slc
Home   |    News
නොවැම්බර් 22, 2020
සියල්ලෝම හෙට පුහුණුවීම් අරඹති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota 

තව දින 4 කින් ආරම්භ වීමට නියමිත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියට ඉලක්ක කොට සියළුම කණ්ඩායම් හෙට (23 දා) දිනයේ සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ඇත.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරග සංචාරය ඉලක්ක කර ගනිමින් මහනුවරදී පැවැති දින 10 ක පුහුණු කඳවුර සහභාගිවුණු ක්‍රීඩකයින්ගෙන් 22 දෙනෙක් හැරුණු කොට අනෙක් ක්‍රීඩකයින් 18 දෙනාම අද (22 දා) පස්වරුවේදී කණ්ඩායම් නවා තැන් ගෙන සිටින ෂැන්ග්‍රිලා හෝටලය වෙත පැමිණි සිය කණ්ඩායම් වලට තම තමන් ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායම් වෙත විසිර ගියහ. ඒ ඇරුණු කොට හදිසි හේතු කොට ගෙන තරගාවලියෙන් ඉවත් වුණු විදෙස් ක්‍රීඩකයින් සඳහා වූ ආදේශක ක්‍රීඩකයින් සහ පෞද්ගලික හේතූන් මත ප්‍රමාද වී පැමිණෙන ක්‍රීඩකයින් අතළොස්සක් හැරුණු කොට සෙසු සියළුම ක්‍රීඩකයින් සහ කණ්ඩායම් නියෝජිතයින් මේ වන විටත් තරගාවලිය ජය ගැනීම සඳහා කඳවුර බැඳ තිබේ.

මෙතෙක් දිනක් ජෛව ආරක්ෂිත බුබුළු 5 කට වෙන්ව සිය කටයුතු කරගෙන ගිය කණ්ඩායම් නීරෝධායන කාල සීමාවේ හත්වැනි දිනය අද දිනෙන් අවසන් වුණු බැවින් සියළුම කණ්ඩායම් සුළු කාණ්ඩ වශයෙන් ශාරීරික යෝග්‍යතා ව්‍යායාම් වල සහ ඇඟ උණුසුම් කර ගැනීමේ ව්‍යායාම්වල නියැළෙනු දක්නට ලැබිණ.

ඒ සියල්ල අහවර වීමෙන් පසු කණ්ඩායම් කීපයක් තම තමන්ට රිසි ක්‍රීඩාවන් වළ නියැළෙනු දක්නට ලැබුණු අතර එහිදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයකටද, කැන්ඩි ටස්කර්ස් පිල පාපන්දු තරගවල සහ පන්දු රැකීමේ පුහුණුවීම් වලද, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කෙටි දුර දිවීමේ ව්‍යායාම් වලද නියැළුණහ.

මේ අතර අද දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සඳහන් කර සිටියේ කණ්ඩායමේ නායකයා කවුරුන්ද යන්න මේ වන තෙක් කණ්ඩායම් කළමනාකාරීත්වය නම් කිරීමට පියවර ගෙන නොමැති බවය. “නායකයකු තෝරා ගැනීම සඳහා අපේ සංචිතයේ විකල්ප ගණනාවක් තියෙනවා. එය කණ්ඩායමට ඉතාමත් හොඳ දෙයක්. නමුත් අපේ කණ්ඩායමේ නායකයා කවුරුන්ද කියලා අපි තාමත් තීරණය කරලා නෑ. ඇත්තටම මට අවශ්‍ය වෙලා තියෙන්නේ නායකයා පත් කිරීමට පෙර ක්‍රීඩකයින් සමඟ පුහුණු සංචිත කීපයක් පවත්වන්න”යි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ඔවයිස් ෂා සමඟ සිදුකරන ලද ප්‍රශ්න විමසීමක් මාධ්‍ය වෙත මුදා හරිමින් ඒ පිළිබඳව කරුණු අනාවරණය කරන ලදී. 

පුහුණුවීම් සිදු කිරීම විශේෂ සැලසුමකට අනුව සිදුකෙරෙන අතර එහිදී කණ්ඩායමකට තවත් කණ්ඩායමක් මුණ නොගැසෙන අන්දමින් එය ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව එක් වරකදී හෝ ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් තවත් කණ්ඩායමක් මුණ නොගැසෙනු ඇත. 

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest