slc
Home   |    News
ඔක්තෝබර් 20, 2020
Commander’s විස්සයි-20 දී ජාතික ක්‍රීඩකයින්ගේ දක්ෂතා කැපී පෙනෙයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වතාවට සංවිධානය කරන ලද Commander’s විස්සයි-20 ක්‍රිකට් අවසන් මහ තරගයේදී නදර්න් වොරියර්ස් පිල ලකුණු 09 කින් පරාජයට පත් කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු සදර්න් වොරියර්ස් පිල අභිනව ශූරතාව දිනා ගැනීමට සමත්විය.

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් චන්දිමාල්ගේ සදර්න් වොරියර්ස් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 159 ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙස සීකුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුතු නොදර්න් වොරියර්ස් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 19 කදී ලකුණු 150 ක් පමණි.

මූලික වටය යටතේ ජයග්‍රහණ 3 බැගින් වාර්තා කිරීමට කණ්ඩායම් 2 ම සමත්වී සිටීම නිසා ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අවසන් මහ තරගයක් පැවැති අතර එහිදී සදර්න් වොරියර්ස් පිල වෙනුවෙන් අසන්ත බස්නායක ලකුණු 47 ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

තීරණාත්මක අවසන් මහ තරගයේදී ලකුණු 19 කට දැවී ගියද සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබීමටය ශූරතා දිනූ සදර්න් වොරියර්ස් නායක දිනේෂ් චන්දිමාල් සමත්වූවේය. ඔහුට අමතරව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ලකුණු 29 ක් ලබා ගනිමින් ජයග්‍රහණය සඳහා වැඩි දායකත්වයක් දැක්වීය.

ප්‍රතිවාදී නොදර්න් වොරියර් පිල වෙනුවෙන් නායක සීකුගේ ලකුණු 49 ක් ලබා ගත්තද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. දසුන් ශානකද එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් ලකුණු 34 ක් ලබා ගන්නා ලද්දේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

පන්දු 23 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් වේගවත් ලකුණු 49 ක් රැස් කරන ලද නායක සීකුගේ කඩුල්ල ඇතුළු ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත්වූ දකුණත් පිට දඟ පන්දු යවන සුමින්ද ලක්ෂාන් අවසන් තරගයේ වීරයා බවට පත්විය.

මේ අතර සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලාභින් අතර ඉදිරියේ පසුවන පිතිකරුවන් 5 දෙනා සහ වැඩිම කඩුලු ලාභී පන්දු යවන්නන් අතර තිදෙනෙකුම ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්වීම කැපී පෙනෙයි. මෙහිදී වැඩිම කඩුලු ලාභීන් අතර තිසර පෙරේරා පෙරමුණට පැමිණෙමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest