slc
logo
Home   |    News
නොවැම්බර් 27, 2020
යාපනයේ අභීයෝගයට ගාල්ල කෙසේ මුහුණ දෙයිද…?

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

සුපිරි පන්දුවාරය දක්වා දීර්ඝ වී ගිය පළමු තරගයේ උණුසුමත් සමඟම ආකර්ශණීය තරගාවලියක පෙර නිමිති පහළ කරමින් ආරම්භ වුණු “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙවත්, ගෝල් ග්ලැඩියේටර් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර තරගය මෙම 27 වැනිදා රාත්‍රී තරගයක් ලෙසින් ප.ව. 7.30 ට ආරම්භ වේ.

ලොව අංක එකේ පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලීන් අතරට නොවැම්බර් 26 වැනිදා එක් වුණු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියළුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. ලකුණු පාරාදීසයක් බඳු හම්බන්තොට තණතීරුවේදී දෙපිළම සිය උපරිම දක්ෂතාවයෙන් යුතුව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව තරගය පිළිබඳව අදහස් දැක්වූ දෙපිළේම නායකයෝ පැවැසූහ.

ජැෆ්නා ස්ටැලියන්ස්

වරෙං මචං (වාඩා මචාං) යන දමිල අර්ථය රැගෙන මෙවර තරගාවලියට අවතීර්ණ වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම හුදෙක්ම යාපනයේ වෙසෙන දමිල ජාතිකයින්ගේ සහයෝගය අපේක්ෂාවෙන් හෙට තරගයේ සිට තරගාවලියට අවතීර්ණ වේ. ප්‍රවීන තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තිසර පෙරේරා පිළිබඳව මහත් බලාපොරොත්තු තබා සිටින ජැෆ්නා ස්ටැලියන්ස් පිලට තරග දිනවන්නන් ලෙසින් ජාතික කණ්ඩායමට එක්ව සිටින වනිඳු හසරංග ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන් සමන්විත වේ.

ඒ අතර ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 අංශ 3 ම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසින් ක්‍රීඩා කරන ධනංජය ද සිල්වා සහ ජාතික කණ්ඩායමේ වේග පන්දු බල ඇණියේ කොඳු නාරටිය බවට පත්ව සිටින සුරංග ලක්මාල් පසුවෙති.

දේශීය ශක්තීයන් වලට අමතරව සංචිතය සතු විදෙස් ක්‍රීඩකයින් ගෙන බැලුවද ජාත්‍යන්තරයේ හොඳින් තෙන්පරාදු වූ ක්‍රීඩකයින් 6 දෙනෙකු ජැෆ්නා ස්ටැලියන්ස් පිල සතු වේ. පාකිස්තානයේ ෂොයෙබ් මලික් සහ උස්මාන් ශින්වාරිද, දකුණු අප්‍රිකානු යුගලයක් වන කයිල් ඇබට් සහ ඩුවාන් ඔලිවර් සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමින් ජොන්සන් චාර්ල්ස්ද ඒ අතර වේ.

ජැෆ්නා ස්ටැලියන්ස් සතු දැවැන්තම ශක්තීන් දෙකකි. හොඳින් පන්දුවට පහර දෙන පිතිකරුවන්ට අවශ්‍ය විටෙක පන්දු යැවීමේ හැකියාව මෙන්ම හොඳින් පන්දු යැවිය හැකි ක්‍රීඩකයින්ට අවශ්‍ය විටෙක පන්දුවට පහර දීමේ හැකියාවකින් යුක්ත තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීමයි. එමෙන්ම කණ්ඩායමට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා කැඳවීමේදී තිදෙනක් ඉදිරි පෙළ වගකීමක් ගෙන පන්දුවට පහරදිය හැකි පිතිකරුවන් ලෙසින්ද අනෙක් තිදෙනා නම් දැරූ පන්දු යවන්නන් වශයෙන් තෝරා ගැනීම ඔවුන් සතු අනෙක් ශක්තිය වේ.

තිසර පෙරේරා

“ඇත්තටම කණ්ඩායමක් වශයෙන් ලොකු සූදානමකින් සිටිනවා. මොකද අපි මේ තරගාවලියට සූදානම් වෙන්න පටන් ගත්තේ මේ මාසෙ 12 වැනිදා ඉඳන්. එදා ඉඳන්ම අපි හොඳ සැලසුමකින් ඉන්නවා. ඒ අනුව මම හිතනවා මේ තරගාවලිය අපේ සියළුම ක්‍රීඩකයින්ට හොඳ අවස්ථාවක් කියලා ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න. මම හිතනවා පැවැති පුහුණු සැසි වලදී ඔවුන් හෙට තරගයට සඳහා අවශ්‍ය උපරිම දේ ගන්න ඇති කියලා”.

“ඇත්තටම අනිත්කණ්ඩායම් එක්ක බලද්දී නායකයා විදියට කිසිම කරදරයක් නැතුව කණ්ඩායම තෝරගන්න හැකියාව තියෙනවා. මොකද අපේ සියළුම පිතිකරුවන්ට පන්දු යවන්නත්, හොඳම පන්දු යවන්නන්ට බැට් කරන්නත් පුලුවන් නිසා. ඒක නිසා අපිට කණ්ඩායම් සංයුතිය ගැන කතා කරද්දීත් කණ්ඩායමක් තෝරද්දීත් ඉතාමත් ලේසි වෙනවා.

ජැෆ්නා ස්ටැලියන්ස් සංචිතය

දේශීය – තිසර පෙරේරා (නායක), වනිඳු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, විජයකාන්ත්  වියස්කාන්ත්, නුවනිඳු ප්‍රනාන්දු, කනකරත්නම් කපිල්රාජ්, තේවේන්ද්‍රයන් දිනෝෂන්, ප්‍රභාත් ජයසූරිය,

විදේශීය – ෂොයෙබ් මලික් (පාකිස්තානය), ජොන්සන් චාර්ල්ස් (බ.ඉ.කොදෙව්), උස්මාන් ශින්වාරි (පාකිස්තානය), කයිල් ඇබොට් (දකුණු අප්‍රිකාව), ටොම් මුවර්ස් (එංගලන්තය), ඩන්කන් ඔලිවර් (දකුණු අප්‍රිකාව)

ගෝල් ග්ලැඩියේටර්

මෙම තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් පිල සහභාගිවනු ලබන්නේ කණ්ඩායමේ නායකත්වය භාර ගැනීම සදහා මූලිකව නම් කරන ලද ක්‍රීඩකයින් දෙදෙනාම රහිතවය. වෘත්තීය මට්ටමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයක් නොමැති බව පවසමින් ලසිත් මාලිංග සමස්ථ තරගාවලියෙන් ඉවත් වුවූ අතර ඉන් පසු නායකත්වයට පත් ශහිඩ් අෆ්රිඩිටද ගුවන් යානය මඟ හැරීම හේතුවෙන්  පමා වී පැමිණියේය. එම තත්ත්වය මත කණ්ඩායමේ නායකයාගේ වගකීම තාවකාලිකව උප නායකයා ලෙසින් නම් කරන ලද භානුක රාජපක්ෂව නම් කරනු ලැබුවද අද තරගයට අෆ්රිඩි ක්‍රීඩා කළ හැකිද යන්න පිළිබඳව කළමනාකාරීත්වය දැඩි උනන්දුවකින් පසුවේ.

භානුක රාජපක්ෂ 

“හම්බන්තොට ආවට පස්සේ අපි පුහුණුවීම් සැසි 4 කට විතර සහභාගි වුණා. ඇත්තටම අපිට හොඳ සමබර කණ්ඩායමක් සිටිනවා. හොඳ ආරම්භයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අැත්තටම අපිට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ගේ අඩුවක් තියෙනවා. නමුත් අපේ කණ්ඩායම සමබරයි. ජ්‍යෙෂ්ඨ වගේම පොඩි කට්ටියත් විදෙස් අරගෙන බැලුවත් හොඳ සංකලනයක් තියෙනවා”

“අපේ ප්‍රතිවාදී ජැෆ්නා කණ්ඩායම ගත්තහම අපි ඔවුන් ගැන හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. අපි එයාලා සතු දේශීය මෙන්ම විදේශීය ශක්තීන් ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව අපි ඔවුන්ට එරෙහිව වන සැලසුමක් සකස් කරලා තියෙනවා. අපේ කණ්ඩායම ගොඩක් එකමුතුව ඉන්න කණ්ඩායමක්. ඒ තියෙන සුභදායක් දේවල් ඉස්සරහට දාලා අපි තරග ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා”.

ගෝල් ග්ලැඩියේටර් සංචිතය

දේශීය – භානුක රාජපක්ෂ, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ, දුවිඳු තිලකරත්න.

විදේශීය – ශහිඩ් අෆ්රිඩි (පාකිස්තානය), අශාන් අලී (පාකිස්තානය), චැඩ්වික් වෝල්ටන් (බ.ඉ.කොදෙව්), අසාම් ඛාන් (පාකිස්තානය), මොහොමඩ් අමීර් (පාකිස්තානය), හස්රාතුල්ලා සසායි (ඇෆ්ගනිස්තානය), වකාස් මක්සූඩ් (පාකිස්තානය), අබ්දූල් නසීර් (පාකිස්තානය)

විනිසුරුවන්

පිටියේ විනිසුරුවන් – ලින්ඩන් හැනිබල්, දීපාල් ගුණවර්ධන

තෙවැනි විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

සිව්වැනි විනිසුරු – කීර්ති බණ්ඩාර

තරග තීරක – වෙන්ඩල් ලැබ්‍රෝයි

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee