slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2020
අවසන් පූර්ව සටනේදී බදුරලිය-එස්.එස්.සී සහ ලන්කන් – කෝල්ට්ස් ගැටෙති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ නොසිතූ පෙරැළියක් සිදුකරමින් බදුරලිය ක්‍රීඩා සමාජය අවසන් කණ්ඩායම් 4 අතර හෙවත් අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලැබීමට සමත්විය. ඒ අනුව අදාළ අර්ධ අවසන් තරග වටයේදී බදුරලිය ක්‍රීඩා සමාජය එස්. එස්. සී. පිල සමගත් ලන්කන් ක්‍රීඩා සමාජය කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමගත් තරග වැදීමට නියමිතව සිටිති.

තරගාවලියේ 6 වැනි සතිය අවසන් වන තෙක්ම ඒ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටියේ යුද හමුදා කණ්ඩායම වූ නමුත්, දෙවැනි තරග වටයට සුදුසුකම් ලැබීමට ජයග්‍රහණය අනිවාර්ය වූ පොලිසියට එරෙහි තරගයේදී කඩුලු 5 ක ජයක් ලද බදුරලිය ක්‍රීඩා සමාජය ඒ කාණ්ඩයේ පෙරමුණට පැමිණෙමින් අවසන් 4 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලැබීය.

මේ අතර අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් අතර අවම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරමින් සුදුසුකම් ලබා සිටින්නේ බී කාණ්ඩය යටතේ තරග වැදි ලන්කන් ක්‍රීඩා සමාජයයි. ඔවුන් මූලික වටය යටතේ තරග වැදි තරග 5 න් 3 ක් ජයගනිමින් එම අවස්ථාව දිනා ගනිද්දී සී සහ ඩී කාණ්ඩ  යටතේ තරග වැදි කෝල්ට්ස් සහ එස්. එස්. සී. තරග වැදි සියළුම තරග ජය ගනිමින් අපරාජිතව අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබා සිටිති.

මෙම අර්ධ අවසන් තරග වටය ඔක්තෝම්බර් 07 වැනිදා පැවැත්වෙන අතර එහිදී එහිදී බදුරලිය – එස්. එස්. සී, සී. සී. සී. පිටියේදීද ලන්කන් සහ කෝල්ට්ස් එන්. සී. සී. පිටියේදීද තරග වදිනු ඇත. මෙම තරගාවලියේ අවසන් මහ තරගය ලබන 11 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.

Active filters

Recent Posts

  • අගෝස්තුවේ ICC ක්‍රීඩකයා සම්මානය සොනාල් දිනූෂට
    එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහ්මුද් අභිබවා යමින් අගෝස්තු මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මාසික ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ […]
  • විස්සයි-20 තරගාවලියේ 3-0 ක් ලෙස එංගලන්තය ජය ගනියි
    ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හි පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 124කට දවාගත් එංගලන්තය, එම ඉලක්කය පන්දුවාර 9යි පන්දු 4කදී කඩුල්ලක් පමණක් වැය කරමින් හඹා ගොස් විස්සයි-20 තරගාවලිය 3-0කින් අද […]
  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee