slc
Home   |    News
නොවැම්බර් 21, 2020
LPL දේශීය විකාශන අයිතිය ITN වෙත

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ අයි.පී.ජී. ආයතන එක්ව සංවිධානය කරනු ලබන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග් – 2020” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී සහ ගුවන් විදුලි විකාශන අයිතීන් අත්පත් කර ගැනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) සමත් වද්දී එහි ගෝලීය විකාශන අයිතිය ක්‍රීඩා විකාශන ආයතන වල දැවැන්තම ආයතනයක් වන ඉන්දියාවේ සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ආයතනය ලබාගෙන තිබේ.

මීට අමතරව යුරෝපය පුරා විකාශනය කිරීමේ අයිතිය තවත් දැවැන්ත විකාශන සමාගමක් වන ස්කයි ස්පෝර්ට්ස් ආයතනය හිමිකර ගනිද්දී පාකිස්තානය තුළ තරගාවලිය විකාශනය කිරීමේ අයිතිය ජියෝ සහ පී.ටී.වී. යන ආයතන දිනාගෙන තිබේ.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වා සිටින සෝනි පික්චර්ස් නෙට්වර්ක් සමාගමේ ක්‍රීඩා ව්‍යාපාර සම්බන්ධව ප්‍රධාන ආදායම් නිලධාරී සහ බෙදාහැරීම් ප්‍රධානී ලෙසින් කටයුතු කරන රාජේෂ් කවුල් මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විකාශන අයිතිය හිමි ආයතනය වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අපිට දීර්ඝ කාලීනව සම්බන්ධතාවයක් බෙදා ගනිමින් සිටිනවා. ඉන්දියාවට ප්‍රමාණවත් තරම් ක්‍රිකට් නැති නිසා ලංකා ප්‍රිමියර් ලීඝ් තරගාවලිය යනු හොඳ ක්‍රිකට් සන්නාමයක්. ආසියාවේ ක්‍රීඩකයින් රැසක් මේ තරගාවලියට එක්ව සිටින නිසා එය අපේ ක්‍රිකට් ගොනුවට ආකර්ශීණීය එකතු කිරීමක් වෙනවා. අපේ ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමුඛතම විකාශන ආයතනයක් වන අතර එය අපට විකාශනය කිරීමක් පමණක් නොව ක්‍රීඩාවට මිනිසුන් සමීප  කරවීමත් සිදු කරනවා. ඒ නිසා ඉන්දියාවේ සිටින අපගේ ප්‍රේක්ෂකයින්ටත් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හොඳම ක්‍රිකට් සන්නාමය රැගෙන එනු ඇති බවට අපි අතිශයින් සතුටට පත් වෙනවා” යනුවෙනි. 

දේශීය විකාශන අයිතිය හිමි ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයෙහි සභාපති සුදත් රෝහණ මහතා අදහස් දක්වමින්, ” ජාතියේ වර්ධනයට උපකාරී වීමේදී ක්‍රිකට් ක්‍රීඩාව කොටසක් වී තිබෙනවා. ඒ අනුව එහි හවුල්කරුවකු වීමට හැකිවීම, අප ආයතනයට ඉමහත් තෘප්තියක් ලබා දෙන්නක්” යි සඳහන් කර සිටියේය. 

“එල්.පී.එල්. තරගාවලියේ විකාශන හවුල්කරුවන් වන ස්කයි, සෝනි, ජියෝ සහ පී.ටී.වී. ආයතන තුළින් ලොව පුරා විසිරී සිටින මිලියන සංඛ්‍යාත රසිකයන්ට තරගාවලිය සමඟ සම්බන්ධ වීමට ගොඩක් උපකාරී වෙනවා” යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටි එල්.පී.එල්.හි තරගාවලි අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය. 

අභිනව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මෙම මස 26 වැනිදා සිට දෙසැම්බර් මස 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ දෙසැම්බර් 16 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගය ඇතුළු සමස්ථ තරගාවලිය තරග 23 කින් සමන්විත වේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest