක 20/2, රුචිර කෝෂිත 33/2, මිතිර තෙනුවර 35/2, මලින්ද ජයෝද් 13/2)

බදුරලිය පන්දුවාර 47.1කදී කඩුලු 5ට 185යි (දුනිත් ජයතුංග නොදැවී 87, මිහිර තෙනුර 32, අවිඳු තීක්ෂණ 19, හෙෂාන් හෙට්ටිආරච්චි 32/2යි)

පානදුර – ගුවන් හමුදාව | ගුවන් හමුදාවට කඩුල්ලක ජයක්

ගුවන් හමුදා නායක ශෂික ප්‍රියමාල් තම ඉනිම අවසානයේ නොදැවී 31ක් ලබා හුදකලා සටනක නිරතව තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පානදුර පන්දුවාර 43.1කදී 182යි ( අෂාන් දිල්හාර 76,ජනිඳු ඉඳුවර 33,චමෝද් සඳරු 21 නුස්කි අන්මඩ් 47/3,ශෂික ප්‍රියමාල් 35/3)

ගුවන් හමුදාව පන්දුවාර 48.1කදී කඩුලු 9ට 183යි. (චාමික හේවගේ 34,ශෂික ප්‍රියමාල් නොදැවී 31,රවිඳු සෙම්බුකුට්ටිගේ 21, සඳරුවන් චින්තක 25, ෂබික් ඉෆ්තාරි 23, කෞමාල් නානායක්කාර 34/3, සසංක නිර්මාල් 38/3, නිපුන් දේශාන් 37/2)

නුගේගොඩ බී.ආර්.සී | නුගේගොඩට ලකුණු 23ක ජයක්

නුගේගොඩ කණ්ඩායමේ අමිත් දාබරේ මේ තරගයේදී තුන් ඉරියව්වේමදීම දක්ෂතා දැක්වීය)

නුගේගොඩ පන්දුවාර 48.4කදී 220යි (අභිශේක් ලියනආරච්චී 42,දමිත දාබරේ 37,විකුම් කල්හාර 28,සකුන ලියනගේ 22,මුදිත ලක්ෂාන් 21,සමිඳු උත්සර 33/3,කෙවින් කෙත්තිගොඩ 43/2,මලින්ද අභිෂේක් 33/2)

බී.ආර්.සී. පන්දු වාර 48.5කදී 197යි – (රමින්ද විජේසූරිය 42, ශෂික රත්නායක නොදැවී 33, නිසල් ෆ්‍රැන්සිස්කෝ 22, ළහිරු අත්තනායක 28, සවිඳු උත්සර 21, තෂික නිර්මාල් 45/3, අමිත් දාබරේ 23/2)

කොල්ට්ස් -සරසන්ස් | කෝල්ට්ස්ට 162ක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී කෝල්ට්ස් කණ්ඩායමේ දිල්ෂාන් මධුශංඛ ලකුණු 9කට කඩුලු 4ක් ද රොහාන් සංජය ලකුණු 15කට කඩුලු 3පක් දවාලීමෙන් සරසන්ස් ලකුණු 47කට දැවීගියහ.

කෝල්ට්ස් පන්දුවාර 48.3කදී 209යි (ධනංජය ලක්ෂාන් 88, ජෙහාන් ඩැනියෙල් 38, නිපුන් මාලිංග 21, ගිහාන් 17/3, කවික දිල්ෂාන් 57/2, කවිඳු දිල්හාර 43/2)

සරසන්ස් පන්දු වාර 18.3කදී 47යි (බිහංග මෙන්ඩිස් 13, සසංක නිර්මාල් 08, දිල්ෂාන් මධුශංඛ 9/4, රොහාන් සංජය 15/3, අමන්ත ගුණරත්න 5/2)

එස්.එස්.සී – සී.සී.සී | එස්.එස්.සී ට ලකුණු 51ක ජයක්

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී එස්.එස්.සී ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා 19න් පහළ හිටපු නායක නිපුන් ධනංජය නොදැවී ලබාගත් ලකුණු 84මත ඔවුනට ජයග්‍රහණයේ ප්‍රමාණවත් වන පරිදි ලකුණු 182ක් (පන්දුවාර 36) ලැබීමට අවස්ථාව ලැබිණි. තරගයේ වීරයා වුයේ නිපුන් ධනංජයයි.

එස්.එස්.සී පන්දුවාර 36කදී 182යි -(නිපුන් ධනංජය නොදැවී 84,අෂේන් බණ්ඩාර 57 රුවින් සෙනෙවිරත්න 19/2)

සී.සී.සී. පන්දුවාර 31.2කදී 131යි – (මළිඳු මනුරංග 34, බවන්ත වීරසිංහ 31, පවන් රත්නායක 22, සොනාල් දිනූෂ 19, ෂම්මු අෂාන් 22/3, කවිඳු නදීෂාන් 28/2, ලක්ෂිත මාරසිංහ 27/2)

වරාය – කලුතර නගර කණ්ඩායම | කලුතරට කඩුලු 2ක ජයක්

අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමාවූ මේ තරගයේදී කලුතර කණ්ඩායමේ ෂෙහාන් දිල්ෂාන් සහ ළසිඳු අරෝෂණ‍ කලුතර ජයග්‍රහණය උදෙසා වැඩි දායකත්වයක් ලබාදුන්හ.

වරාය පන්දුවාර 34කදී 127යි (දිල්හාර පොල්ගම්පල 52,කේසර නුවන්ත 21,අවිශ්ක තරිඳු 19,ළසිඳු අරෝෂණ 22/3,දනල් හේමානන්ද 20/2,ඉන්සක සිරිවර්ධන18/2, නිශාන් පෙරේරා 25/2)

කලුතර නගර කණ්ඩායම පන්දුවාර 32.4කදී 133යි (ෂෙහාන් දිල්ෂාන් 38, ලක්ෂාන් සසංග 25, දනාල් හේමන්ද නොදැවී 21, තෙමල් බණ්ඩාර 23/3, කවිඳු රිද්මාල් 24/2)

එන්.සී.සී. – මූවර්ස් | මුවර්ස්ට කඩුලු 3ක ජයක්

මුවර්ස් කණ්ඩායමේ කවිශ්ක අංජුල සහ ප්‍රවීන් ජයවික්‍රම තම කණ්ඩායමේ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් ලබාදුන්හ.

එන්.සී.සී. පන්දුවාර 22කදී කඩුලු 9ට 141යි (කෙවින්  අමරසිංහ 28, හසිත බෝයගොඩ 28, කමිල් මිෂාර 23, වනුජ කුමාර 26, ප්‍රවීන් ජයවික්‍රම 44/4, මාලිංග අමරසිංහ 16/2)

මුවර්ස් පන්දුවාර 18.4දී කඩුලු 7ට 143යි -(කවිශ්ක අංජුල 61,පසිඳු සූරියබණ්ඩාර 31, චාමික ගුණසේකර 32/2, මතීෂ පතිරණ 22/2)

නාවික හමුදාව – සෙබස්ටියනයිට්ස් | සෙබස්ටියනයිට්ස්ට කඩුලු 8ක ජයක්

සෙබස්ටියනයිට්ස් පහසු ජයග්‍රහණයක් ලැබුවේ පන්දුවාර 34.4ක් ඉතිරිව තිබියදීය.

නාවික හමුදාව පන්දුවාර 33කදී 72යි – (ශිවන් පෙරේරා 20, දමින්ද රොෂාන් 15, ශාලිත් ප්‍රනාන්දු 15, තරූෂ ප්‍රනාන්දු 19/3, කළණ සංදීප් 14/2, නදිත් මිශේන්ද්‍ර 14/2)

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 15.2කදී කඩුලු 2ට 73යි – (සසිත් ප්‍රනාන්දු 26, මළිඳු උත්පල 18, රයන් ප්‍රනාන්දු නොදැවී 20, සමිත රංග 9/1)

මීගමුව – ලන්කන් | (ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය (ජලය) මත තරගය නොපැවැත්විණි.

බ්ලූම්ෆීල්ඩ් – කුරුණෑගල යූත් | (ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය (ජලය) මත තරගය නොපැත්විණි.)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

USD United States (US) dollar