slc
Home   |    News
ඔක්තෝබර් 21, 2020
LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවෙ මෙහෙමයි

Sri Lanka Cricket

By Chamila Karawita

ලබන නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කර තිබේ. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම් කරන ලද සංචිතයෙන් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙසින් එක් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව සලසා දී තිබිණ.

එහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයින් 16 දෙනා, දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. විදේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකුට පමණක් එකවර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වන මෙම තරගාවලියේදී ක්‍රීඩකයින් තෝරා ගැනීම විශේෂිත වූ පටිපාටියකට අනුව සිදු කෙරිණ.

එහිදී මූලික වශයෙන් සෑම කණ්ඩායමකටම දේශීය සන්නාමික (Icon Player) හෙවත්රී දේශීය සුවිශේෂී ක්‍රීඩකයකු බැගින් නම් කොට කණ්ඩායම් වල නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. එම පත් කිරීම හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් 19 දෙනාම තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඒ ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු විය. කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් සංඛ්‍යාව බෙදී යා යුතු ආකාරය පිළිබඳව වූ පාටිපාටියට අනුව මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවිය.

ඒ අනුව සුවිශේෂී ක්‍රීඩකයා හැරුණු විට සමස්ථ සංචිතය තෝරා ගැනීම ප්‍රධාන කොටස් 7 කට බෙදා තිබූ අතර ඒ අතර ප්‍රධානම දෙස්/විදෙස් හෙවත් Marquee Overseas/Local ක්‍රීඩකයෙක්, ප්‍රධානම විදෙස් හෙවත් Marquee Overseas ක්‍රීඩකයෙක්, විදේශ ඉහළ (Gold Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ඉහළ (Gold Local) ක්‍රීඩකයින් 4 ක්, විදේශ ක්ලැසික් (Classic Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ක්ලැසික් (Classic Local) ක්‍රීඩකයින් 3 ක්, නැගී එන දේශීය (Emerging Local) ක්‍රීඩකයින් 2 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) ක්‍රීඩකයින් 4 ක් වශයෙන් සමන්විත වේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එහිදී විදේශ ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local)  යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ඉදිරිපත් කොට තිබුණි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest