slc
Home   |    News
නොවැම්බර් 28, 2020
කැන්ඩි ටස්කර්ස් පිට පිටම දෙවැනි පරාජයත් ලබයි

Sri Lanka Cricket

දසුන් ශානකගෙන් වේගවත් ඉනිමක්

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ වර්ෂාවෙන් බාධා පැමිණි පළමු තරගය බවට පත්වුණු දඹුල්ල වයිකිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම අද (28 දා) සමත්විය. ඒ අනුව කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් පරාජයට පත් වීම කැපී පෙනුණි.

කඩුලු 4 ක් දැවී ලකුණු 195 ක් ලබා දඹුල්ල පිතිකරුවන් ලබා දුන් ඉලක්කය හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන්ට වර්ෂාව හේතුවෙන් තරගය නිමා කරද්දී ජයග්‍රහණය සඳහා ලකුණු 88 ක් ලබාගත යුතු වුවත් ඒ වන විට ඔවුන් රැස්කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 84 ක් පමණි.

පළමුව පිටියට පිවිසි කුසල් පෙරේරා කළින්ම දැවී ගිය නමුත් පෙර තරගයේදී අර්ධ ශතකයක් ලද රාමනුල්ලා ගුර්බාස් පන්දු 18 කදී වේගවත් ලකුණු 30 ක් ලබා ගනිමින් ආරම්භය වේගවත් කළේය. පස්වැනි පන්දුවාරය වන තෙක්ම කැන්ඩි ටස්කර්ස් පිල ඉදිරියෙන් පසු වුවද මාලින්ද පුෂ්පකුමාර විසින් ගර්බාස්වද දවා ගැනීම නිසා තරගය යළිත් දෙපිළටම විවෘත විය.

එහෙත් සිය සටන අත් නොහළ කුසල් මෙන්ඩිස් කමිඳු මෙන්ඩිස් සමඟ එක්ව අවශ්‍ය වේගය රඳවා ගනිමින් පන්දුවට පහර දුන් නමුත් තරගය නතර කිරීමට පන්දු 6 කට පෙර ෂෙහාන් මධුශංකගේ පන්දුවකට එල්ල කරන ලද පහර මිඩ් විකට්හි පන්දු රැකි පුලින තරංග විසින් රැක ගැනීමත් සමඟ ටස්කර්ස් පිල අත තිබූ වාසිය දඹුල්ල වයිකිංග්ස් පිල උදුරා ගත්තේය.

මෙතෙක් පැවැති තරග 2 දීම දෙවැනියට පන්දුවට පහර දුන් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූ හෙයින් එහි වාසිය ලබා ගැනීමේ අරමුණු කොට කාසියේ වාසිය දිනූ කැන්ඩි ටස්කර්ස් නායක කුසල් පෙරේරා ප්‍රථමයෙන් පන්දු යැවීම තෝරා ගත්තේය.

පළමු පන්දුවාර 10 අවසනදී ලකුණු 70 ක් ලබා ලකුණු 150 සීමාව ඉක්මවා ලීමට තරම් දඹුල්ල වයිකිංග්ස් පිල අවධානම් තත්ත්වයක පසු වුවත් නායක දසුන් ශානක සහ සමිත් පටෙල් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ලකුණු 127 ක සම්බන්ධතාවය 200 ට ආසන්න ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව උදාවිය.

කඩුලු 2 කට ලකුණු 64 ක් දැවී සිටියදී පිටියට එක්වූ  දකුණත් පිතිකරු යුගලය එම සම්බන්ධතාවය සඳහා පන්දු 64 ක් පමණක් රැස් කළේය. එහිදී වැඩිම දායකත්වයක් දැක්වූ දසුන් පන්දු 37 කදී ලකුණු 73 ක් රැස් කරන ලද්දේ තම ඉනිම හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 කින් සරසා ගනිමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් පටෙල් ද පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 58 ක් ලබා ගත්තේය.

20 වැනි පන්දුවාරයේදී මොවුන් දෙදෙනාම දැවී ගිය නමුත් ඒ වන විටත් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට කළ යුතු අලාභය සිදුකර තිබුණේ අවසන් පන්දු වාර 10 දී ලකුණු 127 ක් ලකුණු පුවරුවට දායාද කරමිනි. එයට 18 වැනි පන්දුවාරය යවන ලද කවිෂ්ක අංජුලට එල්ල කරන ලද ලකුණු 22 ද අයත් විය. පන්දු යැවීමෙන් අසේල ගුණරත්න සහ නවීන් උල්හක් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත්වූහ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest