slc
logo
Home   |    News
නොවැම්බර් 9, 2020
LPL විස්තර විචාරයට නම් දැරූ විචාරකයෝ එති

Sri Lanka Cricket

Updated: නොවැම්බර් මස 26 වැනිදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ලොව පුරා සජීවීව විකාශනය කිරීමේදී ඒ සඳහා ජාත්‍යන්තරයේ කීර්තිමත් නාමයක් දිනාගත් විස්තර විචාරකයින්ගෙන් සමන්විත මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට තරගාවලිය සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රිකට් සහ අයි.පී.ජී. ආයතන පියවර ගෙන තිබේ. 

සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත මෙම විස්තර විචාරක කමිටුවට ලොව ජනප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඔස්ට්‍රේලියානු ජාතික මයික් හෙයිස්මන් මහතා ඇතුළු ජාත්‍යන්තරයේ නම ගිය ශ්‍රී ලාංකික විස්තර විචාරකයින් දෙපළක් වන රොෂාන් අබේසිංහ සහ රසල් ආනල්ඩ් යන මහත්වරුද ඇතුළත් වෙති. 

ඔවුන්ට අමතරව පාකිස්තානයෙන් හිටපු නායකයකු  වූ ආරම්භක පිතිකරු අමීර් සොහෙයිල්, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ හිටපු ප්‍රවේගකාරී පිතිකරුවක් වන ඩැරන් ගංගා ද LPL තරගාවලි විස්තර විචාරක කමිටුවට ඇතුළත්ව සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee